දිගින් දිගටම මැතිවරණය කල් දැමීම හේතුවෙන් මැතිවණය කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දැඩි ලෙස නොසතුටට පත්ව ඇති බවක් වාර්තා වෙයි.
විවිධ දේශපාලන ගැටුම් නිසා මැතිවරණය කල් දැමීම සිදු වුවත් ජනතාව විසින් තමනට දිගට හරහට දොස් පැවරීම ගැන සභාපතිවරයා මෙසේ නොසතුටට පත්ව සිටින බවක් පැවසෙයි.
මෑත දිනෙක ඔහුගේ සමීපතයින් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදී ඔවුන්ද විමසා ඇත්තේ මැතිවරණය පවත්වනේනේ නැද්ද කියායි.
‘තියනවා.. තියනවා.. නැත්තෙ මොකද’ යයි සභාපතිවරයා පිලිතුරු දී ඇත.
‘එහෙම කිවුවත් ඔබතුමාට ඒක කරන්න පුළුවන්ද’ යයි හිතවතුන් පිරිස යලි ප‍්‍රශ්න කර ඇත.
‘එන අවුරුද්දේ නිදහස් දාට කලින් ඔය ඡුන්දෙ තියාගන්න බැරිවුනොත් මං මැතිවරණ කොමිසම ඉස්සරහ මහ පාරෙ මාධ්‍ය සාකච්චාවක් තියනවා.
අද නිදහස් දිනය වුනත් මේ රටේ කිසි නිදහසක් නෑ. මේ රට නිදහස් රටක් නොවෙයි කියල මං කියනවා.
ඔන්න බලං ඉන්න. මං කිවුවොත් කරනවා. කරනවාමයි’ යයිද සභාපතිවරයා උස් හඬින් පවසා ඇත.
No comments:
Post a Comment