.
ආන්දෝලනාත්මක දිවි නැගුම කෙටුම්පත 2012 ජූලි 27 වන දින ගැසට් පත්‍රයෙහි පලවිය.
එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ ගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ සුපිරි අමාත්‍යවරයෙකු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම දිවිනැගුම කෙටුම්පත ගෙන ඒමේ අරමුණ විය.
සමෘද්ධි අධිකාරිය,දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය එකතු කරමින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමට එම කෙටුම්පත මගින් යෝජනා කර තිබිණි.
එම දෙපාර්තමේන්තුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට යටත් කිරීම එමගින් තවදුරටත් කියා සිටියේය.
එකී යෝජනාව සහිත කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් සතරදෙනෙකු විසින් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ අතර ඒවා 2012 අගෝ 27,28 දිනවල විභාගයට ගනු ලැබීය.
විනිසුරු මඩුල්ල ශිරාණි බණ්ඩාරනායක,ප්‍රියසත් ඩෙප් හා ඊවා වනසුන්දර යන මහත්මහත්මීන්ගෙන් සැදුම් ලද්දකි.
ශ්‍රේෂ්ඨාධිකරණය දිවිනැගුම කෙටුම්පත පළාත් සභාවලට යොමුකොට එහි අනුමැතිය ලබාගත යුතුබවට තීන්දුවක් ලබා දුන්නේය.
2012 නොවැම්බර් 01 දින එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් 117ක ගේ අත්සනින් යුතු දෝෂාභියෝගයක් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව චමල් රාජපක්ෂ කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගය හරහා කල සියළු චෝදනා ප්‍රතික්ෂේප කලාය.
2013 ජනවාරි මස දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර ඉන් දින කිහිපයකට පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් පහකරනු ලැබුවේය.
මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන වුවමනා එපාකම් වලට එරෙහි වූ අගවිනිසුරුවරියෙන් පළිගත්තේ එසේය.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග්‍රවිනිශ්චයකාර ධුරයෙන් පහකරනු ලැබීම විදේශීයව ලංකාව අපකීර්තිමත් තත්වයකට හෙලූ සිද්ධියකි.
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කල උද්ඝෝෂණයකට ද එවකට ආණ්ඩුව විසින් මැරයින් ලවා පහර දුන්නේය.
බැඳුම්කර නිකුතුව ගැන ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය මත මුදල් අමාත්‍ය ධූරයෙන් රවී කරුණානායක ඉල්ලා අස්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවේ කැඳවීමක් නොලබාම පෙනීසිටියේ ය.
එදත් අදත් ඇති වෙනස අහසට පොළව මෙන්ය.
No comments:
Post a Comment