Wednesday, November 15, 2017

ශෙරීන්ට 26 වසරකට පසුව මව මුණ ගැසුණු කතාව

ලන්ඩනයේ හිතෘ ගුවන් තොටුපොළෙන් ෂෙරී ඇචේසන් ලංකාවට පැමිණීමට ඊයේ යූ.එල්. 504 ගුවන් යානයට ගොඩවෙත්ම ඇයට එහි සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි. ඇය කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇය වෙත විශේෂ පිළිගැනීමක් සුදානම් කර තිබුණි.

ෂෙරී ඇචේසන් මට හුගාක් සතුටුයි. මම බලාපොරොතුවෙන් ඉන්නනේ මගේ අම්මාව දකින්න මගේ සහෝදරිය හමුවෙන්න ඔවුන්ගේ විස්තර දැනගන්න මගේ අම්මා මට ලබාදිපු ජිවිත තුළින් මම ලැබුනේ දේවල් ගැන ඔවුන්ට කියන්න 1991 පෙබරවාරි 28 වෙනිදා ෂෙරි ඇචේසන් උපත ලබා ඇත්තේ නිරෝෂිකා යන නාමයෙන් වන අතර ඉපිද දින 15 කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවලක් වෙත ලබාදි තිබෙනවා තමන්ට උපත දී දින 15 ක් හෝ ලේ කිරිකර දුන් ලංකාවේ අම්මා සොයා දෙන ලෙස නිව්ස්ෆස්ට් වෙත ෂෙරී ඇචේසන් ඉල්ලීමක් කළේ මීට සති කිහිපයකට පෙරයි.

ඇය මේ වනවිට එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රෙය් ප්‍රබල කාන්තාවන් 35 දෙනා අතරට අතුළත්ව සිටින අතර විශේෂ ව්‍යාපෘති රැසකට සිය දායකත්වය ලබා දී තිබේ. ඇය සතුව තිබූ උප්පැන්න සහිතය ඇතුළු අනෙකුත් ලියකියවිලි සඳහන් වූ තොරතුරු අසත්‍ය ඒවා වූ අතර නිව්ස්ෆස්ට් ඇගේ සැබෑ මව සොයා මෙහෙයුමක් ආරම්භ කළේ ඒ අනුවයි…

නිව්ස්ෆස්ට් කළ අනාවරණයෙන් පසු සොයා ගැනුණු ඩිංගිරි අම්මා නැමති කාන්තාවගේ DNA සමඟ ෂෙරී ඇචේසන්ගේ DNA සියයට 99 යි දශම 99 ක් සමාන බව බ්‍රිතාන්‍ය ඇල්ෆා බයෝ ලැබ් ආයතනය තහවුරු කළේය. දින 15 ක බිළිඳියක ලෙස සිය මව් උණුසුමෙන් මිදුණු ෂෙරී ඇචේසන් වසර 26 කට පසු යළි තම මව හමුවූ අවස්ථාව පහතින්…

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...