Thursday, November 30, 2017

2008-2014 බැඳුම්කර වංචා සොයනවා


අත්තනෝමතික තීන්දු තීරණවලට බැඳුම්කර නිකුතු සිදු කරලා

එය පිරමීඩ වංචාවකට සමානයි

තමන්ට කැමති ප්‍රාථමික ගැනුම්කරුවන්ට බැඳුම්කර ලබාදීම දිගින් දිගටම සිදුෙවලා

බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වූ වහාම 2008-2014 බැඳුම්කර නිකුතු මහා වංචා පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) ප්‍රකාශ කළේය. එම කාල සීමාවේ දී මුදල් මණ්ඩලයේ තීරණයක් නොමැතිව විනිවිද භාවයෙන් තොරව අත්තනෝමතික ලෙස තින්දු තීරණ ගනිමින් බැඳුම්කර නිකුතු සිදුකර ඇති බවත් එලෙස සිදුකර ඇති වංචාව පිරමිඩ වංචාවකට සමාන බවත් අගමැතිවරයා පැවසීය. පොලී අනුපාතයන් තීරණය කිරීමකින් තොරව තමන්ට කැමති ප්‍රාථමික ගැනුම් කරුවන්ට බැඳුම් කර ලබාදීමේ ක්‍රමවේදයක් දිගින් දිගමට සිදුවී ඇති බව පැවසූ අගමැතිවරයා මේ හේතුවෙන් මුදල් අවභාවිතයන් රැසක් සිදුව ඇති බවත් අවධාරණය කළේය.

වංචා සහගත බැඳුම්කර නිකුතුවලට අමතරව 2008-2014 කාලයේ පාර්ලිමේන්තුවට නොදන්වා ලබා ගත් ණය හා කොටස් වෙළෙදපොළේ සිදුවූ මහා වංචාවන් පිළිබඳවත් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා පැවසීය. එලෙස අත්තනෝමතිකව ණය ලබාගෙන ණය උගුලකට හසුවූ, නීතිය ක්‍රියාත්මක නොවූ, දූෂණයෙන් හා වංචාවෙන් පිරුණු හා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බියවැද්දුනු රටක් භාරගත් බව පැවසූ අගමැතිවරයා රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමය ඉන් පසුව ආරම්භ කළ බවත් සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...