Tuesday, November 21, 2017

බැදුම්කරය හොරකමක් කියපු අයට සරලව

බැඳුම්කර සීන් එක මහා හොරකමක් කියා කියපු උන් ඔක්කෝම අමු බූරුවෝය.

බැඳුම්කරේ සිඳුවුනේ, මහදවල් මහබැංකුවේ මහා මුදල් මංකොල්ලය කියා අර්ථ ගැන්වූයේ, ඊටත් එහා හරකුන්ය. එය “හොර කමක්” බව මහා අර්ථික විශාරදයෙක් කියනා බන්ධුල ගුණවර්ධන බොක්කෙන්ම කියනවා නම්, ඌ ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා මී ගවයෙක්ය. එහෙම නැත්නම් සීන් එක හොඳින් දැනගෙන බයිලා ගසනා බයිලා කාරයෙක්ය.

අප එදා ඉඳන්ම කියන්නේ මෙය හොරකමක් නොව පැවති සිස්ටම් එකේම මහා පරිමාණ ගණුදෙනුවක් පමණැකියි කියලාය. නමුත් සිඳු වූ මගඩි කීපයක් තිබෙනා බව සැබෑය.
විශාරදයන් සොයා බැලිය යුත්තේ ඒවා නිත්‍යානූකූලද යන්න පමණි.
බොන්ඩ් ඉෂු එකක් කියන්නේ රට බල්ලාට ගොස් තිබුනත්, ඒ ට්‍රේඩ් එකේ ඉන්නා උන්ගේ කල්ල මරේ වෙන ගේමක් බව, මහ බැංකුව හා බොන්ඩ් ඉෂූ ගැන අබ මල් රේණුවක දැනීමක් ඇති එකෙක් උනත් දන්නා කාරනයක්ය.

මේ ගොන්නුන්ගේ තර්ක අනුව බැඳුම්කර නිකුතුවක් නීතී විරෝධි දෙයක් විය යුතුය. ඇත්ත කතාව එය නොවේ. ඇත්ත කතාව නම් ඔය ගණුදෙනුවේදී සිඳුවන අත යට ගේම් සියල්ල මාට්ටු වීමය. එයට මූලික හේතුවක් වූයේ මෙතෙක් පැවති සිස්ටම් එකේ වෙනසක් කිරීමය. එනම් බැඳුම්කර නිකුතුව වෙන්දේසියේ සිඳු කිරීමය.

එමගින් හවුලේ බෙදාගෙන කෑ සිස්ටම් එකට කෙලවී, කුට්ටියම එකෙක් විසින් ගිල දැමීම, සියල්ලටම හේතුව උනේය. එක අතකින් බලනා කළ එය “එතිකල්” නැත. තිබුන සිස්ටම් එකම තිබුනා නම් හොඳයි කියනා එක මාතලන්ගේ මතයය. එමෙන්ම ඒ සඳහා අතර මැදියෙක් ඕනා නැති අතර, එම ගණුදෙණුවද කෙලින්ම මහ බැංකුව හා මිළදි ගැනීමේ ආයතනය අතර කළ හැකිය. එහෙත් වෙළද පොල ක්‍රමය තුල අතරමැදි බ්‍රෝකර්වරුන්ද සිටිනාතර, බ්‍රෝකර්වරුන්ගේ කොමිසම් පිළිබඳ සීමාවක් පැනවිය හැකිනම්, විශේෂ ජානධිපති කොමිසම් මගින් කලිසම් ගලවා ගැනීම මෙන්ම, ඒවා සඳහා කරනා අධික වියදමද ඉදිරියට හෝ වැලක්විය හැකිය.

අම්මට සිරි ලංකාවේ ආන්ඩුවේ වෙන්දේසි සිඳුවන ආකාරය දන්නා එකෙක් ඒවා සිඳු වන්නේ කෙසේදැයි කියනා කාරණය හොඳින් ද්න්නවාය. වෙන්දේසි නොව ටෙන්ඩර්වල තත්වයද එකමය. දේශපාළණයෙන් හා මෙවන් ගණුදෙණු තුලින් ප්‍රකෝටිපතියන් වීම කියා දුන්නේ ගිය ආන්ඩුවය. ඇත්තටම ඒවා හොරකම් නොවේ.. මහින්ද රාජපක්ෂගේ හොරකම් කළ සත පහක් හොයා ගන්නට බැරි වී තිබෙන්නේ ඒ නිසාමය.
ඒ කාළයේ මේ අයුතු ආකාරයට උපයා ගන්නා කළු සල්ලි වෙළඳපොල 50% තරම් තත්වයේ පැවති බව ආර්ථික ඉස්පැසලිස්ට්ලාගේ මතයයි.

අද ඔය සිරසේ ඇවිත් බයිලා ගහන සැන්ට්‍රල් බැංකුවේ උස්තාද්ලා, මහින්දගේ කාළයේ සද්ද බද්ද නැතිව මේවාට සම්බන්ද වූ වාහේලාය. එදා උන් බැඳුමකර වලින් හම්බ කළාතර, අද හම්බ කරන්නේ මහාරාජාගේ පොකට් එකෙක්න්ය. ඕකුන් සියල්ල රැගෙන විත් එදා මේවා වෙන කොට ඔහේලා උන්නේ කොහේදැයි කියා අසනට, එජාපයේ කොන්දක් ඇති එකෙක්කත් ඇත්තේ නැතිය. ඒවා අහන්නට වෙලා තියෙන්නේත් අපටය.

කොමිසමේ එකම පරමාර්ථය වුනේ එජාපයට හා රනිල්ට මඩ ගැසීම පමණය. රවීගේ ඇමතිකමට කෙලවී ගියද, මහ බැංකුවේ හා සේවක අර්ථසාධක අරමුදලේ කෝටී ගනන් කෙලියැයි කියා කියා, නම් හෙලිදරව් වූ එකෙක් හෝ කොමිසමට ගෙනාවේ නැතිය. පැත්ත පලාතේ තබා පත්තරයකටවත් ගෙනාවේ නැතිය. නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම එම නිළධාරින්ද ගෙන ගියේ එජාපයට මඩ ගැසීමක් බව පැත්තක් නොගෙන ඇත්ත කතා කරනා ඕනා එකෙකුට තේරෙනා කරුණක්ය.

උන්ගේ වත්කම් ගැන හෝ දුරකථන සංවාද ගැන සොයා බැලුවේත් නැතිය. එකම පරමාර්ථය උනේ රනිල්ට කෙලවන එකය. ඒ නිසා සාකි දෙන්න යන්න කලින් අගමැති කමෙන් ඉවත් වන්න යැයි කීවේය. හොරකමක් කර නැත්නම් එසේ ඉවත් වෙන්නත් ඕනා නැතිය.

ඔය ගණුදෙණුවෙන් උපයා ගත් මුදල් වලින් කළේ මොකක්දෝ කියනා එක සිරිසේනත් දන්නවාය. එයා ඒ ගැන හොඳින්ම දන්නා බව ප්‍රසිද්ධියේ කිව්වේ සෝභිත හාන්දුරුවන්ගේ ගුණසමරු උත්සවේදීය. දයාසිරිත් දන්නවාය. ඒයා පලා බබා ඡන්දයේදී අර්ජුණගෙන් මුද්ල් ගත් බව ප්‍රසිද්ධියේම පිලිගත්තේය. එජාපයේ උන් මෙන්ම මහින්දගේ උන්ද අර්ජුණගෙන් මුදල් ගත් බව ප්‍රසිද්ධ රහස්ය.

එසේ මුදල් ගන්නේ අර්ජුණගෙන්ම පමණක්ම නෙමේය. ගමේ බුලත් කඩේ එකාගෙ පටන්, මහා පරිමාණ බිස්නස් කාරයා පවා ඡන්ද වලට වියදම් කරන්නේය. එපමණක් නොව විදේස් ආයතන මෙන්ම රාජ්‍යයන්ද සල්ලි විසි කරන්නේය. සියල්ලෝම ඒවා ලබා ගන්නේය. ඒ මදිවාට පාර්ලිමේන්තුවට ආ දා පටන් කරන්නේත් කප්පම් ගන්නා එකය.

මෑතදි ඇස් බීන් මහතා කිව්වේ. එයාගේ හඟුරන්කෙත මාලිගාව හොරකම් කළ සල්ලිවලින් හදපු එකක් නොව, හරි හම්බ කළ සල්ලිවලින් හදාපු එකක් කියලාය. එ මාලිගාව නොව, බාන්ස් ප්ලේස්, රොස්මිඩ් ප්ලේස් වල මැන්සොන් පමණක් නොව, සුපර් ලක්සිරි එපාර්ට්මන්ට්වල පවා සුඅර සැප විඳින්නේ ගොවිසෙත ඇදිලා නෙමේ කියා මහජනයා දන්නවාය.

කෙසේ හෝ එජාපයට ඉල්ලාගෙනම කන්න සිඳුවෙලා තිබෙන්නේ, “පොදු අපේක්ෂකයාට සෘජූ අපේක්ෂාවක් නොමැති කමත්”, ඔහුගේ බල පෙරේත කමත් නිසාය. එය එජාප නායකත්වයේ ගොන් කමය.

සරත් ෆොන්සේකට පිරිනැමූ තනතුරටත් එහා ගොස්, සිරිසේන උන්නැහේ එජාපයේ නායකයා කොට, රනිල් සභාපති පුටුවට යාමට තරම් නුවනක් හෝ කපටි බවක් රනිල්ට තිබුනේ නැත. එතනදි මහින්ද රනිල්ට වඩා කපටි උනේය. සිරිසේනද මහින්ද දුන් ලණුව කිසි අවුලක් නැතිවම කෑවේය. අද ඔහුට සිඳු වී තිබෙන්නේ අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්වයකි.

සිරිසේන 2020 දි තනතුරු අතහැර ගෙදර යැයි කියා කෙන්ක් සිතන්නේ නම්, එය් බැඳුමකර සීන් එක හොරකම්ක් කියා සිතුවාටත් වඩා අමු ගොන් කමකි. සිරිසේන උන්නැහේ සියල්ල සින්දු කරමින් ඉන්නේ 2025 තෙක් රටේ නායකයා ලෙස සිටීමට ලෙස මිස වෙන මළදානයකට නෙමේය. එහෙත් සිරිසේන උන්නැහේ වටහා ගත යුතු ඒකම දෙය නම්, තමන් සමඟ 1994 පටන් ඉන්නා සිරි ලංකා නිදහස් පක්ෂයේ ගෝත්‍රිකයින් පිරිස සමඟ හෝ එජාපයේ ජාතිවාදි පසුගාමී ගෝත්‍රිකයින් පිරිස සමඟ ඔහුට අනාගතයක් නොමැති බවය.

ඔහුට කෙසේ වෙතත්, රටට අනාගතයක් නොමැති බවය.

ඔහුට හා රටට අනාගතයක් ඇත්තේ රනිල් සමඟ ගමන් කිරීමෙන් පමණමය. රනිල් කළ යුත්තේ, චන්ද්‍රිකා හා විදෙස් බලවේග සමඟ සිරිසේන පත් කළ අරමුණ කරා ගමන් කිරීමය. එකිනෙකා කපා ගැනීම දෙදෙනාගේම අවසානය ලං කරනු ඇත්තේ, මේ රටේ ආයෝජනය කිරීමට සිටිනා එකම රාජ්‍ය වන චීනය මේ දෙදෙනාට වඩා මහින්දට හා ඝෝඨාට මනාප නිසාමය. ඔවුන් දෙදෙනාට එකතු වී රට ඉදිරියට ගෙනයාමට නොහැකි නම්, ජනතාවට ඇති එකම විකල්පයත් එයමය.

මන්ද මේ පක්ෂ දෙකද ඇතුලත්ව වෙනත් කිසිඳු පක්ෂයක, විකල්පයක් නොමැති නිසාවෙන්මය.
වහම දෙදෙනා එක්වී සියළුම රාජ්‍ය ආයතනවලට තමන්ගේ හිතවතුන් පත් කළ යුතු අතර එසේ කළ නොහැකි නම් රට අස්තාවර වීම වලකාලනු නොහැකිය. අද පවතිනා රජයට වඩා ආන්ඩු විරෝධි බලවේග, ශක්තිමත් හා ක්‍රියාශිලී බවත් කියා සිටිය යුතුමය.

උ.ගැ. ජනවාරි 8 විප්ලවය සුරකිමු fb

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...