Monday, November 27, 2017

මෛත්‍රීව ජනාධිපති කළේ මහින්ද?


මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වන දින පැවැති ජනාධිපතිවරන පොදු අපෙක්ෂකයා කර ඔහුව ජනධිපතිධුරයට පත් කිරීම මහින්ද රජපක්ෂගේ සැලසුම් සහගත කුමන්ත්‍රනය්කද යන සැකය මේ වන විට දේශපාලන ක්ෂෙත්‍රයේ කතා බහට ලක් වෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නියමිත කාලයට කලින් එය කැඳවූයේ ඉදිරි දේශපලන හා ආර්ථික අර්බුදයන්ට මුහුණ දීගත නොහැකිවය. ආවොත් ආවා ගියොත් ගියා මට්ටමේ තියුණු දේශපාලන මොහොතක විපක්ෂයේ අපේක්ෂක ධුරය තමාට මෙල්ල කළ හැකි පුද්ගලයකුට හිමිකර දී ඕනෑම ප්‍රතිපළයක් ඉවසාගෙන සිටීමට රාජපක්ෂවරුගේ සැලසුම වූ බවට දැන් මත පලවෙමින් තිබේ..

පසුගිය දෙවසර තුල එජාපයේ නායකත්වය විසින් මෙරට කෙරෙහි තිබූ අවදානම් සහගත දේශපාලන හා ආර්ථිකමය තත්වයන් මේවන විට පාලනය කර තිබෙන බැවින් දැන් යළිත් රාජ්‍යයෙ බලය ඇල්ලීම සඳහා රාජපක්ෂවරු කටයුතු කරමින් තිබේ.ජනධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන හැසිරුණේ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිය මුල් කොට ගෙනය. ගොඨාබය රාජපක්ෂට එරෙහිව තිබෙන චෝදනාවලට අදාලව විමර්ශන අවසන් කෙරී නඩු පැවැරීම සඳහා සියලු කටයුතු සූදානම් කොට තිබුණද ඒ ජනාධිපතිවරයා විසින් වලක්වමින් තිබීම මෙයට ආසන්න උදහරණයකි.

එමෙන්ම එජාපා විරෝධය හීන් නූලෙන් ක්‍රියත්මක කළ අතර මේ වන විට එජාපායට එරෙහිව ප්‍රසිද්ධියේ සටනට මෛත්‍රීපාල පැමිණ තිබේ. තමන් බලයට පැමිණියේ එජාපයේ හා මෙරට ප්‍රගතිශීලී කොටස් වල ඡන්දයෙන් බවත්..එහිදී පොරොන්දු වූ උස් අරමුණු සියල්ල මේ වන විට ජනාධිපතිවරයා විසින් අමතක කර දමා තිබේ.

එළඹෙන පළාත්පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟ එකතුව තරග කිරීමට ගෙන තිබෙන පියවර අනුව මේ දේශපාලන කුමන්ත්‍රණය ගැන තිබූ සැක සංකා ඉවත් කිරීමකි.

ලබන දෙසැම්බරයේදී එජාපය හා වූ ජාතික ආණ්ඩු ගිවිසුම අහොසි වන අතර යළි එම ගිවිසුම දීර්ග නොකිරීමටද ශ්‍රීලනිපය තින්දුවක් ගෙන තිබේ. එසේම පසුගීයදා මහින්ද රාජපක්ෂා ප්‍රකාශ කර තිබුණේ ‘ අපේ ජනාධිපතිව අපි බලා ගන්නම්’ යනුවෙනි. දැන් බළලා මල්ලෙන් එළියට පැන තිබෙන බව පැහැදිලිය.

              අපේ ජනාධිපති ගැන අපි බලාගන්න සූදානම්'- මහින්ද(පිලිතුරු video)




No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...