Saturday, November 25, 2017

බැසිල්ගේ ඇමරිකානු පුරවැසිභාවය මෙන්න


මිස්ටර් ටෙන් ප්‍රසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 8 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටින් පැනගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ දේශප්‍රේමී ඇමරිකානු පුරවැසිභාවය පිළිබද හෙළිදරව් කිරීමට අප තීරණය කළෙමු.

හිටපු ජනපති සොයුරන් වන ගෝටාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයන් බව මාධ්‍යය විසින් මිට පෙරද හෙළි කර තිබුණි.නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එරට පුරවසිභාවයද තබාගෙන බැසිල් විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවද නියෝජනය කළේය.

අද වන විට දේශප්‍රේමී ලේබලය අලවාගෙන සිටින බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු වීම කෙතරම් නින්දා සහගතද?බැසිල් රාජපක්ෂ හට ඇමරිකාව තම මාතෘ භුමිය වැනිය.ඔහුට සහ ගොටාභයට ඇමරිකාවේ දේපලද බොහොමයකි.

මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.

එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත.

2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ, පුෂ්පා රාජපක්ෂ නමින් Fontana හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි එක් නිවසක්ද වශයෙනි. එම කාලයේ Fontana හි පුෂ්පා රාජපක්ෂගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.

බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවයට කදිම නිදසුන වන්නේ ඔහුගේ ගමන් බලපත්‍රයයි.ඔහුගේ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් නොවන අතර එය ඇමරිකානු ගමන් බලපත්‍රයකි.එය පහතින්.




No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...