Wednesday, November 8, 2017

ඉතාලියේ ජීවත්වන ලාංකික කාන්තාවන් මුහුන දීමට සිදු වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය....

ඉතාලියේ ජීවත්වන ලාංකික කාන්තාවන්ගෙන් බහුතරයක් විවිධ කෂේත්‍රයන්හි හා විවිධ කාර්යයන්හි පුරුෂ පක්ෂයට සරිලන සේ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමාජයේ ඉදිරියටම ගොස් ඇත. මේ අතර ඉතාලියේ නාවික හමුදාවේ, පොලිසියේ, මෙන්ම වෛද්‍ය අංශයේ සහ නීති අංශයේද, විවිධ ව්‍යාපාර අංශයන් හීද (ඇතැම් අය ඉතාලි පුරවැසියන් වුවත්) තම ජන්ම අභිමානය වන ශ්‍රී ලාංකීය අභිමානය නියෝජනය කරනවා.
මේ අතර සම්ප්‍රදායික ආකල්ප අනුව ගැහැනියකට පැවරී ඇති කාර්යය කොටස්ද ඉටුකරමින් විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් දෙආකාර භූමිකාවන්හි සාර්ථක ලෙස නියැළී සිටින ලාංකීය කාන්තාවෝ අද ඉතාලියේද බහුල වශයෙන් දැකගැනීමට ලැබීම සතුටට කාරනයක්.
තම පවුලේ අනාගත දියුණුව සදහා ඔවුන් අතින් ඉටුවන මෙහෙවර අගය කල යුතුය.
නමුත්, මේ අතරින් සුලු පිරිසක් හට මුහුන දීමට සිදු වන විවිධ සමාජීය හා නීතිමය ගැටලු හේතුවෙන් ඇතැම් අය මා සොයා පැමිනි අතර බොහෝ දෙනා සමග දොඩමලු වීමත් සමග එම කාන්තාවන්ට මුහුන පෑමට සිදු වී ඇති ගැටලු සම්බන්ධයෙන් යමක් ඔබ හා බෙදා ගන්නට සිතුනා.
මේ අතර විශේෂ තැනක් ගන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි (violenza domestica) එනම් නිවසේදී ඇතිවන ප්‍රචණ්ඩත්වයයි.
එය ඇතිවන්නේ කාන්තාවන්ට නිවස තුලයි. (572 වගන්තිය දණ්ඩ නීති සංග්‍රහය)
- ඇතැම් කාන්තාවන්ට හා ගැහැණූ ළමයින්ට හිංසා පැමිණවීමේ අරමුණ ඇතිව ඔවුන්ගේ තොරතුරු හා ජායාරූප ආදිය සන්නිවේදන තොරතුරු තාක්ෂණ ක්‍රම (facebook,whatsup,ets) ඔස්සේ ලබාගැනීම මෙන්ම බෙදාහැරීමද අපරාධකරුවන්ට වඩාත් පහසු වී ඇත.
ඉතාලියේ දණ්ඩ නීතියට ( 572, 582, 583, 610, 612, 612-bis) යන වගන්තින්ට අනුව යම්කිසි අයෙකු විසින් තවත් අයෙකුට පීඩා කිරීම, යම් පුද්ගලයෙකුට මානසිකව ⁣පීඩා පමුණුවීම දඩුවම් ලැබිය හැකි වරදක් වනවා. කායික හිංසාවන්ට අමතරව යමෙක් හට මානසික හිංසනයට පමුණුවා ඔවුන් තුල භීතියක් ඇති කරවීමද මේ අතර වනවා.
මෙය බොහෝ අවස්තාවන් හීදී (Stalking atti persecutori - 612 bis වගන්තිය) ලෙස හැදින්වෙනවා.
මෙම නීතියට අනුව කාන්තාවන් හට විශේෂ රැකවරණයක් ලබා දීමට ආරක්ෂක අංශ (polizia, carabinieri, polizia postale) බැදී සිටිනවා. පොලිසියට පැමිනිලිකොට මෙවැනි අපරාධ නීතිය ඉදිරියට ගෙන යා හැකියි. ගෘහස්ථ හිංසනයට අයත් අපරාධයන් සදහා අවුරුදු දෙකේ සිට හය දක්වා සිර දඬුවම්ද, අපරාධය බරපතළ නම් වසර 7 සිට පහළොව දක්වා සිර දඩුවම්ද ලබා දිය හැක....
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
+39 388 6279735
#Nimthera- නිම්තෙර

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...