Tuesday, November 14, 2017

විධායක ජනාධිපතිකම එපාද නැද්ද?

මේ බලන්න රාජ්‍යයේ බලය යම් තනි පුද්ගලයෙකු වෙත කැටිවී ගොඩගැසී ඇති භයානක ආකාරය..

ශ්‍රීලංකා රාජ්‍යයේ විධායක ජනාධිපතිවරයා/ට

රාජ්‍යයේ නායකයා
ඇමති මණ්ඩලයේ ප්‍රධානියා
ත්‍රිවිධ හමුදාවල ප්‍රධානියා
සේනාධිනායකයා
ආණ්ඩුවේ නායකයා
තම දේශපාලන පක්ෂයේ සභාපති
නීතිපති - අගවිනිසුරු පත්කිරීමේ නිශේධ බලය හිමියි
අමාත්‍ය ධූරයන් ද දරයි.
අමාත්‍ය මණ්ඩලය විසිරී ගියද ධුරකාලය නිමවනාතුරු ධූරයේ සිටී.
අමාත්‍යවරු සංඛ්‍යාව, විෂයපථයන් පවා තීරණය කරයි.
ඕනෑම විෂයක් ඕනෑම විටකතමන් වෙත පවරා ගත හැකි ය.
තානාපති නිලධාරීන් හා අනෙක් ප්‍රොටෝකෝලයේ නිලධාරීන් පත් කිරීමේ නිශේධ බලය ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන අයටද වෙනත් නම් වලින් විෂයන් පැවරිය හැකිය .
යුද්ධය හෝ සාමය ප්‍රකාශ කළ හැකිය.
හදිසි තත්වයක් ප්‍රකාශ කළ හැකිය.
පවුලේ අයට ඉහළ රාජ්‍ය තනතුරු දිය හැකිය.

මේ සියල්ලක අනුත්තර අධිකාරීවාදී බලය තනි අතක පවතින පුද්ගලයෙකු අතිශය භයානක ය.

නමුත් ඉල ඇදෙන උත්ප්‍රාසය වූකලී එක් රටක එහෙව් ජනපතිවරයකු යම් බහුජාතික සමාගමකට අයත් පැණිබීම පැකට්ටුවක් අතේ කරකවමින් එයට බනිමින්,රවමින් ,ගොරව ගොරවා පුප්පමින් එය එපා එපා .....එපාමයි හත්තිලව්වේ යන්න මොරදෙමින් ද නොනැවතී.. රට වටේ එය රැගෙන යන බව අසන්නට ලැබී මෙම සටහන තබන්නේ බිම පෙරළි පෙරළී සිනහවෙමිනි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...