Sunday, November 19, 2017

ගින්තොට සිදුවීම මෙසේය.

 උක්වත්තේ තරුණයෙක් (සිංහල) ගමන් ගත් මෝටර් සයිකලයක මුස්ලිම් තරුණයෙක් ගැටී ඇත. මේ මෝටර් සයිකලය පැදවූ තරුණයා රෝද දෙකෙන් යාමට වඩා තනි රෝදයෙන් යාමට කැමැත්ත දක්වන්නෙකි. මීට මාස කීපයකට පෙර රාත්‍රී කාලයේ අධික වේගයෙන් මෝටර් සයිකලය පදවා බුස්ස හමුදා කදවුරට ජලය ගෙන ආ බවුසරයක හැපී පිටුසස ගමන් ගත් තරුණයා මරණයට පත් වූ අතර මොහුද තුවාල ලබා ජීවිතය බේරා ගෙන ඇත. ඒ නිසා මේ සිද්ද්දියට පාදක වන මෝටර් සයිකලය පැදවූ තරුණයාගේ බයිකල් පැදවීම ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට වෙන අටුවා ටීකා අවශ්‍ය නැත.

අනෙක් අතින් ගත් කල ලොව කොතැනක මුස්ලිම් ජනපදයක් වේද ඒ සෑම තැනම පොදු මහා මාර්ගය තම ගෙමිදුල සේ භාවිතා කිරීම ඔවුන්ගේ අයිතියක් බවට පත් කරගෙන ඇත. ඒ කුමන කරුණ වුවද මෙහි සම්පුර්ණ වරද සිංහල තරුණයා අත බව පැවසිය යුතුමය.

මෙහිදී බයිසිකලය පැදවූ තරුණයා සහ බයිසිකලයේ වැදුණු තරුණයා අතර ගුටි බැට හුවමාරුවක් සිදුවී ඇත. ඉන් අනතුරුව මුස්ලිම් තරුණයාගේ සහායට ඔහුගේ පවුලේ අයද පැමිණ ඇති අතර පසුව සිංහල තරුණයාගේ පවුලේ අයද ගැටුමට සම්බන්ධවී ඇත. අනතුරුව දෙපිරිසේම නෑදැයින් මිත්‍රයින් යනාදී වශයෙන් පැතිර ගොස් ගම්මාන පිටින් ගැටුමට ඈදී ඇත.
ගින්තොට අවට කුරුදුවත්ත, මහ හපුගල ආදී මුස්ලිම් ජනපද හා උක්වත්ත, මොල්ලිගොඩ හපුගල හා ගින්තොට සිංහල ජනපද අතර වරින් වර ගැටුම් ඇතිවීම අනාදිමත් කාලයක සිට පවතී. ඒවා එතරම් දුරදිග නොයන ගැටුම්ය. නමුත් මෙවර මේ සිදුවීමත් සමග අවට ඇති සියලුම සිංහල හා මුස්ලිම් ගම්මාන සම්බන්ධ වී ඇත.

මම රාජපක්ෂ විරෝධියෙක් වුවද මේ කරුණ සදහන් කල යුතුමය. එනම් කරුණු නොදැන මේ පිටුපස දේශපාන හස්ත ක්‍රියාත්මක වීම ගැන සදහන් කිරීම සාවද්‍යය.

සිදුවීම දේපල හානි පමණක් ඇති කරමින් නිමාවට පත්වීම හුදු මහත් ජාතියේම වාසනාවකි. 1983 ජුලිය වෙලාවේදී හැසිරුණු ආකාරයට හා පසුගිය සමයේ අලුත්ගම සිදුවීම සිදුවූ අවසතාවේ මෙන් නොව ඥානාවිතව ක්‍රියා කල රජයටත් පොලීසියටත් ස්තුතිය හිමිවිය යුතුය. නමුත් මේ සිදුවීමත් සමග සමාජයේ සිංහල - මුස්ලිම් විරසකය තේරුම් ගැනීමත් ඒවාට වහ වහා පිළියම් නොයොදන්නේ නම් ඉදිරියේ දී මහා ව්‍යසනයක් ඇති වීම වලක්වා ගැනීම කල නොහැක්කක් වනු ඇත.

මරක්කල මිනිසුන් මුස්ලිම් වීමත් මුස්ලිම් සමාජය අන්තවාදයට තල්ලු කරමින් යන අන්තවාදී මුස්ලිම් සංවිධානත් ලොව පුරා පැතිර යන ඉස්ලාම් තස්ත්රවාදයත් මෙයට මුලිකවම වග කිව යුතුය. ලේ පිපාසිත සිංහල දේශපාලනික හා අන්තවාදී සංවිධානද ඒ සමගව මෙයට වගකිව යුතු වේ. නමුත් මා මතුකරන කරුණ නම් සිංහල සමාජයේ සිංහල අන්තවාදී කන්ඩායම් වලට එහෙහිව නැගෙන විරෝධය මුස්ලිම් සමාජයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව නොනැගෙන බවයි.

අප ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කතා කරන විට එය විවේචනය කරන සමහර අය පවසන්නේ ඒ විරෝධය ඉස්ලාම් සමාජෙයන් මතුවන තුරු සිටින ලෙස හා අපට එසේ කිරීමට අයිතියක් නොමැති බවයි. ඔවුන්ට කීමට ඇත්තේ මෙපමණයි " මහත්තුරුනි, ඔබ එසේ බලා සිටින්න එසේ සිටින අතර තුර සිංහල - මුස්ලිම් රුධිර ගංගාවකින් ලාංකේය මහ පොලොව තෙත් වනු ඇත. මට ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉල්ලීමට ඇත්තේ මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට සිංහල දෙමල මුස්ලිම් සියලු ම අන්තවාදයන්ට එරෙහිව වහ වහා සක්‍රීය වන ලෙසයි.

ඉන්දික අනුරාධ ගමගේ ෆේස් බුක් තබා ඇති සටහන

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...