Monday, November 13, 2017

කාවින්ද ජයවර්ධනට ජා ඇල ජනතාව හූ කියා පන්නා දමයි.



ඊයේ(12) දින ජා ඇල ප්‍රදේශයේ කාවින්ද ජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් එජාපයේ රැස්වීමක් පැවැත්වුවා. මේ සඳහා එජාපයේ ප්‍රභල සාමාජිකයන් කැඳවා තිබුනද ජා ඇල ප්‍රදේශයේ සංවිධායක වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා හට ආරාධනා නොකොට තිබුණි. ජෝෂප් මහතාගෙන් ගිලිහෙන ආසන සංවිධායක ධුරය කාවින්ද මහතා ලබා ගැනීමේ යටි අරමුණකින් කටයුතු කරන අතර මේ සඳහා රවී කරුණානායක මහතාගේ සහාය ද නොඅඩුව ලැබේ. කෙසේ හෝ කාවින්ද ජයවර්ධන මහතා මුලිකත්වයෙන් රැස්වීම පැවතියද ජා ඇල ප්‍රදේශයේ ජනතාව නම් කාවින්ද මහතා වෙත එතරම් සුභදායක නොවන අයුරින් හැසිරී ඇත. අප වාර්තාකරු පවසා සිටියේ ප්‍රදේශයේ ප්‍රදේශයේ ජනතාව කාවින්දට දිගට හරහට හූ කියූ බවත් එම හූ හඬ මැදින් කාවින්ද ජයවර්ධන මහතා අතුරුදහන් වූ බවත්ය. ජා ඇල ජනතාව පවසන්නේ ජෝෂප් මයිකල් පෙරේරා යනු පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු පක්ෂයේ ජේෂ්ඨ පුද්ගලයෙක් බවයි. එමෙන්ම බැදුම්කර සිද්දියට අදාලව එජාපය දේශපාලනික වශයෙන් පහතට වැටි ඇති බවත් බැදුම්කරයට නමගිය පුද්ගලයන් වෙත ගමේ ජනතාවගේ නොසතුට මෙන්ම අමනාපයක්ද පවතින බවයි. පසුගියදා බැදුම්කර මගඩියට අදාල, එයට සම්බන්ධ දේශපාලුවන් 43 දෙනා සමග සිදු වූ දුරකථන සංවාද වල හඩ පටයන් ප්‍රධාන ස්ථානයක මොහු සිටින බවද හෙළි වී ඇත. කෙසේ හෝ අවසානයේ සිදුවුයේ කාවින්ද ජයවර්ධන මහතා කාටත් නොකියාම හූ හඬ අතරින් පලා යාමටයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...