Friday, November 17, 2017

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන වෛද්‍ය සංගමය විරෝධය පායි

පොදු වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදු කලහොත් ජාතික වැටුප් ප්‍රතිපත්තියේ විෂමතාවයක් හා විකෘතියක් ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ අදහස් පලකලේ අද පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් පලකල ඒ මහතා පෙන්වා දුන්නේ 2006 වසරේ සිට ජාතික වැටුප් ප්‍රතිපත්තිය නිසා වැටුප් විෂමතා ඇතිව තිබුනද සාමාන්‍ය ආකාරයෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට හැකිවූ බවයි.

අයවැයෙන් යෝජනා කරන පරිදි පොදු වැටුප් ක්‍රමයක් අටතේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කලහොත් රාජ්‍ය සේවය වියවුලෙන් වියවුලට පත්වෙන බවද හෙතම අවධාරණය කලේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...