Sunday, November 26, 2017

ඇදිවත නැති ” මම ” ජනපති මෛත්‍රිපාල සිරිසේන


2015 ජනවාරි 08 වනදින ශ්‍රි ලංකික යුක්ති ගරුක පුරවැසියා විසින් ජනාධිපති දුරය රාජපක්ෂ ගෙන් ඉවත් කොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේම මහලේකම් මෛත්‍රිපාල සිරිසේන වෙත දුන්නේ රටේ පොදු යහපත උදෙසාය.
ශ්‍රි ලංකාවේ විශාලතම තනි පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රි පොදු අපෙක්ෂක කලයුතු බවට යොජනාව ගෙනා මුල්ම දිනයේ එම යෝජනාව කෘතයාධිකාරි මංඩලයට යොමුකල විටම එම යොජනාවට මුලින්ම එක හෙලාම විරුද්ධව කතා කලේ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායකය.

මෙහිදි දිර්ඝ ලෙසට කරුණු කියු තිස්ස අත්තනායක බිම්මට්ටමේ පාක්ෂිකයාගේ හදගැස්ම ගැන දිගින් දිගටම කරුණු ගෙනහැර පෑමම එදා රනිල්ගේ සෙවනැල්ල මෙන් සිටි තිස්සව ඉතාම ඉක්මනින් එ.ජා.ප යෙන් පිටත් කරරිමට රවි කරුණානායක, මලික්, වැනි දේශපාලන ව්‍යාපාරිකයන්ට මහගු පිටු වහලක් විය.

තිස්ස වැනි කුඩාකලේ පටන් තම ජිවිතය පක්ෂය කරගත් අයකු කල ලොකුම අපරාධය තම පක්ෂයේම නායකයා ජනපති අපෙක්ෂක කලයුතු යැයි කිමය. තමා වෙනුවෙන් ඉන්න තම මහලේකම් එලියට දමා “කැපුවත් ඇගේ දුවන්නේ නිල්පාට ලේ ” යැයි පුරසාරම් දොඩවන්නකු පොදු අපේක්ෂකයා කිරීමෙන් තාමාටත් තම පක්ෂයටත් ඉදිරියේ අනතුරක් වේදැයි රනිල් එදා නොහිතුවත් දැන් එවන්නක් සිතා ඇති ඵලකුත් නැතිය.

මෛත්‍රි ජනාධිපති වුයේ ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයාගේ දැඩ් වෛරයත් සමගය. මෛත්‍රි කිසිම පක්ෂයකට බැදි කටයුතු නොකරන බවට දිවුරා පොරොන්දුවු තවත් මෙරට බිහිවු ජනතාව බොරුකාර කාලක්න්නි නායකයෙකි.

මොහුව කරේ තබාගෙන මාකට් කරන්න ගෙයපු චන්ද්‍රිකා වරෙක සොභිත නායක හිමියන්ගේ ප්‍රශ්ණයකට පිලිතුරු දුන්නේ
” ඔබ වහන්සේ මාව විශ්වාස කරන්න කිසිදවසක මෙතුමා අපේ පක්ෂයවත් ,තවත් පක්ෂයක්වත් වැලද ගැනීමක් නොකර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කොට නිර්පාක්ෂික වි අපේ රටේ අහිංසක මිනිසුන්ගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න මෙතුමා කටයුතු කරාවි “

මෙහෙම කිවුව මෙහෙම හිතුව මෛත්‍රි දින 100 නොව ජනාධිපතිකම ගත්තගමන්ම ඔහුගේ පුද්ගලික න්‍යාය පත්‍රයේ පිටු පෙරලිමට පටන් ගත්තේ ඇගට නොදනිවය.

අඩුම තරමින් තමාව ජනතාවට ඕනි කියන පණිවිඩය ජනතාවගේ හදවත් තුල කිදා බැස්වු සමස්ථ ලංකාවාසින්ගේ ගෞරවා දරයට පත් සෝභිතනාහිමිට වසබීමට ප්‍රසිද්ධියේම වස පෙන්නු පාහරයව දේශපාලනයෙන් පන්න දමනවා වෙනුවට උන්ව ඉබතුරුලු කර ගැනීමය.

මෙයින්ම මම ඉන්නේ හොරු සමග අමු හෙලුවෙන් උබලාට ඔනිනන් මගේ අධෝමුඛයම බලපල්ලායැයි අගනා පණිවිඩයක් ජනතාවට මෛත්‍රි දුන්නෝය.

වසර අටක් බල්ලන් සමග ලැග්ග මොහුගේ ඇගේ මැක්කන් නොව ලෙඔඉ උරා බොන කිනිතුල්ලන් ද සිටින බව තවත් නොබෝ දිනකින්ම යහපාලන් ජන්තාවට මනාව දැක ගත හැකි වනවා ඇත. දැන් චතුරිකාට තමාගේ දෙවනි පොත ලිවිය හැකිය ඊට කදිම මාතෘකාව “ඇදිවත නැති අපේ තාත්තා ” මේ පොත එලිදකවන් දින වනවිට වත් අඩුම තරමින් ඇදිවතින් සිටීමට ජනපති කටයුතු කෙරෙත්වායි අපි ප්‍රාර්ථනා කරමු.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...