Sunday, November 26, 2017

ජනපති මෛත‍්‍රී හිටපු ජනපති මහින්ද හමුවූ බව තහවුරු කරයි.රහස් හමුවේ තොරතුරු මෙන්න


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර හමුවක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර තිබේ.

ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු පවසා ඇත්තේ පසුගිය අඟහරුවාදා ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් සිව්නමක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට යන බවට පැතිර ගිය පුවත ගැන කරුණු විමසීමට නායක හිමිවරුන් ජනාධිපතිවරයා මුණගැසී ඇත. මෙම භික්ෂු නියෝජිත පිරිසට ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමියෝද, ඇල්ලේ ගුණවංශ හිමියෝද, ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, කොටපොල අමරකිත්ති හිමියන් සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝද ඇතුළත් වූහ.

මෙම සාකච්ඡාව යන අතරතුර මතුවූ ප්‍රශ්න සම්බන්ධයෙන් නායක හිමිවරුන්ට කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා තමන් සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පසුගියදා සිදුවූ බව ප්‍රකාශ කර ඇත. එහිදී ශ්‍රී.ල.නි.ප. අනාගතය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා සමග දීර්ඝ සුහද කතාබහක් පැවැත්වූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එහෙත් එම කතාබහේ තොරතුරු ජනාධිපතිවරයා නායක හිමිවරුන් වෙත දැනුම් දී නැත.

මහින්ද මෛත්‍රි හමුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව ඇතැයි වාර්තා වන අතර එය ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නිවසේ පැවති බව පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා ගණනාවකින් ඉඟිකර තිබිණි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...