Saturday, November 11, 2017

බොහෝ ස්වාමීන් වහන්සේලා ගිහියන්ටත් වඩා සුඛෝපභෝගී ජීවිත ගතකරයි




ලෝකයේ මිල අධිකම ජංගම දුරකතනයක් ලෙස සැලකෙන අයිෆෝන් මාදිලියේ නවතම ජංගම දුරකතනය, Iphone X මිලදී ගත් ස්වාමීන් වහන්සෙ කෙනෙකුගේ ජායාරූපයක් අදාළ ආයතනය විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර එය මේ වනවිට ෆේස්බුක් සමාජජාලය තුල වේගයෙන් හුවමාරු වනවා.


ගිහි ගෙය කළකිරී සියලු දේ අතහැර මහන වන බොහෝ ස්වාමීන් වහන්සේලා ගිහියන්ටත් වඩා සුපිරි, සුඛෝපභෝගී ජීවිත ගතකරන අයුරු සහ ඉතා ආශාවෙන් යුතුව ඒ දෙවල් රැස් කරන අයුරු වර්ථමාන සමාජයේ ඉතා සුලභ සිදුවීමක්.

පස්කම් සැප විදිමින්, මිලාධික සන්නාම සහිත භාන්ඩ භාවිතා කරමින්, දරු පවුල් නඩත්තු කරමින් ජීවත් වන ස්වාමීන් වහන්සේලායැයි කියාගන්නා චීවරධාරීන් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

ගාල්ල නගරයේ ඇති මෙම දුරකතන අලෙවිසලෙන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉතා මිල අධික ජංගම දුරකතන වරින් වර පැමිණ මිලදී ගන්නා බවද වාර්තා වී තිබේ.

රැකියාවක් නොකරන, ආදායම් මාර්ග නැති, දායකයින් පින් පිණිස ලබා දෙන ආහාර පාන වලදා ජීවත්වන පූජ්‍ය පක්ෂයට ලක්ෂ එකහමාරත් දෙකත් අතර මුදලක් වියදම් කර ජංගම දුරකතන මිලදී ගත හැක්කේ කෙසේද යන්න වෙනමම කල්පනා කල යුතු/සොයා බැලිය යුතු ගැටලුවකි.

(අල්පෙච්ච ජීවිතයක් ගතකරමින් නව තාක්ෂණය කිසිදු ඇලීමකින් තොරව භාවිතා කර ධර්මය ප්‍රචාරණය කරමින් සිය වගකීම් ඉටුකරන ස්වාමීන් වහන්සේලාට මෙය අදාළ නොවේ.)

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...