Wednesday, November 29, 2017

කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද-- හිටපු ICTA ලොක්කා ඉඟි කරයි.


කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි.

රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා ප්‍රශ්න කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.

ඔහුගේ ෆේස්බුක් සටහන..

“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”
මුහුන්දන් මහතා පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.

මුහුන්දන් මහතා වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.

එකල ඔහු පැවසුවේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයිග

කෝටි දහසක සංඛ්‍යාත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත නිසි ක්‍රමවේදයට පිටින් ලබාදීම හරහා කෝටි 300 ක් රජයට අහිමි කර ඇතැයි දිගින් දිගටම විටින් විට චෝදනා නැගුවත් මෙලෙස සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කර අභියෝග කිරීම සුවිශේෂී කාරණයකි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...