Tuesday, January 30, 2018

බැඳුම්කරය ගනුදෙනුව හරහා රාජ්‍ය ආයතන රුපියල් බිලියන 25ක් ලාභ ලැබුවා ....

2018 ජනවාරි මස 31.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හරහා රජයට මහා පරිමාණයේ පාඩුවක් සිදුවූ බව සඳහන් සඳහන් කරමින් විවිධ අගයන් ඉදිරිපත් කරන බවත් ඒ සියල්ල අමූලික බොරු බව ඔප්පු කිරීමට සාක්ෂි තම සේවාදායකයා සතු බව අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතිඥයන් සඳහන් කරයි.

ඇලෝසියස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.....
අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට යන බවට සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවන පුවත් වල සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා කළ විමසුමකදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතිඥයන් මේ බව සඳහන් කර සිටියේය.

කැත වැඩක් ගොඩක් වෙනවා

එහිදී වැඩි දුරටත් අදහස් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ මේ වන විට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ දේශපාලන වේදිකාවේ විවිධ ප්‍රකාශ විවිධ කතා පළකර සිටියත් ඒ පිළිබඳ තම සේවාදායකයා නිහඬව සිටි බවත් එහෙත් මේ වන විට එය තම සේවාදායකයාගේ සියළු ව්‍යාපාර අහිමි කරන නිදහස් වෙළඳපොල සමාජයක ව්‍යවසායකයකු කොහෙත්ම බලාපොරොත්තු නොවන තැනකට පත්ව ඇති බැවින් රටේ මෙන්ම ජාත්‍යන්තරවත් සියළු දෙනාට දැන ගැනීම සඳහා මේ ගනුදෙනුවේ ඇත්ත පැතිකඩ හෙළිකිරීමට තම සේවාදායකයා තීරණය කර ඇති බවය.

ලාභය ඇමරිකන් ඩොලර් මිලියන 170ක්

පසුගිය කාලයක් පුරා ඒ වෙනුවෙන් වෙන්කර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව තම සේවාදායක පාර්ශවය පැහැදිළි ගණනය කිරීමක් සිදුකළ බවත් ඒ හරහා මෙම ගනුදෙනුවට සම්බන්ධ රජයේ මුල්‍ය ආයතන රුපියල් බිලියන 25 (ඇමරිකානු ඩොලර් මිලියන 170) කට අධික ලාභයක් ලබා ඇති බව ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවද එම නීතිඥයන් සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ බැඳුම්කර ගනුදෙනුවට තම සේවාදායකයා හරහා සම්බන්ධවූ රාජ්‍ය ආයතන තුනම ලැබූ ලාභය පිළිබඳ වාර්තා තමන් සතුව ඇති බවය.

රාජ්‍ය ආයතන 3 ලාභය මෙන්න

ඒ අනුව මෙම රාජ්‍ය ආයතන වන සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 21.5 ක් , ජාතික රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 2.9ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 1.2 ලෙස ලාභ ලබා ඇත.

එසේම මෙතෙක් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සිදුකළ විමර්ශන වලදී විවිධ ආයතන රජයට අලාභයක් සිදුවූ බවට විවිධ අලාභයන් වාර්තා කළ බවත් ඒ සියල්ල උපකල්පිත අලාභයන් බවද ඔවුන් සඳහන් කර සිටියි.

කරුණු නොදැන ප්‍රශ්නය දේශපාලනික කරලා

රාජ්‍ය අරමුදල් විසින් මෙම බැඳුම්කර නිකුතු ද්වීතික වෙළඳපොළේ මිලදී ගත්තාට පාඩුවක් සිදු නොවන බවත් ඒවා නැවත වෙලඳාම් කර ලාබ ඉපැයීමේ අවස්ථාව තිබෙන බවද ඔවුන් සඳහන් කරයි. එසේම එය දිගින් දිගටම සිදුවන ක්‍රියාවලියක් බව සඳහන් කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බැඳුම්කර ගනුදෙනුව සහ ප්‍රාථමික ගැනුම්කාර ආයතන , ද්විතීක වෙලඳපොල සකසා ඇති ආකාරය ගැන වැඩි විස්තර නොදන්නා සමාජය නොමග යවමින් මෙතෙක් මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවය.

Sunday, January 28, 2018

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දීනය අභිමානවත් ලෙස සැමරීමට ඉතාලියේ මිලානෝ නගරයේ සියල්ල සුදානම්....

2018 ජනවාරි මස 29.

නිදහස ලැබී වසර 70ක් ගතවන ඒ සොඳුරු අභිමානවත් මොහොත සැමරීමට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන්.... ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලය විසින් කටයුතු සුදානම් කර ඇත.

මේ අවස්තාවට ආගමික නායකයින් සහභාගී වීමට නියමිත බවත්.මෙම අවස්තාවට ඉතාලියේ වෙසෙන ඔබ සැමටද සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මිලානෝ නගරයේ කොන්සල් ජනරාල් කාර්‍යාලය විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටී.

ශ්‍රී ලංකා ගුවන් තොටුපලේ සිටින...Duty free කාක්කෝ.....

2018 ජනවාරි මස 29.

ශ්‍රී ලංකාවට යන අය ප්‍රවේසම් වන්න....විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකට ගුවන් තොටුපලේදී Duty free හොරුන්ගෙන් විඳින්නෙවු අනෙක වද හිංසා ගැන සත්‍යයේ සටහනක්....
ශ්‍රී ලංකාවට ගොඩ බහින ගුවන් මගීන්ව කරකවා අතහරින මේ අය ගැනයි මේ
අම්මා මුත්තා කාලේවත් දැක නැති මේ අයියලා මල්ලිලා තම පවුලේ කෙනෙකු වසර ගනනාවකින් දුටුවා සේ ඈත තියාම දත්තිස් දෙකම පෙන්නා සිනාසෙමින් අත වනමින් හැකිනම් බදා වැලද ගන්නා ටයිප් එකෙන් රොතු පිටින් අප පස්සෙන් පන්නයි.

එකෙකුට එකෙක් පරදා එන්න මිස් බඩු ගන්නවාද අපෙන් ගන්න අපෙනුත් ගන්න කිය කියා අපව මෝංගල් කරන මල්ලිලා අයියලා අපේ බඩු පැටවු ට්‍රොලියද පදවාගෙන යන්නට තරම් කාරුණිකයි .

ගමන් වෙහෙසත් ගුවන් තොටුපලේ රැදී ඉන්න අපේ පවුලේ අය දැක ගැනීමට ඇති ආසාවත් එක්ක අපි කලබල වෙනවා ගන්න බඩුවක් තෝරා බේරා ගන්නටවත් සැනසීමක් මේ කොල්ලන් අපිට සැනසීමක් දෙන්නේම නැති තරම් .

දැන් අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන ඇත .

ඒ අපි ගෙන යන ඩොලර් රේගුවෙන් ගනන් කරනවාය ඒක නිසා තියෙන ඩොලර් වලින් සුළු ගනනක් පර්ස් එකේ දාගෙන ඉතිරිවා බෑග් එකට දාගෙන යන්න අක්කේ කියමින් අපේ මුදල් බැග් එකට අත දමා ගන්නා සයිස් එකටම එබෙන මල්ලිලා මුදල් නෝට්ටු ගනන් කරන්නට ඉල්ලයි ඒ එක්කම අනෙක් මල්ලි එහා පස සිට අප ගත් බඩුවල බිල ලියයි ඒ අතර තව එකෙක් පැමිණ අක්කේ මේක නේද අරක නේද අසමින් අපව හතර අත කරකවයි ....

ඒ ඇසිල්ලෙන් මුදල් නෝට්ටු වලට විදියි ...කිසිත් නොදන්නා සොයුරියන් මේ උගුලට අසුවෙයි ..මටත් මෙසේ සලකන්නට පැමිණි මල්ලිට කීවේ මම ගනන් කරගන්නම් මගේ සල්ලි සහ ඒතරම් මුදලක් මා ලග නැහැ කියායි .එසේ මා දන්නා මිතුරියන් දෙදෙනෙකුගෙන් ඩොලර් 100 බැගින් අතුරුදහන්ව ඇතිබව කිවේ පසුවයි ...බදු සහන යටතේ අප බඩු රැගෙන යන්නේ නැත්නම් අපි ගන්නම් මෙච්චර ගානක් දෙන්නම් කියා පාස්පෝට් එක රැගෙන පැය ගනන් රස්තියාදු කර එලියට බඩු ගෙනත් දුන්නාට පසු පොරොන්දු මුදල නොගෙවයි ..මගේ මිතුරියක් එකෙකුට හොදට බැන වැදුනේ එවන් වංචාවකටයි .

මා මෙහි සිටම දන්නා මල්ලි කෙනෙකු හා කතා කර මට අවශ්‍ය බඩු ගනන් සහ වර්ගය තොරා ගෙන ගියත් ගුවන් තොටේදී මා සමග පැමින කථා කල කෙනා දන්නා හදුනන විලසට මා පිළිගත් නිසා ඔයානේද මල්ලි මට ලිව්වේ කියා ඇසුවාම ඔව් කියා බඩුත් තෝරාගෙන බිල ලියන්නට යන විට හායි එරින් අක්කා කියාගෙන පැමිණියේ මා සමග කතා කල මල්ලි .මුලින් කතාකල එකා කාක්කෙක් බව දැන ගත් මම මා ගත් බඩු අවලංගු කරන්නට වෙර දැරුවත් මා හිතවත් මල්ලිගේ අකමැත්ත නිසා එය එසේ නොවීය ..අර කාක්කා අප යන තුරු එලියට නාවේ මගෙන් කනේ පාරක් කන්නට වෙයි යන බිය නිසා බව එකෙකු කිය.
ප්‍රවේශම් වන්න ඔබ දුක් මහන්සියෙන් සොයාගෙන යන මුදල් රැකගන්න

ගුවන් තොටුපෙලේ බැගේඡ් ගන්නා පැත්තෙන් එහාට ඩියුටි ෆි වෙළද කුටිවල ඉන්න අයට යන්නට තහනම්
ඒ මදිය.....

බලධාරීන්ගේ අවදානයට යොමු කරන්නේ මේ කාක්කන්ව තමන්ගේ කුඩු අසලම තබන්න ගුවන් මගීන් තමන්ට කැමති වෙළද කුටියකට ගොස් කැමති භාන්ඩයක් තෝරා ගන්නට අවස්ථාව දෙන්න .රොත්ත පිටින් අපව පිළි අරගෙන කරකවා වටේ නොයවා අපට නිදහසේ යන්නට ඉඩ සලසා දෙන්න .

ඒ වගේ ඔබලාගේ මුදල් ඔහුන්ට ගනින්නට නොදෙන්න එවන් මෝඩ ක්‍රියාවන්ට අසු නොවෙන්න .

ලෝකයේම ගුවන් මගීන් පසු පස පන්නමින් බඩු විකුනන එකම ගුවන් තොටුපලේ ඩියුටි ෆි එක ශ්‍රී ලංකාව වීම ...ආඩම්බරයි නේද...


Saturday, January 27, 2018

මාධ්‍ය ඒකකයට ජනපතිගේ බැඳුම්කර නිවේදනය වැරදුනේ ඇයි?... (VIDEO)

2018 ජනවාරි මස 27.

පනස් වසරක තම දේශපාලන දිවියේ ප්‍රථම වතාවට කිහිප දෙනෙකුගේ සහය ඇතිව ඉදිරිපත් කළ පලමු කතාව බැඳුම්කරය පිළිබඳව කළ විශේෂ ප්‍රකාශය බව ජනාධිපතිවරයා පවසයි.

“නීතිපතිතුමා ගෙනල්ලා, අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ‍ජෙනරාල්තුමා මහ බැංකු අධිපතිතුමා ඒගොල්ලො ගෙනල්ල සාකච්ඡා කරලා නිතිඥ මහත්තුරුන්ගේ උපදෙස් මත හදාගත්ත ප්‍රකාශයක් තමයි මම කළේ. මගේ ජිවතේ පලවෙනි වතාවට මම තනියෙන් නොකර යම් පිරිසකගේ සහයෝගයෙන් ප්‍රකාෂයක් කරපු පලමු වතාව” යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

බොහෝ දෙනා සමග හවුල්වී සකස් කළ බව ජනාධිපතිවරයා විසින් කියන ලද කතාවේ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය ඒකකය හතර වතාවක් නිවැරදි කරමින් මාධ්‍ය ආයතන වෙත යවා තිබුණි.

බැඳුම්කර වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශය සිදු කිරිමට ඉක්මන් වුයේ තමන්ගේ අවශ්‍යතාවය නිසා නොවන බව කී ජනාධිපතිවරයා එය ඉක්මන් කරන ලද්දේ විපක්ෂයේ පිරිස් වල බල කිරිම මත බව 26 සිකුරදා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති හමුවකදි ප්‍රකාශ කළේය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....


ගෝඨාභය ආරක්ෂා කිරීමේ අපරාදයෙන් හෙළිවන නායකයන්ගේ නිරුවත.....

2018 ජනවාරි මස 27.

ගෝඨාභය රාජපක්ෂ නමැති හිටපු ආරක්ෂක ලේකම් වරයා සිය බලය අයථා ලෙස පරිහරණය කරමින්, අපරාධ සහ දූෂණ යන උභය අංශයෙන්ම චෝදනාවට ලක් වන්නේ සෑහෙන කාලයක් තිස්සේය. සැබවින්ම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කෙසේ හෝ පරාද කිරීමට නීති ගරුක පුරවැසියන් මර බිය පසෙකලා පෙරට ඒමට ප්‍රධාන හේතුවක් වූයේ ද ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාවේ ගොරබිරම්භාවයයි.

2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව පිහිටුවන ලද ජාතික විධායක සභාව මගින් ද ගෝඨාභය රාජපක්ෂ නීතිය ඉදිරියට ගෙන ඒමට තීන්දුවක් ගත් බව අනාවරණය විය. එහෙත් ජාතික විධායක සභාව වූ කලී පුරවැසියන් මුළා කිරීමට පිහිටුවන ලද පුස් වෙඩිල්ලක් වූයෙන් ගෝඨාභයට රැකවරණය ලැබිණි. මේ අතරවාරයේ ගෝඨාභය, තමාව අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයට ගොස් පූර්ව රැකවරණය අභිමත අන්දමට ලබා ගත්තේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පටන් ගත් අවස්ථාවේ රාජපක්ෂවාදී භික්ෂූන් වහන්සේලා මහමඟට බැස ලංකාවේ භික්ෂූන්ගේ තරම ලෝකයාට විදහා දැක්වූහ. කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයකින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කීපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී කෝපයට පත් වුණ ජනාධිපතිවරයා නීතිගරුක පුරවැසියන් අන්දමන්ද කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දෝෂ දර්ශනයට ලක් කළේය. ඇයට ඒ නිසාම තනතුර අත්හරින්නට සිදු විය. මේ සමඟම ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයේ ඉහළ පුටුවක වාඩි කිරීමට ගන්නා ලද ප්‍රයත්නය වඩාත් විවෘත අන්දමට කරළියට ආවේය. ගෝඨාභය රාජපක්ෂ ද නිර්භීත ලෙස තමා දේශපාලනයට එන බවට මල් වෙඩි සංදර්ශන පවත්වන්නට පටන් ගත්තේය. අද වන විට කළු සල්ලිකාරයන් ඊළඟ ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වමින් සිටින තත්වයක් ද තිබේ. කුප්‍රකට අමාත්‍යවරයෙකු පවසා තිබෙන්නේ ද්විත්ව පුරවැසිභාවය නම් වූ බාධකය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.
අද වන විට තත්වය කුමක් ද?
යහ පාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රටේ නීතිය අවභාවිත කරමින්ය. ගෝඨාභය රාජපක්ෂට එල්ලවී තිබෙන අපරාධ ගණනාවකට හා දූෂණ කිහිපයකට අදාළ පරීක්ෂණ අවසන් බව දැන ගන්නට තිබේ. එහෙත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර නැත. නීතිය මත පාලනය වන රටක් අපේක්ෂා කළ සියලු පුරවැසියන්ගේ සියලු අපේක්ෂා භංග වෙන්නට තව වැඩි කාලයක් නැති බව පැහැදිලිය. ආණ්ඩුව තිරශ්චීන අන්දමට, සාපරාධී අන්දමට, නීති ගරුක පුරවැසියන්ගේ විශ්වාසය බිඳ දමන අන්දම ඛේදනීය වේ. මේ අන්දමට ආණ්ඩුවට පවතින්නට හැකි ද?

භික්ෂුව සහ නීතිය....
2015 නොවැම්බර් මස 21 වෙනි දින ගෝඨාභය රාජපක්ෂගෙන් අපමණ වරප්‍රසාද ලත් භික්ෂුවකගේ නායකත්වයෙන් නායක හිමිවරුන් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වා තිබේ. මේ පුවත දැන ගන්නට ලැබුණ මොහොතේ ජනාධිපතිවරයා මුණගැසීමට වැඩම කර තිබෙන මහනායක හිමි නමකට දූර කථනයෙක් මම කථා කළෙමි. ජනාධිපතිවරයා මුණගැසීිමට වැඩම කළ බව උන්වහන්සේ සනාථ කළහ. එපමණක් නොව, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බව ද උන්වහන්සේ පැවසූහ. මහ නායක හිමියන් මුසාවක් නොකී බව මගේ විශ්වාසයයි.

ජනවාරි 08 වෙනිදා මේ රටේ නීති ගරුක පුරවැසියන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කළේ කුමට ද? නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම ඊට මුල් වූ ප්‍රධාන කාරණාවකි. අද සිදු වෙමින් තිබෙන්නේ කුමක් ද?
භික්ෂූන් වහන්සේලා පවසන අන්දමට රටේ නායකයා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවලට ඉඩ නොදෙන්නේ නම් රට ගමන් කරන්නේ නැවතත් විනාශය කරාය. භික්ෂූන් වහන්සේලා මිනීමරුවන් සහ දූෂිතයන් රකින්නට භික්ෂුවට හිමි බලය අවභාවිත කරන්නේ නම්, ධර්මයට අත්වන ඉරණම කුමක් ද? භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට රටේ නායකයා අවනත වන්නේ නම් පුරවැසියන් අපේක්ෂා කළ නිදහස සහ ජීවත් වීමේ අයිතිය නැවතත් නැති වෙන බවය පෙනී යන්නේ.

භික්ෂූන් වහන්සේලා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම්, තව දුරටත් පොලීසියක් අවශ්‍ය නැත. අපරාධ විමර්ශන අංශ අවශ්‍ය නැත. ජනාධිපතිවරයා නොපමාව කළ යුත්තේ ආරක්ෂක අමාත්‍ය පදවිය, නීතිය හා සාමය භාර අමාත්‍ය පදවිය, පොලිස්පති ධූරය, වැනි තනතුරුවලට නායක හිමිවරුන් පත් කිරීමය. එසේ පත් නොකළහොත් ඒ පදවි ඉල්ලා හෙට දින පිණ්ඩපාතයේ වඩින්නට වුව බැරි නැත.

භික්ෂූන් වහන්සේලා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඉදිරියට සිදු වන්නේ භික්ෂූන් වහන්සේලා කෙරේ දැඩි අප්‍රසාදයක් පිළිකුලක් තව තවත් නීතිගරුක පුරවැසියන්ගේ සිත් සතන් තුළ වැඩී වර්ධනය වීමය. එය සංඝ සාසනයේ පැවැත්මට නරක අන්දමට බලපානු නියතය.
ජනාධිපතිවරයා බලයට පත් වන්නේ රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙනි. අද ජනාධිපතිවරයා අබිමුව කරණම් ගසන රාජපක්ෂවාදී භික්ෂූන් වහන්සේලා එදා උත්සාහ කළේ දුර්දාන්ත පාලනය ආරක්ෂා කර ගැනීමටය. හෙට වුව කරන්නේ එයයි. මෙහිදී ජනාධිපතිවරයා වටහා ගත යුතු කාරණාවක් ඇත. ඒ කුමක් ද?

ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාට ගරුසරු දක්වන විට ඇතැම් භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කිරීමය. හෑල්ලුවට ලක් කරන අන්දම අතිශයින් ශෝචනීය වේ. පසු ගිය දිනෙක කුප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් මහ සභාවක පවසා තිබෙන්නේ, ‘ජනාධිපතිවරයාගේ මිල කඨින පිංකම් එකයි’ කියාය. එවැනි ප්‍රකාශ නොකරන්නැයි වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් පසුව පැවසූ විට අර භික්ෂුව පවසා තිබෙන්නේ, ‘මං එහෙනම් මල් වට්ටි එකයි’ කියා කියන්නම් කියාය. මේ ප්‍රකාශවලින් භික්ෂූන් වහන්සේලාගේ මටට්ම හොඳින් විශද වන්නේය. මෙබඳු භික්ෂූන් කියන විදිහට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් රට තල්ලු වන්නේ අන්ධකාරයකටය.

කළු සල්ලි සහ මාධ්‍ය....

ලංකාවේ කළු සල්ලිකාරයන් තමන්ගේ පැවැත්ම උදෙසා දේශපාලනඥයන් ග්‍රහණයට නතු කර ගන්නා අන්දම ඉස්සරට වඩා අද කැපී පෙනේ. රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහයෙන් කළු සල්ලි කඳු හිමි කර ගත් පුද්ගලයන්, කළු සල්ලිවලින් මාධ්‍ය ආයතන ගොඩනැඟුවේ ද රාජපක්ෂවරුන් උදෙසාය. ජනවාරි 08 රාජපක්ෂවරුන්ට බලය අහිමි වුණ විට සසල වුණ කළු මාධ්‍ය ආයතන අද බලසම්පන්නය. ඊට ප්‍රධාන හේතුව යහ පාලනයේ ඇතැම් නායකයන් කළු මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට වන්දනාමාන කිරීමය. කළු මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු ගෝඨාභය රාජපක්ෂගේ රැකවරණය වෙනුවෙන් අගමැතිවරයා, නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ග්‍රහණයට නතු කරගෙන සාර්ථක සේවාවක් මේ වන විට සිදු කර තිබේ. අද ඔවුන් සංඝයා වහන්සේලා අවුස්සන්නේ ජනාධිපතිවරයා ග්‍රහණයට නතු කර ගැනීමටය. එහි අරමුණ වී තිබෙන්නේ අගමැතිවරයාගේ පමණක් නොව ජනාධිපතිවරයාගේ ද අනුග්‍රහය ඳීරැකවරණය අපරාධකරුවන්ට හා දූෂිතයන්ට ලබා ගැනීම බව කිව යුතු නැත.

පසුගිය සමයේ සිදු කළ සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට හිටපු ආරක්ෂක ලේකම්වරයාට මේ වන විට ප්‍රබලව චෝදනා එල්ල වී ඇත. බලසම්පන්න භූමිකාවක් රඟ පෑ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුමක් නොමැතිව යම් අපරාධයක් සිදු වී නම්, ඔහු ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුව තිබුණි. එවැනි දෙයක් ඔහු අතින් සිදු වුණේ නැත. යහ පාලන ආණ්ඩුව බලයට පත් වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ යයි සාධාරණ සැකයක් තිබෙන සියලු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිය නිසි අන්දමට ක්‍රියාත්මක කරන බවට ලෝකයාටම ඇසෙන්නට ප්‍රතිඥා ලබා දෙමිනි. එහෙත් අද වන විට ඒ ප්‍රතිඥා වළ දමමින් සිටින තත්වයකි විiමාන වන්නේ.

යහ පාලන ආණ්ඩුව බලයට පත් වුණ පසුව රාජපක්ෂවරුන්ගේ බලපෑම හේතුවෙන් වළ දමා තිබුණ භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධ නඩුව විභාග කෙරුණි. රාජ්‍ය බලය අවභාවිත කරමින් නිදහස් කර සිටි වරදකරුවන්ට දඬුවම් නියම කෙරුණි. ඒත් යහ පාලන ආණ්ඩුව දුමින්ද සිල්වා හිරගත වීම, බන්ධනාගාර රෝහලේ ජීවත්වීම බවට දැනුවත්වම පරිවර්තනය කර තිබේ. එපමණක් නොව, මේ නඩු විභාගයෙන් අනතුරුව ‘ඉරුදින’ නම් වූ පුවත් පතේ ලිපි පෙළක් පළ වෙන්නට පටන් ගත්තේය. මේ ලිපි පෙළ නතර කරන ලෙසට එල්ල වූ බලපෑම් නොතැකීම හේතුවෙන් ඒ පුවත්පතේ කතුවරයා ඇතුළු කර්තෘ මණ්ඩලයට රැකියා අහිමි විය. මේ ක්‍රියාදාමය අතිසරල වූවක් නොවිණි. මේ වූ කලී දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමේ ව්‍යායාමයේම එක් පියවරකි.

බන්ධනාගාර රෝහලේ ඇතැම් වෛiවරුන්ට සහ ඇතැම් නිලධාරීන්ට කළු මාධ්‍ය ආයතනයක හිමිකරු විසින් මේ වන විට ගෙවා තිබෙන මුදල් ප්‍රමාණය සහ ඉදිරියටත් ගෙවන්නට අපේක්ෂා කරන මුදල් ප්‍රමාණය කෙනෙකුට හිතා ගන්නටවත් බැරි තරම්ය. දුමින්ද සිල්වාට ලබා දී තිබෙන නඩු තීන්දුව අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින්ම නිශේධනය කිරීමට අවශ්‍ය ක්‍රියාදාමය මේ වන විට සාර්ථක ලෙස ඉදිරියට ගමන් කර තිබෙන බව ද රහසක් නොවේ. මේ කාරණය ගැන අවදියෙන් සිටින පුද්ගලයන් සොයා දැනගෙන තිබෙන වැදගත් තොරතුරු විශද කරන්නේ අන් කිසිවක් නොව අපේ නායකයන්ගේ නිරුවත බව කනගාටුවෙන් වුව පැවසිය යුතුව තිබේ.
දුමින්ද සිල්වා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ රැකවරණය ඉහළින්ම ලැබූ බව නොරහසකි. ජයවර්ධනපුර රෝහලේ සිට හෙලිකොප්ටරයකින් ගුවන් තොටුපළට ගෙන ගොස් සිංගප්පූරුවට ඔහු රැගෙන ගිය අන්දම, පෙරළා දිවයිනට පැමිණි පසුව නව ලෝක රෝහලේ සිට නිදහස් වීම දක්වා රාජ්‍ය බලය පරිහරණය කෙරුණු අන්දම දක්වා සියල්ල හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ළබැඳියාවේ මහිමයයි.

දුමින්ද සිල්වාට දඬුවම් නියම වීම බොහෝ දෙනෙකුට සිතා ගන්නට බැරි වු අහඹුවක් වැන්න. අද රාජ්‍ය බලය ඉවහල් කර ගැනීමට තමන් සතු මාධ්‍ය බලය ඉවහල් කර ගන්නේ ඉදිරියේ දී තමන්ට අවශ්‍ය තීන්දුව ලබා ගැනීමට බවය පෙනී යන්නේ. මෙහිදී පැහැදිලිව පෙනී යන කාරණාව වන්නේ ධනයට වඩා මාධ්‍ය බලය නායකයන් සුරුට්ටු කිරීමට සමත් තත්වයක් අද තිබෙන බවයි. කළු මාධ්‍යවලට රටේ නීතිය හැසිරවීමට හැකි තත්වයකට සංඝයා වහන්සේලා ද උඩ ගෙඩි දෙන්නේ නම් රට ගමන් කරන්නේ අශීලාචාරත්වය කරා බව විස්තර කළ යුතු නොවේ.

ජනාධිපති සහ අගමැති...
අගමැතිවරයා වැරදි ගණනාවක් සිදු කොට, තවදුරටත් වැරදි කරමින් ඒවා සාධාරණීකරණය නරකම තත්වයකට පත් විය. බැඳුම්කර වංචාව සමඟින් යහ පාලනයේ රෙදි ගැලවිණි. නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දුන් ඇමති දෙපළම දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන අන්දම හා කටයුතු කරන අන්දම අමුතුවෙන් පැවසිය යුතු නැත.

ජනාධිපතිවරයා ජනවාරි 08 ප්‍රතිඥා වෙනුවෙන් දක්වන උනන්දුව සහ කැපවීම ගැන සෑහීමකට පත්වීමට නොහැකිය. සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ අවසන් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට සේනාධිනායකයා ලෙස, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා අසමත් වී සිටින බව නොරහසකි. හමුදා අංශ අදාළ තොරතුරු ලබා නොදී සිටින්නේ කෙසේ ද? හමුදා අංශ පිළිපදින්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් නම් අදාළ අංශ නොපමාව නිවැරදිව තොරතුරු ලබා දිය යුතුය. හමුදා ප්‍රධානීන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම්, ඒ නිලධාරීන් සම්බන්ධව ජනාධිපතිවරයා පියවර ගත යුතුය. එහෙත් ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි.
බැඳුම්කර වංචාව විමර්ශනය කිරීමට නිසි අන්දමට කොමිෂන් සභාවක් පත් කොට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපතිවරයා සමත් වී නම්, ජනාධිපති පදවියට පත් වීම සඳහා ඉවහල් වුණ කාරණා, විශේෂයෙන්ම අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමේ කටයුත්ත
වෙනුවෙන් සක්‍රීයව මැදිහත් නොවන්නේ මන් ද? අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට අදාළ අංශවලට සහාය ලබා දීමට අදාළ පියවර ජනාධිපතිවරයා නොගන්නේ මන් ද?

රට තුළ සිදු කෙරුණ අපරාධ සම්බන්ධව ඇතැම් පරීක්ෂණ අවසන් කිරීමට අදාළ ප්‍රධාන බාධාවක් වී තිබෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට අවසරය නැතිකමය. ඒ අවසරය ලබා දිය යුත්තේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා ඒ අවසරය ලබා නොදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට ද යන සාධාරණ සැකය දැන් ඉස්මත්තට පැමිණ තිබේ.

ඇමති සාගල සහ පොලිස්පති...

පොලිස්පතිවරයා දිනෙන් දින අවුල් සාදා ගන්නා අන්දම ශෝචනීය වේ. විමර්ශන නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීම මොන තරම් අභාග්‍යයක් ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙස කෝපයෙන් බැලිම පොලිස්පතිවරයාට තරම් නොවේ. පොලිස්පතිවරයා මේ තත්වයට පත් කර තිබෙන්නේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා බවට තිබෙන්නේ හුදු සැකයක්ම නොවේ. පොලිස්පතිවරයා ගිරේට අහුවුණ පුවක් ගෙඩියක් වැනි යයි සිතේ. නීතිය හා සාමය භාර අමාත්‍යවරයා අගමැතිවරයාගේ අවසරයකින් තොරව හුස්ම ගැනීමවත් නොකරන බව පවසන්නේ එජාපයේ වැදගත් පුද්ගලයන්ය.

සුප්‍රකට නීතිඥයෙකුගේ නිවසේ දී රාත්‍රි කාලයේ හොර රහසේ ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමට ඇමතිවරයෙකු යන්නේ කුමන හේතුවකට දැයි පෙර පාසලක දරුවෙකුට වත් කියා දිය යුතු නැත. ලංකාවේ පොලීසියේ බහුතරයක් ගෝඨාභයගේ පාලනය නොඉවසූ බව පැහැදිලි සත්‍යයකි. සැබවින්ම පොලීසියේ විශාල පිරිසක්, සැබවින්ම සුළු පිරිසක් හැරුණ විට සියල්ලෝම යහ පාලනය වෙනුවෙන් තමන්ගේ දායකත්වය විවිධ අන්දමින් ජනවාරි 08 වෙනිදා ලබා දුන් බව නොරහසකි. අද ඔවුන් සිදුවෙන දේවල් දෙස බලා සිටින්නේ නොහඬා හඬමිනි. කාගේ කාගේත් කෙරුවාවල් විස්තර සහිතව කියන්නට දන්නේ අන් කවුරුවත් නොව පොලිසියේ විවිධ තලවල පුද්ගලයන්ය.

ගාමිණී සෙනරත් අත් අඩංගුවට නොගැනීම, සඟවා ගෙන සිටීම හා සම්බන්ධ සත්‍යය හෙළි විය. එහි වරද වසා ගැනීමට පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කළේය. එය අන්තිම අශෝබන කටයුත්තකි. ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් අවසරය ලැබුණ විට අදාළ නිලධාරීන් කළේ පොලිස්පතිවරයා විමසීම වන්නට ඇත. පොලිස්පතිවරයාගේ නිල ඇඳුම බුරුල්වීමට එය බලපෑවාට සැකයක් නැත. තමාගේ නිදහස වෙනුවෙන් පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට ඇත. සිදු වෙන්නට ඇත්තේ එය නම්, තත්වය කනගාටුදායකය. නීතිය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බලය පැවරී තිබෙන ආයතන දේශපාලනීකරණය වන්නේ මොන තරම් නිවට අන්දමින් ද යන්න මෙයින් සනාථ වන්නේය.
ආණ්ඩුකරණයට වරමක් නැති දාට අවශ්‍ය රැකවරණය ගැන හිතා කවරෙකු හෝ අද තමන් සතු බලය අවභාවිත කරන්නේ නම් සොබා දහම නිසි දඬුවම් ලබා දෙනු ඇත.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ලංකාවේ පොලිසියට හැකිය. ඕනැම අපරාධයක් සම්බන්ධ විමර්ශන සිදු කොට වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීිසියට හැකිය. ඒ බව පොලීසිය කාලයක් තිස්සේ සනාථ කර තිබේ. ලංකාවේ පොලීිසියේ තත්වය බාල්දු කළේ දේශපාලනඥයන්ය. උසස් පොලිස් නිලධාරියෙකු පසු ගිය දිනෙක මා සමඟ පැවසූ කරුණක් මෙසේය.

“ඉස්සර අපට බලපෑම් කළේ පාර්ලිමේන්තු නියෝජිතයො විතරයි. ඊට පස්සේ පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල නියෝජිතයො බලපෑම් කරන්න පටන් ගත්තා. පොලීසියේ අභිමානය නැති කළේ ඒ උදවියයි. මොකද පළාත් පාලන ආයතනවලට එන්න එන්නම වැඩියෙන් ආවෙ නූගත් උදවිය වගේම වැරදි විදිහට හරි හම්බ කළ උදවියයි. ඒ අය නීතිය තුට්ටුවකට මායිම් නොකළ උදවිය. දැන් ඉස්සරහට ඇති වෙන්න යන්නෙ හරි භයානක තත්වයක්. පළාත් පාලන නියෝජිතයො දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. ඒ අයගෙ තත්වය අපට හිතා ගන්න පුළුවන්. මේ හුඟ දෙනෙකුත් පොලීසිය මස් කට්ටක් විදිහට සලකන බවත් අපි දන්නවා. රටේ නීතිය හා සාමය බල්ලට යනවා ඒකෙ නං දෙකක් නෑ.”

මහජනතාවගේ දිවි පෙවතට අදාළ ආරක්ෂාව ලබා දීමේ වගකීම තිබෙන්නේ පොලීසියටයි. ගෝඨාභය රාජපක්ෂ එය ඉතා අවලස්සණ අන්දමට විනාශ කර දැමීය. ඒ නිසා පොලීසියේ විවිධ තලවල නිලධාරීන්ට පොලීසියේ තත්වය රැක ගැනීමේ අවංක උවමනාවක් තිබුණි. මේ තත්වය ගැන සාගල රත්නායක ඇමතිවරයාට නම් නිසි අවබෝධයක් නැති බව පැහැදිලිය. පොලිස්පතිවරයාට තිබිය යුතුය. එසේ තිබිය දීත් නිතියට අනුව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදු කරමින් පීඩා කිරීමට පොලිස්පතිවරයා උත්සුක වීම සාධාරණ නැත. මෙහි ප්‍රතිවිපාක පොලිස්පතිවරයාට අත් විඳින්නට සිදු වෙනු ඇත. එවිට ඇමතිලා හෝ අගමැතිලා පොලිස්පතිවරයාගේ රැකවරණයට නැත. පොලිස්පතිවරයාට ද ඉතිරි වන්නේ නීතියේ පිළිසරණ පමණක් බව සිහි බුද්ධියෙන් වටහා ගැනීම වැදගත් වන්නේය.

ගෝඨාභය බලසම්පන්න වන රටක....

ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ නිල සභාපතිවරයා වුණත් මහින්ද රාජපක්ෂ දියත් කර තිබෙන බල අරගලය තුළ උද්ගතව තිබෙන්නේ අවලස්සණ තත්වයකි. මේ විපරීත තත්වය ඇතිවීමට අදාළ හේතු සාධක සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ ජනාධිපතිවරයා මය. ‘මහින්ද සමඟ නැගිටිමු’ මැයෙන් නුගේගොඩ දී පටන් ගත් රැළිය තමාට එල්ල කළ අභියෝගයක් ලෙස ජනාධිපතිවරයා නිසි අන්දමින් වටහා නොගත්තේය. අවසන මැතිවරණය ආසන්න වන විට ජනාධිපතිවරයා බිත්තියට හේත්තු වන්නේය. ඉන් පසුව අද දක්වා කාලය තුළ පක්ෂයේ නායකයා ලෙස ගත යුතුව තිබුණ නිර්භීත තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා කිසියම් අර්බුදයකට මැදි වී සිටින බව පෙනේ. මේ පසුබිමේ දී නීතිගරුක පුරවැසියන් අන්දමන්දව සිටින්නේ පසු ගිය මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීමෙන් ඇති කළ තත්වයට නොදෙවෙනි තත්වයක් ඇති කරාවි ද යන අතීරණය අබිමුවය. යම් ලෙසකින් ශ්‍රීලනිපය රැක ගැනීමේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභයට රැකවරණය තවදුරටත් ලැබුණොත් ලංකාව සුළු ජාතිකයන්ට පමණක් නොව කිසිම නීතිගරුක පුරවැසියෙකුට ජීවත්වීමට සුදුසු රටක් නොවන බව නම් පැහැදිලිය. යළි මර බිය රජයන රටක් අපට උරුම වේවි ද? මේ ප්‍රශ්නය අබිමුව නීතිගරුක පුරවැසියන් කළ යුත්තේ කුමක් ද? මේ වූ කලී නොපමවා විසඳා ගත යුතු ප්‍රශ්නය වී තිබේ.

මහාචාර්ය සරත් විජේසූරිය

රටක විධායක බලතල සහිත මුළු මහත් ජාතියකට නායකත්වය සැපයිය යුතු පුද්ගලයා....අද මේ කරන්නේ තමාගේ බංකලොත් දේශපාලන පක්ෂයට වාසි ලබා ගැනීම සඳහා කරන රඟපෑමක් නොවේද ?

2018 ජනවාරි මස 27.

මෛත්‍රීගෙන් තවත් බොරුවක්... ගත්තු ණය රු. ට්‍රිලියන 10න් 9ක් අතුරුදන්ලු ....

මාර වැඩේ කියන්නේ ඡන්දෙ ලං වුනාමනේ මේවා මතක් වෙන්නේ....

දින (26) ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ පැවැති සාකච්ඡාවේදී පසුගිය වසර 10 තුල ශ්‍රීලංකාව රුපියල් ට්‍රිලියන 10 ( බිලියන 10,000 ක්/ කෝටි ලක්ෂයක්) ක මුදලක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙන නමුත් මුදල් අමාත්‍යංශ ලේඛන මඟින් වත්කම් ලෙස පෙන්වීමට හැකියාව ඇත්තේ රුපියල් ට්‍රිලියන 01 වත්කම් පමණක් බවට කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් බව හෙළිව තිබේ. මෙම ප්‍රකාශයට අනුව රුපියල් බිලියන 9,000 කට වෙච්ච දෙයක් නැත..මුල්‍ය ක්ෂේත්‍රයේ තතු දත් අය මේ තවත් ලෝක විහිළුවක් බව පවසති.

ට්‍රිලියනයක් කියන්නේ බින්දු කීයක ගනනක්ද යන්න ගැන පොඩි සාමාන්‍ය දැනුමක් තිබුණා නම් මෙම ප්‍රකාශය කිරීමට පෙර තමන්ගෙ ගොබ්බ උපදේශකයෙකුගෙන් හෝ විමසීමට හැකියාවක් තිබිණි.නැතිනම් කිලී මහරාගේ සිරසේ ගොබ්බ නිවේදකයෙකුගෙන් හෝ අසා දැන ගැනිමට තිබිණි. එහෙත් කලින් වතාවේ තමන්ව අමාරුවේ දැමු දැමිල්ලෙ හැටියට මෙවර ජනාධිපතිවරයා මේවා ගැන කාගෙන්වත් විමසීමට කටයුතු කර නැත.

එමෙන්ම මෙහිදී පසුගිය වසර 3 තුලදී රජයේ ආදායම සූක්ෂම ලෙස වෙනත් පෞද්ගලික සමාගම් වලට හැරවීම ගැනද තොරතුරු තිබෙන බවට කළ ප්‍රකාශයද විශ්වාසනීය තොරතුරක් නොවන බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවේ නිර්දේශ බව කියමින් පට්ට පල් බොරු තොගයක් විශේෂ ප්‍රකාශයක් ලෙස ජනාධිපතිවරයා විසින් සමාජ ගත කළේය..

තනිකර දේශපාලන ගේම් එකක් වූ බැඳුම්කර කොමිසමේ නිර්දේශ පවා විකෘති කරමින් රටේ ජනතාව නොමඟ යැව්ව ජනාධිපතිවරයා එම වැ‍රැද්ද වහ ගැනීමට අද දින , එම ප්‍රකාශය වෙනත් අය විසින් ලියා දෙනු ලැබුවක් බව කියා ඇඟ බේරාගැනීමට කටයු‍තු කරද තිබේ.. එහෙත් මෙම හමුවේදිම තමන්ගෙම ප්‍රකාශයක් ලෙස මෙම ට්‍රිලියන් 10 බොරුව ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම මෙහිදී තමන් මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන තවම තීරණයක් ගෙන නැති බවද පැවැසූවේ රෙද්දක් ඇඳගෙන ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසිය යුතුය. මේ හිරිකිත ප්‍රකාශයකි..ජනාධිපතිවරයා මීට පෙර අවුරුදු 6 නෙවෙයි 4න් යන්නම් කියාද වහසි බස දෙඩු කාලයක්ද තිබූ බව රටේ ජනතාවට අමතක නැත..එහෙත් ඔහුට අමතකව තිබේ.

මේ දිනවල පලාත් පාලන මැතිරවරණයෙන් ශ්‍රිලනිපය තුන හතර තැන් වලට වැටෙනු ඇතැයි බරපතල බියෙන් පසුවන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් වේදීකා ගානේ නන්දොඩවමින් යන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය.

බැඳුම්කර කොමිසමේ හා අනෙක් ජනාධිපති කොමිසමෙන් හොරු ඇල්ලු බවත් ඔවුන්ට දඬුවම් කරන බවත් මෙහිදී කියයි. ඒ කිසි සේත්ම ඇත්ත කරුණක් නොවේ, ඒ සිදු කළ හැක්කක් නොවේ. ඊට අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතුය.. එසේ නැතුව ජනාධිපතිවරයාට ඕනෑ විදිහට කිසිවකුට දඩුවම් කළ නොහැක. මෙම කොමිසම් වාර්තා පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීම සම්බන්ධයෙන්ද ඊයේ මහා ඝෝෂාවක් කළේ මෙම විවාදය පැවැත්වූවානම් නැවත නැවත මාධ්‍ය වල මාතෘකාවක් කර ගනිමින් අගමැතිවරයාට හා එජාපයට මඩ ගැසීමේ වුවමනාව නිසාය. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මේ කුප්පකම දැනගෙනදෝ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් මේ විවාදය පළාත් පාලන මැතිවරණයෙන් පසුවට ගැනීමට තීරණය කර තිබේ.

අද දින පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේදී අපරාදේ මේක පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තා නම් මං ගොඩ වැනි ප්‍රකාශයක්ද ජනාධිපතිවරයා සිදු කර තිබේ.

කෙසේ නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිය ධුරකාලය කෙමෙන් කෙමෙන් කොට වීමේ වේදනාව දරා ගැනීමට නොහැකි වීම නිසා පෙන්වන නොහික්මුණු කම විසින් ඔහුව ජෝකරයකු බවට පත්ව තිබේ.. මේවාට වගකිව යුතු වන්නේ ඔහු වටා සිටින ගොබ්බ ග්‍රාම්‍ය බයි උපදේශකයන් රැලය.

2018 නව නීතියෙන් කාටද ඉතාලියට එන්න පුළුවන් ?....(video)

2018 ජනවාරි මස 27.

ඉතාලියේ සෘතුමය 30850 කට රැකියා........ඉතාලියේ රැකියා සඳහා අයදුම්පත් බාරගැනීම අරඹයි....

වංචාකරුවන්ට අහු වෙන්න එපා...

ඉතාලියේ තාවකාලික රැකියා සඳහා පැමිණීමට අවකාශ ලබාදෙන ගැසට් පත්‍රිකාව ජනවාරි මස 16 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. මේ අනුව තාවකාලික රැකියා අවස්ථාවන් 18000ක් විදේශිකයන් වෙනුවෙන් මෙවර වෙන්කර ඇති අතර ඉතිරි අවස්ථාවන් වෙනත් අංශයන් හට ලබා දී ඇත. තවද දැනට තාවකාලික රැකියා සඳහා පැමිණ වලංගු වීසා කාලසීමාව සහිතව රැඳී සිටින විදේශිකයන් 4750 කට ඉතාලියේ නිත්‍යානුකූල බලපත්‍රයට පරිවර්තනය කර ගැනීමට මෙමගින් හැකියාව ලබා දී ඇත. තාවකාලික විසීමේ බලපත්‍රය නීත්‍යානුකූල විසීමේ බලපත්‍රයට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන් හට අයදුම් පත්‍ර ජනවාරි 18 වන දින සිට අන්තර්ජාලයෙන් සම්පූර්ණ කර ගත හැකි අතර ජනවාරි මස 23 වන දින අයදුම්පත් යොමු කල හැක. තාවකාලික රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ජනවාරි මස 24 වන දින සිට අන්තර්ජාලයෙන් අයදුම්පත් සම්පූර්ණ කර ගත හැක. එම අයදුම්පත්‍ර ජනවාරි මස 31 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා අන්තර්ජාලය හරහා යොමු කල හැක.

තාවකාලික රැකියා අවස්ථාවන් සඳහාද, වෘත්තිමය පුහුණුව ලත් ශ්‍රමිකයන් සඳහාද, අධ්‍යාපනික, ආධුනික පුහුණුව හෝ වෘත්තිය පුහුණු වෙනුවෙන් ඉතාලියට පැමිණීමට විදේශිකයන්ට මෙමගින් අවස්ථාව ලැබී ඇති අතර දැනට ඒ සඳහා පැමිණි අයට නීත්‍යානුකූල වීම සඳහා මෙමගින් අවස්ථාව ලබා දී ඇත.

එහෙත් සෑම අංශයන් හට ලබා දී ඇති අවස්ථාවන් අවම බැවින් අයදුම්පත් යොමුකරන අනුපිලිවෙලට අවස්ථාව හිමිවේ.

සියලුම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේයි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ‍යේ https://nullaostalavoro.dlci.interno.it/ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

පරිගණක සාක්ෂරතාව නැති අය අනුග්‍රාහක ආයතනවල හා අයදුම්පත් සැකසීමේ හා ඉදිරිපත් කිරීමේ බලය ඇති සංවිධානවල සහාය ලබා ගන්න.

2018 වසර සඳහා තාවකාලික රැකියා අවස්ථාවන් 18000 ක් මෙවර ලබා දී ඇත.එම තාවකාලික රැකියා අවස්ථාවන් ලබා දී ඇති රටවල පහත සඳහන් පරිදි වේ.
Albania, Algeria, Bosnia-Herzegovina, Corea del Sud, Costa d’Avorio, Egitto, Etiopia, ex Repubblica Jugoslava di Macedonia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Senegal, Serbia, Sri Lanka, Sudan, Ucraina, Tunisia.

• programmi di formazione ed istruzione nei Paesi d’origine ai sensi dell’art. 23 del decreto legislativo 25 luglio 1998, n. 286; යන නීති සම්පාදකයට අනුකුලව තම රටෙහි පුහුණු ව ලබා ඇති විදේශික ශ්‍රමිකයන් 500 කට

• ස්වයං රැකියා සහ සාමන්‍ය රැකියා සඳහා ආර්ජන්ටිනා, උරුගුව, වෙනිසියුලා, බ්‍රෙසිල යන රටවල වෙසෙන පාරම්පරික ඉතාලි ජාතිකයන් 100 කට¡

• ඉතාලියේ ආර්ථීකය නගා සිටුවාලිය හැකි පරිදි ආයෝජනයන් කල හැකි ව්‍යාපාරිකයන් සහ පරිපාලන සේවයේ පරිපූරන වෘත්තිමය සුදුසුකම් සහිත විදේශිකයන් 2400 කට¡

• තාවකාලික රැකියා සඳහා (වතු වීසා) ඉතාලියට පැමිණි විදේශිකයන් 4750 කගේ තාවකාලික විසිමේ බලපත්‍රය, ස්ථීර රැකියාවේ නියුතුවීම වෙනුවෙන් ලබාදෙන සාමාන්‍ය විසිමේ බලපත්‍රයට පරිවර්තනය කර ගැනිමට.

• අධ්‍යාපනය, ආධුනික පුහුණුව හෝ වෘත්තිමය පුහුණුව වෙනුවෙන් ඉතාලියට පැමිණි විදේශිකයන් 3500 කට ස්ථීර රැකියාවෙහි නියුතු වීමට

• දීර්ඝ කාලින විසිමේ බලපත්‍ර හිමි වෙනත් යුරෝපා රටවල වෙසෙන විදේශිකයන් 800 කුට ස්ථීර රැකියා සඳහා

• අධ්‍යාපනය, ආධුනික පුහුණුව හෝ වෘත්තිමය පුහුණුව වෙනුවෙන් ඉතාලියට පැමිණිමට විදේශිකයන් 700 කට අවස්ථාව

• දීර්ඝ කාලින විසිමේ බලපත්‍ර හිමි වෙනත් යුරෝපා රටවල වෙසෙන විදේශිකයන් 100 කුට ස්වයං රැකියා සඳහා

මෙම නීතියේ චක්‍රලේඛණය මෙතනින් ලබා ගන්න

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අදාල ආයතන වෙත යවන ලද චක්‍රලේඛණය මෙතනින් ලබා ගන්න

මෙම නව නීතිය, ඉතාලියේ දැනට විසීමේ බලපත්‍රය (Visa) නොමැතිව රැඳී සිටින කිසිඳු විදේශිකයෙකු නීතිගත කරන සාමාන්‍ය නීතියක් නොවන බව කරුණාවෙන් සලකන්න. බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙම නව නීතිය වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, මේ අනුව සාමාන්‍ය නීතියක් ලෙස නීත්‍යානුකූල වීමට අවස්ථාව ඇතැයි වැරදි ලෙස අවබෝධ කර ගෙන ඇති බවත් දැනගන්නට ලැබී ඇත.

ඉතාලියේ සේවායෝජකයකු හෝ ඉතාලියේ අදාල රැකියා අවස්ථාවන් පවතින ආයතන හරහා මෙම නීතියට අයදුම් කල හැකි අතර මේ සඳහා අයදුම්පත යොමු කල යුත්තේ ඉතාලියේ සේවායෝජයකු හෝ ඒ සඳහා වූ ආයතන මගින් පමණි.

ලංකාවේ පිහිටි කිසිදු ලාංකික රැකියා ආයතනයකට හෝ ලංකාවේ සිටින කිසිදු පුද්ගලයකුට මේ සඳහා අයදුම් කිරිමට හෝ සේවකයන් එවීමට නොහැකිය.ඒ සඳහා කළ යුත්තේ ඉතාලියේ සිටින කෙනෙක් මාර්ගයෙන් ඉල්ලුම් කිරීමයි.වංචා කරුවන්ට රැවටෙන්න එපා.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

බෑ කිව්ව බොහෝ සංවර්ධන ව්‍යාපෘති කලේ අපි.... අගමැති කියයි... (VIDEO)

2018 ජනවාරි මස 27.

මේ රටේ සංවර්ධනය සඳහා මූලික අඩිතාලමක් දැම්මෙ එජාප රජයන් බලයේ සිටි කාලයේ. වෙළඳ කලාප බිහි කලේ අපේ රජයන් යටතේ, වසර 30 ක් යනවා කිව්ව මහවැලි ව්‍යාපෘතිය වසර 8 කින් නිම කලේ අපේ රජයන් යටතේ. රට සංවර්ධනය කරන්න රටේ බලය වගේම ගමේ බලයත් අපට දෙන්න. දකුණේ සංවර්ධනය ඌව දක්වා ප්‍රවර්ධනය කරනවා.

අගමැතිවරයා බදුල්ල ජනරැලියක් අමතමින් සඳහන් කලේය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

Friday, January 26, 2018

2018 නව නීතියෙන් කාටද ඉතාලියට එන්න පුළුවන් ?....(video)

2018 ජනවාරි මස 27.

ඉතාලියේ සෘතුමය 30850 කට තාවකාලික රැකියා........ඉතාලියේ රැකියා සඳහා අයදුම්පත් බාරගැනීම අරඹයි....

වංචාකරුවන්ට අහු වෙන්න එපා...

ඉතාලියේ තාවකාලික රැකියා සඳහා පැමිණීමට අවකාශ ලබාදෙන ගැසට් පත්‍රිකාව ජනවාරි මස 16 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. මේ අනුව තාවකාලික රැකියා අවස්ථාවන් 18000ක් විදේශිකයන් වෙනුවෙන් මෙවර වෙන්කර ඇති අතර ඉතිරි අවස්ථාවන් වෙනත් අංශයන් හට ලබා දී ඇත. තවද දැනට තාවකාලික රැකියා සඳහා පැමිණ වලංගු වීසා කාලසීමාව සහිතව රැඳී සිටින විදේශිකයන් 4750 කට ඉතාලියේ නිත්‍යානුකූල බලපත්‍රයට පරිවර්තනය කර ගැනීමට මෙමගින් හැකියාව ලබා දී ඇත. තාවකාලික විසීමේ බලපත්‍රය නීත්‍යානුකූල විසීමේ බලපත්‍රයට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන් හට අයදුම් පත්‍ර ජනවාරි 18 වන දින සිට අන්තර්ජාලයෙන් සම්පූර්ණ කර ගත හැකි අතර ජනවාරි මස 23 වන දින අයදුම්පත් යොමු කල හැක. තාවකාලික රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ජනවාරි මස 24 වන දින සිට අන්තර්ජාලයෙන් අයදුම්පත් සම්පූර්ණ කර ගත හැක. එම අයදුම්පත්‍ර ජනවාරි මස 31 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා අන්තර්ජාලය හරහා යොමු කල හැක.

තාවකාලික රැකියා අවස්ථාවන් සඳහාද, වෘත්තිමය පුහුණුව ලත් ශ්‍රමිකයන් සඳහාද, අධ්‍යාපනික, ආධුනික පුහුණුව හෝ වෘත්තිය පුහුණු වෙනුවෙන් ඉතාලියට පැමිණීමට විදේශිකයන්ට මෙමගින් අවස්ථාව ලැබී ඇති අතර දැනට ඒ සඳහා පැමිණි අයට නීත්‍යානුකූල වීම සඳහා මෙමගින් අවස්ථාව ලබා දී ඇත.

එහෙත් සෑම අංශයන් හට ලබා දී ඇති අවස්ථාවන් අවම බැවින් අයදුම්පත් යොමුකරන අනුපිලිවෙලට අවස්ථාව හිමිවේ.

සියලුම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේයි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ‍යේ https://nullaostalavoro.dlci.interno.it/ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

පරිගණක සාක්ෂරතාව නැති අය අනුග්‍රාහක ආයතනවල හා අයදුම්පත් සැකසීමේ හා ඉදිරිපත් කිරීමේ බලය ඇති සංවිධානවල සහාය ලබා ගන්න.

2018 වසර සඳහා තාවකාලික රැකියා අවස්ථාවන් 18000 ක් මෙවර ලබා දී ඇත.එම තාවකාලික රැකියා අවස්ථාවන් ලබා දී ඇති රටවල පහත සඳහන් පරිදි වේ.

Albania, Algeria, Bosnia-Herzegovina, Corea del Sud, Costa d’Avorio, Egitto, Etiopia, ex Repubblica Jugoslava di Macedonia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Senegal, Serbia, Sri Lanka, Sudan, Ucraina, Tunisia.

• programmi di formazione ed istruzione nei Paesi d’origine ai sensi dell’art. 23 del decreto legislativo 25 luglio 1998, n. 286; යන නීති සම්පාදකයට අනුකුලව තම රටෙහි පුහුණු ව ලබා ඇති විදේශික ශ්‍රමිකයන් 500 කට

• ස්වයං රැකියා සහ සාමන්‍ය රැකියා සඳහා ආර්ජන්ටිනා, උරුගුව, වෙනිසියුලා, බ්‍රෙසිල යන රටවල වෙසෙන පාරම්පරික ඉතාලි ජාතිකයන් 100 කට¡

• ඉතාලියේ ආර්ථීකය නගා සිටුවාලිය හැකි පරිදි ආයෝජනයන් කල හැකි ව්‍යාපාරිකයන් සහ පරිපාලන සේවයේ පරිපූරන වෘත්තිමය සුදුසුකම් සහිත විදේශිකයන් 2400 කට¡

• තාවකාලික රැකියා සඳහා (වතු වීසා) ඉතාලියට පැමිණි විදේශිකයන් 4750 කගේ තාවකාලික විසිමේ බලපත්‍රය, ස්ථීර රැකියාවේ නියුතුවීම වෙනුවෙන් ලබාදෙන සාමාන්‍ය විසිමේ බලපත්‍රයට පරිවර්තනය කර ගැනිමට.

• අධ්‍යාපනය, ආධුනික පුහුණුව හෝ වෘත්තිමය පුහුණුව වෙනුවෙන් ඉතාලියට පැමිණි විදේශිකයන් 3500 කට ස්ථීර රැකියාවෙහි නියුතු වීමට

• දීර්ඝ කාලින විසිමේ බලපත්‍ර හිමි වෙනත් යුරෝපා රටවල වෙසෙන විදේශිකයන් 800 කුට ස්ථීර රැකියා සඳහා

• අධ්‍යාපනය, ආධුනික පුහුණුව හෝ වෘත්තිමය පුහුණුව වෙනුවෙන් ඉතාලියට පැමිණිමට විදේශිකයන් 700 කට අවස්ථාව

• දීර්ඝ කාලින විසිමේ බලපත්‍ර හිමි වෙනත් යුරෝපා රටවල වෙසෙන විදේශිකයන් 100 කුට ස්වයං රැකියා සඳහා

මෙම නීතියේ චක්‍රලේඛණය මෙතනින් ලබා ගන්න

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අදාල ආයතන වෙත යවන ලද චක්‍රලේඛණය මෙතනින් ලබා ගන්න

මෙම නව නීතිය, ඉතාලියේ දැනට විසීමේ බලපත්‍රය (Visa) නොමැතිව රැඳී සිටින කිසිඳු විදේශිකයෙකු නීතිගත කරන සාමාන්‍ය නීතියක් නොවන බව කරුණාවෙන් සලකන්න. බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙම නව නීතිය වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, මේ අනුව සාමාන්‍ය නීතියක් ලෙස නීත්‍යානුකූල වීමට අවස්ථාව ඇතැයි වැරදි ලෙස අවබෝධ කර ගෙන ඇති බවත් දැනගන්නට ලැබී ඇත.

ඉතාලියේ සේවායෝජකයකු හෝ ඉතාලියේ අදාල රැකියා අවස්ථාවන් පවතින ආයතන හරහා මෙම නීතියට අයදුම් කල හැකි අතර මේ සඳහා අයදුම්පත යොමු කල යුත්තේ ඉතාලියේ සේවායෝජයකු හෝ ඒ සඳහා වූ ආයතන මගින් පමණි.

ලංකාවේ පිහිටි කිසිදු ලාංකික රැකියා ආයතනයකට හෝ ලංකාවේ සිටින කිසිදු පුද්ගලයකුට මේ සඳහා අයදුම් කිරිමට හෝ සේවකයන් එවීමට නොහැකිය.ඒ සඳහා කළ යුත්තේ ඉතාලියේ සිටින කෙනෙක් මාර්ගයෙන් ඉල්ලුම් කිරීමයි.වංචා කරුවන්ට රැවටෙන්න එපා.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

ගම්මන්පිලගේ නීතිඥවරයා අධිකරණය නොමග යවලා....

2018 ජනවාරි මස 27.

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් ෂෙඩික් විසින් පෑන් ඒෂියා බැංකුවෙන් මිලදී ගන්නා ලද ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් ව්‍යාපාර කොටස් වංචනික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඔ පළාත්බද මහාධිකරණයේ ගොනු කළ නඩුවේ අද (26) දින විශේෂ නඩු වාරයක් උසාවි අංක 2 දී මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා පැවැත්විය.

අද (26) දින පැමිණිලි පාර්ශවය ලෙස පෙනී සිටින නීතිපති වෙනුවෙන් සොලිස්ටර් ජනරාල් විසින් පැමිණිලි පාර්ශවයෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කිරීම, පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීම,ඉඩම් මිලදී ගැනීම වැනි කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.3 ණයක් ගෙවීමට තිබීමෙන් මා විශාල ලෙස බංකොලොත් භාවයට පත් වීමට ප්‍රබල ලෙස ලංකාවේ තිබු සියලුම වත්කම් අහිමි වීම බලපෑ බවත්,ඒ හේතුවෙන් තමන්ට අවශ්‍ය මුදල් නොමැතිවීම මත ලංකාව තුල නඩු පැවරීමට ප්‍රමාද වීම එක් සාධකයක් බව අධිකරණ ඉදිරියේ බ්‍රයන් මහතා ප්‍රකාශ කළේය.

තමන් සිඩ්නි ජයසිංහ සමග තිබු ගනුදෙනුව අවසන් වී තිබීම හේතුවෙන්, ලංකාවේ මගේ වත්කම් වල අයිතිවාසිකම හා උදව් උපකාර බලාපොරොත්තුවෙන් ඇටර්නි බලපත්‍ර පැවරීමට අවශ්‍ය අඩිතාලම මතුව තිබු අතර ඒ සදහා උදය ගම්මන්පිල සුදුසු බව හැගී ගිය මුත්, එහෙත් කිසිම අවස්ථාවක ඔහුට ඇටර්නි බලපත්‍රයක් ලබා නොදුන් බව මහාධිකරණ විනිසුරු ඉදිරියේ පුල පුලා බ්‍රයන් මහතා ප්‍රකාශ කළේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටින සොලිස්ටර් ජනරාල් වරයා විසින් බ්‍රයන් මහතා වෙත විත්තියේ නීතිඥවරයා විසින් මිට පෙර නඩු වාරයේදී පෙන්වන ලද ඇටර්නි බලපත්‍රය සම්බන්ධව ඇසු ප්‍රශ්න වලදී බ්‍රයන් මහතා ප්‍රකාශ කල සිටියේ තමා මෙවන් ලියවිල්ලක් නොදුන් බවයි.විත්තියේ නීතිඥවරයා විසින් මේ සම්බන්ධව ප්‍රශ්න 11 අසා සිටිමින් උසාවිය නොමග යවන ආකාරයේ ක්‍රියා කළ ඇති බව සොලිස්ටර් ජනරාල් වරයා මහාධිකරණ විනිසුරුතුමා ඉදිරියේ සදහන් කළේය.

සොලිස්ටර් ජනරාල් වරයා බ්‍රයන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ වාරයේදී 1997 වර්ෂයේ අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාව පෙන්වමින් ඇසු ප්‍රශ්නයට දෙමින් ඔහු කියා සිටියේ මා කිසි දිනක ආයතනයේ සභාපති වරයෙකු ලෙස කටයුතු නොකළ බවත්, ඇතැම් ලේඛන වල සභාපති ලෙස ලෙස්ලි ෆොන්සේකා නම් පුද්ගලයෙකු නම් කර තිබෙන බවත්, සම සභාපති ලෙස සිඩ්නි ජයසේන නම ඇතුලත් කර තිබීම මගින් මේවා කුඨ ලේඛන බවත් මෙහි සදහන් සිසිර ජයසේන මා කෙදිනකවත් දැක නොමැති බව හේතුවෙන් මෙම ලියවිලි අසත්‍ය බව ඔහු දිවුරා ප්‍රකාශ කළ අතර,මෙම ලේඛන වල ලේකම් වරයාගේ අත්සන නොමැති බවත් එහි තිබෙන මගේ අත්සන වගේ පෙනුනද, එය මගේ නොවන බව ද ප්‍රකාශ කළේය.

සොලිස්ටර් ජනරාල් විසින් අසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රයන් මහතා පවසා සිටියේ,තමන් හට ලංකාවේ දේශපාලනය සම්බන්ධව කිසිවෙකු නොමැති බවත්,ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාව තුලද දේශපාලනය සම්බන්ධව කිසිදු උනන්දුවක් නොමැති බවත් තමන් හට දැනට මුදල් තිබීම හේතුවෙන් තම වියදමින් මේ නඩුව ඉදිරියට ගෙන යන බව පැවසිය.

විත්තියේ නීතිඥවරයා විසින් විටින් විට ඔබ අසත්‍ය සාක්ෂි පවසන බවට කළ ප්‍රකාශය සම්බන්ධව සොලිස්ටර් ජනරාල් විසින් අසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රයන් නැමැත්තා ප්‍රකාශ කර සිටියේ, තමා දිවුරුම් පිට දිවුරුම් දී සාක්ෂි ලබා දෙන බවත්,ලංකාවේ අධිකරණයට තමා ගෞරව කරන බව කියා සිටියේය.

වැඩිදුර නඩු විභාගය සදහා ලබන මැයි 24,25 දවස පුරා පැවැත්වෙන බව මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා ප්‍රකාශ කළේය.

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...