Monday, November 6, 2017

ඉතාලියේ බීමත්ව රිය පැදවීම යනු අපරාධ නඩුවක් පැවරිය හැකි වරදකි

බීමත්ව රිය පැදවීම යනු, ඉතාලි නීති පද්ධතියේ මාර්ග නීති සංග්‍රහයේ 186 සහ 187 යන වගන්තිවලට අනුකූලව අපරාධ නඩුවක් පැවරිය හැකි වරදකි.
අපරාධ නීතිය නොහොත් දණ්ඩ නීතිය අන් නීතිවලින් වෙනස් වනුයේ එය උල්ලංඝනය වීමකට භාජනය වූ විට අපරාධ නීතිය මඟින් අපරාධකරු මත පමුණුවන ලද ප්‍රතිඵලය ඉතා ප්‍රබල එකක් වන බැවිනි.
වෙනස්කම් මාලාවක් සමඟ 2008 ජූලි මස 24 වැනි දින අංක 125 දරණ පනතින් සහ 2010 ජුලි 29 වැනි දින අංක 120 දරණ පනතින්, නියමිත සම්බාධක තරමක් දැඩි විය.
මෙම පණත අනුව මධ්‍යසාර අනුපාතය:

1.ලේ ලීටරයකට මත්පැන් මට්ටම 0.5 සිට 0.8 දක්වා නම් දඩයකට හා දඩුවමකට යටත් වේ: €532 සිට €2127 දක්වා දඩයක් සහ රියදුරු බලපත්‍රය මාස තුනත් හයත් අතර කාලයකට අත්හිටුවීම;

2.ලේ ලීටරයකට මත්පැන් මට්ටම 0.8 සිට 1.5 අතර නම් දඩය , €800 සිට €3200 දක්වා , සහ මාස හයක සිරදඩුවම්ද, රියදුරු බලපත්රය මාස හය සිට වසරක් දක්වා අත්හිටුවීම;

3.ලේ ලීටරයකට මත්පැන් මට්ටම 1.5 වඩා වැඩි තහවුරු වුවහොත්, දඩය €1,500ත් €6,000ත් අතර වනු ඇත. අවුරුදු එකේ සිට දෙක දක්වා සිර දඩුවම්ද මාස හය සිට අවුරුද්දක රියදුරැ බලපත්‍රය අත්හිටුවීම සිදු වේ;

මීට අමතරව බීමත්ව රිය පැදවූ පුද්ගලයා වාහනය අයිතිකරැ නොවන්නේ නම් රිය පැදවූ තැනැත්තාගේ රියදුරැ බලපත්‍රය වසර දෙකේ සිට හතර දක්වා කාලයක් අත්හිටවනු ඇත.
මෙම වරද අවුරුදු දෙකක් ඇතුලත දෙවතාවක් සිදු කළහොත්, රියදුරු බලපත්‍රය සදහටම අවලංගු කරනු ලැබේ.
එමෙන්ම බීමත්ව රිය පදවා සිදුවන අනතුරකින් යම් කෙනෙකු මරනයට පත්වුවහොත් ලැබෙන දඩුවම දෙගුන වේ.
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න...
39 388 6279735
Nimthera - නිම්තෙර

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...