Saturday, November 18, 2017

ගාල්ල ගිංතොට ජාතිවාදී කෝලාහලයේ සැබෑ පසුබිම


ගිංතොට ප්‍රදේශයේ සිංහල තරුණයෙකු විසින් අපරීක්ෂාකාරි ලෙසින් අධිවේගයෙන් ධාවනයවු රථයක මුස්ලිම් දැරිවියක් ගැටීමේ හේතුවෙන් ඇතිවු බහින්බස්වීම අවසානයේදී ජාතිවාදී කෝලාහලයක් දක්වා වර්ධනය වුණි.

එම අවස්ථාවේදී එම තරුණයා පරීක්ෂාකාරිව වාහනය පැදවුයේ නම් හෝ එම අනතුරට පත් දැරිවියගේ මුස්ලිම් ඥාතීන් ඉවසීමෙන් කටයුතු කර එම ප්‍රශ්ණය නිරාකරණය කිරීමට උත්සාහ කර තිබුණේ නම් හෝ මෙවන් අවාසනාවන්ත වාතාවරණයක් හටගැනීමේ අවස්ථාවක් වළක්වන්නට හැකියාව තිබුණි.

ඒ අනුව ඒ දෙපාර්ශ්වයේම නොඉවසිලිමත් හැසිරීමෙන් පරම්පරා ගණනක් සැබෑ සංහිදියාවෙන් ජීවත්වු ජනකොට්ඨාශයන් අතර දැන් අමනාපයක් වර්ධනය වෙන තැනට කටයුතු යෙදී තිබේ

ඒ වගේම වැරැද්දක් සිදකර එයට නීතිය මගින් කටයුතු කරනු ලබන අවස්ථාවක එයින් බේරීමට ජාතිවාදී ස්වරූපයක් එයට ආරෝපණය කිරීමේ වෑයමෙන් සිංහල හා මුස්ලිම් සමාජය වැළකි සිටිය යුතුය. මන්ද අපි සියල්ලන්ම නෑදෑයින් බැවිනි.

පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය.

ඊයේ, එනම් 17 වැනිදා රාත්‍රී කාලයේදී, බස්රථ සහ වෑන්රථ මගින් ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි, මුහුණු ආවරණය කරගත් ආගන්තුක පුද්ගලයන් පිරිසක් විසින් රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය සහ ගැමියන් පවසනවා. අලාභහානි ලැබූ බොහෝ නිවෙස් ව්‍යාපාරිකයන්ට අයත් ඒවායි.

අද (18 වැනිදා පාන්දර) වනවිට, ප්‍රධාන මාර්ගය පවතින්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මීට අමතරව, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 300කට ආසන්න පිරිසක් එම ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙනවා.

ගාල්ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව කතා පතුරවන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. ගාල්ල ප්‍රදේශයේ ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති අතර, ප්‍රදේශය සාමකාමී බවද පොලිසිය කියයි.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...