Monday, November 27, 2017

නවසීලන්ත ජනතාව අපේ රටේ සිටින සමහරක් ජනතාවට ආදර්ශයක් නොවේද?


 නවසීලන්තයේ දැනට වසර හතක් පමණ පදිංචි දැනට රෝගී තත්වයෙන් පසුවන දිනේෂා අමරසිංහ , ඇයගේ ස්වාමිපුරුෂයා වන සැම් විජේරත්න සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා වීසා බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් නවසීලන්තයෙන් ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව දක්වමින් පසුගියදා නවසීලන්ත මාධ්‍ය මෙන් විදෙස් මාධ්‍ය ඇතුළු විවිද වෙබ් අඩවි හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්ථා කර තිබුනා.

ඔවුන් එනමි දිනේෂා අමරසිංහත් සෑමි විඡේරත්නත් නවසීලන්තය බලා ගියේ ආර්ථික අසීරැතාවලින් ගොඩ ඒමටත් සිය දරැවන්ට මනා අධ්‍යාපනයක් ලබාදීමටත් ඒකායන බලාපොරොත්තුවෙනි. ඔවුන් නවසීලන්තයට ගොස් දැන් වසර 8කි. ඔවුනට පිලිවෙලින් වයස 8 ,10 ක් සහ 11 වියැති පිරිමි දරැවෝ තිදෙනෙකි. නමුත් ඔවුනගේ දෛවය එතරමි කාරැණික නැත. මීට වසර 3 කට පෙර ඇදෙන් පවා බැසිය නොහැකි තරමට දිනේෂා රෝගාතුර විය.

ඔහුට නවසීලන්තයේදී සොයායාගතහැකි රැකියාව වුයේ කුලී රියදුරෙක් වීම පමනි. ඉදින් ඔහු ටැක්සි රියදුරෙක් විය.. ඔහු හමිබකරන මුදල දිනේෂාට වැය කල පසු ඉතිරිවන්නේ සොචිචමකි. ඒ ඉතිරිය ඔහු බඩට හරිහමන් නොකා නොබී දරැවනගේ අධ්‍යාපනය සදහා යොදවයි. දිනේෂාගේ වෛද්‍ය ගාස්තු වලට පමණක් ඔහු ඇමෙරිකන් ඩොලර් 25,000 ක් සෙවිය යුතුය. .හෙණ ගෙඩිය පාත් වුයේ එවිටය. ඔවුන්ගේ විසා ඒවනවිට කල් ඉකුත් වි හෝ නෛතික ගැටලුවක් මතුකර ඇති හෙයින් දින 28 ක් ඇතුලත ඔවුනට නවසීලන්තයෙන් පිටවෙන ලෙසට එරට අධිකරනය නියෝග කර ඇත.

එහෙත් දිනේෂාලාගේ පවුල ක්වින්ස්ටවුන්හි මිනිසුන් ආදරය කරන පවුලක් බවට මෙි වසර 8 තුල පෙරලී තිබිම දිනේෂාලාට මද අස්වැසිල්ලක් ලබා දී ඇත.ඔවුන් වෙනුවෙන් ක්වින්ස්ටවුමෙි නගර වාසීන්, පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයා, පාසැලේ ගුරැවරැන් සහ සමාඡ සේවා සංවිධාන එකතුව මානුෂික පැත්තකින් මෙය නැවත සලකා බලන ලෙස අභියාචනයකරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරපත් කර ඇත. එහි තීන්දුව කුමක් වුවත් තවත් මාස 6 ක් නවසීලන්තයේ ඔවුනට රැදී සිටීමට හැකිවන අතර කිසිදු වෘත්තියක් කිරීමට හෝ දරැවන් පාසැල් යැවීමට එතෙක් ඔවුනට තහනමිය .
මීට විරෝධය පලකරමින් ක්විස්ටවුමෙි මිනිසුන් පාර්ලිමෙින්තු මන්ත්‍රී හමීෂ් වෝකර්ද කැටුව පාරට බැස ඇත. ඔවුන් මග දිගට දිනේෂා සමග කදුලු සලමින් ගිය බව ඩෙිලි මිරර් වෙබි අඩවිය වාර්තා කරයි.
Baskets of Blessings සංවිධානයේ ටැමි ශෘෘමන් මහත්මිය මෙසේ කියා ඇත.


මෙය මනුෂ්‍යත්වය පිළිබද කාරණාවකි. දිනේෂා රෝගියෙකි. ඇයට අවශ්‍ය බෙහෙත් ලංකාවෙි නැත. ඔවුනගේ දරැවෝ හැදුනේ වැඩුනේ නවසීලන්තයේය. ඔවුහු ශ්‍රි ලංකාවෙි භාෂාව නෙදනිත්. ‘‘ මෙය දරැවන් වෘකයන් වෙත යැවුවා හා සමානය “‘
ක්ලූතා සවුත්ලන්ඩි පාර්ලිමෙින්තු මන්ත්‍රී හමීෂ් වෝකර්


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...