Saturday, November 18, 2017

ලංකාවේ අපරාධ රැල්ල මැඩලීමට ඇමති සාගලට හෝ පොලිස්පතිට හැකියාවක් නැද්ද ?


යහපාලනය දඩමීමා කරගෙන දිනපතාම රටේ අපරාධ රැල්ල ඉහල යමින් තිබේ. යහපාලන් ආණ්ඩුවේ නොහැකියාව මොනවට ඔප්පු කරමින් සාගල රත්නායක වැනි අයකුට පොලිසිය භාර දීම තුලින් පසුගිය රජය සමයේ විශාල මරධනයකට ලක්ව තිබු පාතාලය දැන් දැන් අහිංසක් කුඩා ළමයින් පවා මරමින් ඇරියස් අල්ලමින් සිටී.

ඒත් මේ තත්වය මර්ධනයට වහාම පියවර ගන්නවා වෙනුවට පොලිස්පති වරයා බොධි පුජා පවත්වන්න පොලිස් නිලධාරිනට උප්දෙස් දීම සිනහව දනවන කරුනකි. පාතාලය මුලුමනින්ම සාමාන්‍ය පොලිස් නිලධාරින්ට කිසිදු භයක් නොමති බවත් තවත් සමහර ඉහල හා පහළ නිලධාරින් පාතාලේ මුදලින් ජිවත්වන අය නිසාත් පාතාලය මර්ධනයට පොලිස් විශේෂ කාර්‍ය්ය බලකාය යෙදවිය යුතු බව අප මිට ඉහතදීත් රජයට පෙන්න දුනි.

මේ වනවිට දිනකට මිනිමැරුම් 6 -8 අතර ගන්නකට ඉහළ ගොස් ඇත. ඒ වගේම උතුරේ ජනජිවිතයද ඉතාම භයානක ආකාරයකට ලක්ව ඇත. පොලිස්පති වරයා වහාම උතුරට පොලිස් විශේෂ කාර්‍ය්ය බලකාය යොදවා ආවා නඩය මුලුමනින්ම උගුල්ලා දැමිය යුතුය.

සාගල ඇමතිවරයාට තිබෙන හොදම දේ ඔය විෂයට ඉතාම හොදම කෙනා පිල්ඩ් මාෂල් ෆෝන්සේකාට භාරදී රනිල් අගමැතිගේ නම්බුවත් රටේ ජන්තාවගේ ජිවිතත් රැක දීමට වග බලා ගැනීමය. එසේ නොමතිව උතුරේ තත්වය තවත් බරපතල වීමට ඉඩ හැරියහොත් අදුරු යුගයකට අත වැනීමක් වනවා සහතිකය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...