Friday, January 5, 2018

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ මත දුරකථන සංවාද තොරතුරු බැඳුම්කර වාර්තාවෙන් ‘මිසින්’ ....


2018 ජනවාරි මස 05.

බැඳුම්කර කොමිසමේදී ප්‍රසිද්ධියට පත් වූ මැති ඇමතිවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳව කොමිසමේ අවසන් වාර්තාවට කිසිදු කරුණක්‌ ඇතුළත් නොවීම නිසා මෙය දේශපාලන හානියක්‌ කිරීමේ අරමුණින් රහස්‌ පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ උපක්‍රමයක්‌ දැයි සොයා බලන ලෙස ජනපතිට සහ අගමැතිට පැමිණිලි කිරීමට අදාළ මැති ඇමතිවරුන් තීරණය කර තිබේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදී මැති ඇමැතිවරුන් පස්‌ දෙනකුගේ දුරකථන සංවාද තොරතුරු හෙළි කොට මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට ලක්‌ කිරීමෙන් ඔවුනට සිදු වූ දේශපාලන හානිය විශාලය.

දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්‌ටර් අප්පුහාමි යන මැති ඇමැතිවරුන්ගේ දුරකථන සංවාද තොරතුරු මෙ ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ මත රහස්‌ පොලිසිය විසින් බැඳුම්කර කොමිසට වෙත ඉදිරිපත් කර තිබිණි.

එම දුරකථන සංවාද සම්බන්ධව කිසිදු කරුණක්‌ අවසන් වාර්තාවේ ඇතුළත් නොවීම නිසා එය දේශපාලන හානියක්‌ සිදු කිරීමේ අරමුණින් කළ බවට කරුණු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්‌ටර් අප්පුහාමි මහතා පැවසීය.

එලෙස තම දුරකථන සංවාද තොරතුරු ලබා ගැනීමට උපදෙස්‌ දුන්නේ කවරකු දැයි සොයා බලන ලෙස කථානායකවරයාගෙන්ද ඉල්ලා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...