Wednesday, November 22, 2017

තරුණයෝ ලක්ෂ 13ක් කසිප්පු බොති


ශ්‍රී ලංකාවේ අවුරුදු 20ට වැඩි හැටඅට ලක්ෂයක් වූ පිරිමින්ගෙන් දහතුන් ලක්ෂ හතළිස් දහසක්ම කසිප්පු පානය කරන බවට නවතම පර්යේෂණයකින් හෙළි කරගත් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවැසීය.

එය ප්‍රතිශතයක් ලෙස 20ක් බවද ඔහු කීවේය. සෑම පළාතක්ම ආවරණය වන පරිදි රාජ්‍ය සංඛ්‍යා‍ලේඛන දත්තත් කසිප්පු පානය කරන අයගේ තොරතුරුත් අනුව මෙම පර්යේෂණය කර තිබේ.

මේ අනුව ඉහත සංඛ්‍යාවෙන් කසිප්පු පමණක් පානය කරන අය ලක්ෂ හතරක් පමණ වන බවද කසිප්පු සමග බියර්, රා, අරක්කු වැනි වෙනත් මත්පැන් පානය කරන පිරිස නව ලක්ෂ හතළිස් දාහක් පමණ වන බවද හෙතෙම පැවැසීය.
මෙම පර්යේෂණයට අනුව ලංකාවේ මුළු මත්පැන් වෙළෙඳ‍පොළේ අලෙවි වන ලීටර් ප්‍රමාණයෙන් සියයට හතළිස් නවයක්ම කසිප්පු බවද කථිකාචාර්යවරු පැවැසීය. කසිප්පු පානය කරන පිරිසෙන් වැඩිම වයස් කාණ්ඩය වන්නේ අවුරුදු හතළිහේ සිට හැට දක්වා කාණ්ඩය වුවත් බොහෝ විට වයස අවුරුදු පනහෙන් පසු වයස් කාණ්ඩයේ කසිප්පු පානයේ අඩුවක් දක්නට ලැබෙන්නේ විවිධ රෝගාබාධවලින් ඔවුන් මිය යාමෙන් යැයි උපකල්පනය කළ හැකි බවත් හෙතෙම පැවැසීය.

කසිප්පුවලට හුරු වූ පිරිස ඊට අඩු සැර ඇති මත්පැන් වර්ගයකට හුරුවීම යහපත් බවත් මෑතකාලීනව වැඩි පිරිසක් කසිප්පුවලට හුරු වීමට හේතුව නීත්‍යනුකූල මත්පැන් මිල ඉහළ යාම බවත් පෙන්වා දෙන කථිකාචාර්ය දුනුසිංහ මහතා තමන්ගේ මෙම පර්යේෂණයේ ප්‍රතිඵලයන් ආණ්ඩුව බියර් මිල අඩු කිරීමත් අතර සම්බන්ධතාවක් නැතැයිද පැවැසීය.
තමන්ගේ මෙම පර්යේෂණයේ අරමුණ ලංකාවේ නීති විරෝධී මත්පැන් වෙළෙඳ‍පොළ හා ආර්ථික පිරිවැය ගණනය කිරීම බවත් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් රාජ්‍ය අංශයෙන්ද නිතර මෙවැනි පර්යේෂණ කළ යුතු බව යයිද දුනුසිංහ මහතා අවධාරණ කළේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...