Tuesday, November 28, 2017

ගෝඨාට එරෙහි නිතිමය කටයුතුවලට අතුරු තහනමක්


ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ලබන 6 දින දක්වා මෙය වලංගුවන අතර  අදාළ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අද (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඊයේ දිනයේ කියා සිටියේ මේ පිළිබඳව අද දිනයේ තීන්දුවක් ලබා දෙන බවයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවයි.

ඒ සඳහා පොදු දේපල පනත යටතේ සහතිකයක් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.

මෙය මුළුමනින්ම සිවිල් ගණුදෙණුවක් බවද රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතිඥවරයා ඊයේ දිනයේ සඳහන් කළේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...