Saturday, November 18, 2017

අගමැති ඉල්ලා අස්විය යුතු යැයි මඩ කැම්පේන් කළ ශිරාල්ගේ කුමන්ත්‍රණය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට යෑමට නියමිත ය. බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ
අගමැතිවරයා කොමිසම හමුවේ සාක්කි දීමට යෑමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන බවත්, නීතියට සියළු දෙනාම ගරු කළ යුතුය යන හැඟීම තහවුරු වනු ඇති බවත්, අගමැතිවරයාට එරෙහිව සතුරන් විසින් ගහන බැඳුම්කර මඩ තලියෙන් ගැලවීමට හැකි වනු ඇති බවයි.

ඒ එසේ වුවද අගමැතිවරයා කොමිසම හමුවට සාක්කි දීමට යෑමට ප්‍රථම අගමැතිවරයා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී යා යුතු යැයි අගමැතිවරයා සමග ජම්මාන්තර වෛරයකින් කටයුතු කරන, සිරිකොතට ගල් ගැසූ ශිරාල් ලක්තිලක නමැති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා විසින් ගෙන යනු ලබන මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් හෙලි වී තිබේ.

මෙහි ඇති ප්‍රථම සේයාරුවේ දැක්වෙන්නේ ඊට සාක්ෂි ය. ශිරාල් ලක්තිලක විසින් මීට පෙර ‘පුරවැසි බලයට‘ එරෙහිව ‘පුරවැසි සංවිධාන එකමුතුව‘ නමින් සංවිධානයක් ගොඩ නැගුවේ ය.

එහි ඉන්නේ ඔහුගේම හෙංචයියන් පිරිසක් මිස සැබෑ සංවිධාන කිසිවක් නැත. මෙකී ‘පුරවැසි සංවිධාන එකමුතුව‘ විසින් පසුගිය 13 වෙනිදා ලංකාවේ කොතැනකවත් පැවැත්වූයේ නැති මාධ්‍ය හමුවකදී අකලංක නමැති පුද්ගලයෙක් කීවා යයි කියා “අගමැති ඉල්ලා අස්වෙයි..?

“ මැයෙන් ව්‍යාජ පුවතක් ශිරාල් ලක්තිලක විසින් තමන්ගේ මඩ ප්‍රචාරය කරන වෙබ් අඩවි කිහිපයක් වෙත ඊ මේල් මගින් යවා තිබේ. එවැනි මාධ්‍ය හමුවක සේයාරුවක් හෝ එම ඊ මේලයේ සඳහන් නොවේ.

කෙසේ වෙතත් මෙම බොරු පුවත යවන ලද බොහෝ වෙබ් අඩවි එය ප්‍රචාරය නොකරන ලද්දේ වී නමුත් කුප්‍රකට ‘පරංගි ලේකම්‘ විසින් මෙහෙයවන වෙබ් අඩවි කිහිපයක එය ප්‍රචාරය කරන ලදී. එම මඩ ඊ මේලය ඔහුගේ පුද්ගලික ඊ මේලය කරා යවා ඇති බවද මෙහි ප්‍රථම සේයාරුවෙන් තහවුරු වේ.
මෙහි ඇති අපූරු සහගත විහිළුව මෙය නොවේ. ශිරාල් ලක්තිලක විසින් සඳහන් කරන අකලංක නමැති පුද්ගලයාගේ පුද්ගලික ෆේස් බුක් පිටුවේ තමන් විසින් පැවැත්වූ කිසිදු මාධ්‍ය හමුවක් ගැන සඳහනක් නොවීමයි. ඒ වෙනුවට ඇත්තේ තමන්ගෙන් පොතක් ඉල්ලාගෙන ගිය මිතුරෙකුට පොත ගෙනත් දෙන්නැයි කියා බැන වදින සටහනකි.

“ඕයි චරිත් ජයනෙත්ති මගේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ගෙනත් දීපංකො. තෝ මෙච්චර කල් පොත තියන් මක් කරනවද?“ යි අකලංක මිතුරාට බැන වැදී ඇතුවා මිස අගමැතිවරයා ගැන හෝ මාධ්‍ය හමුවක් ගැන හෝ කිසිදු සටහනක් තබා නැත. තමන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ නම් ඒ ගැන තම පුද්ගලික ෆේස් බුක් පිටුවේ සඳහන් නොකිරීම විශ්මය දනවන්නක් නොවේද? (දෙවන සේයාරුව)
සත්‍ය කියන වෙබ් අඩවි තහනම් කරන ජනාධිපතිවරයා සහ ඔහුගේ කල්ලිය අද ලංකාවේ අංක එකේ අන්තර්ජාල මඩකරියන් වී සිටින බව ශිරාල් ලක්තිලකලා, සංවිධානාත්මකව ‘අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි‘ ගැසූ මඩ ප්‍රචාරයෙන් අපූරුවට තහවුරු වේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...