Saturday, January 27, 2018

2018 නව නීතියෙන් කාටද ඉතාලියට එන්න පුළුවන් ?....(video)

2018 ජනවාරි මස 27.

ඉතාලියේ සෘතුමය 30850 කට රැකියා........ඉතාලියේ රැකියා සඳහා අයදුම්පත් බාරගැනීම අරඹයි....

වංචාකරුවන්ට අහු වෙන්න එපා...

ඉතාලියේ තාවකාලික රැකියා සඳහා පැමිණීමට අවකාශ ලබාදෙන ගැසට් පත්‍රිකාව ජනවාරි මස 16 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. මේ අනුව තාවකාලික රැකියා අවස්ථාවන් 18000ක් විදේශිකයන් වෙනුවෙන් මෙවර වෙන්කර ඇති අතර ඉතිරි අවස්ථාවන් වෙනත් අංශයන් හට ලබා දී ඇත. තවද දැනට තාවකාලික රැකියා සඳහා පැමිණ වලංගු වීසා කාලසීමාව සහිතව රැඳී සිටින විදේශිකයන් 4750 කට ඉතාලියේ නිත්‍යානුකූල බලපත්‍රයට පරිවර්තනය කර ගැනීමට මෙමගින් හැකියාව ලබා දී ඇත. තාවකාලික විසීමේ බලපත්‍රය නීත්‍යානුකූල විසීමේ බලපත්‍රයට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන් හට අයදුම් පත්‍ර ජනවාරි 18 වන දින සිට අන්තර්ජාලයෙන් සම්පූර්ණ කර ගත හැකි අතර ජනවාරි මස 23 වන දින අයදුම්පත් යොමු කල හැක. තාවකාලික රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ජනවාරි මස 24 වන දින සිට අන්තර්ජාලයෙන් අයදුම්පත් සම්පූර්ණ කර ගත හැක. එම අයදුම්පත්‍ර ජනවාරි මස 31 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා අන්තර්ජාලය හරහා යොමු කල හැක.

තාවකාලික රැකියා අවස්ථාවන් සඳහාද, වෘත්තිමය පුහුණුව ලත් ශ්‍රමිකයන් සඳහාද, අධ්‍යාපනික, ආධුනික පුහුණුව හෝ වෘත්තිය පුහුණු වෙනුවෙන් ඉතාලියට පැමිණීමට විදේශිකයන්ට මෙමගින් අවස්ථාව ලැබී ඇති අතර දැනට ඒ සඳහා පැමිණි අයට නීත්‍යානුකූල වීම සඳහා මෙමගින් අවස්ථාව ලබා දී ඇත.

එහෙත් සෑම අංශයන් හට ලබා දී ඇති අවස්ථාවන් අවම බැවින් අයදුම්පත් යොමුකරන අනුපිලිවෙලට අවස්ථාව හිමිවේ.

සියලුම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේයි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ‍යේ https://nullaostalavoro.dlci.interno.it/ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

පරිගණක සාක්ෂරතාව නැති අය අනුග්‍රාහක ආයතනවල හා අයදුම්පත් සැකසීමේ හා ඉදිරිපත් කිරීමේ බලය ඇති සංවිධානවල සහාය ලබා ගන්න.

2018 වසර සඳහා තාවකාලික රැකියා අවස්ථාවන් 18000 ක් මෙවර ලබා දී ඇත.එම තාවකාලික රැකියා අවස්ථාවන් ලබා දී ඇති රටවල පහත සඳහන් පරිදි වේ.
Albania, Algeria, Bosnia-Herzegovina, Corea del Sud, Costa d’Avorio, Egitto, Etiopia, ex Repubblica Jugoslava di Macedonia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Senegal, Serbia, Sri Lanka, Sudan, Ucraina, Tunisia.

• programmi di formazione ed istruzione nei Paesi d’origine ai sensi dell’art. 23 del decreto legislativo 25 luglio 1998, n. 286; යන නීති සම්පාදකයට අනුකුලව තම රටෙහි පුහුණු ව ලබා ඇති විදේශික ශ්‍රමිකයන් 500 කට

• ස්වයං රැකියා සහ සාමන්‍ය රැකියා සඳහා ආර්ජන්ටිනා, උරුගුව, වෙනිසියුලා, බ්‍රෙසිල යන රටවල වෙසෙන පාරම්පරික ඉතාලි ජාතිකයන් 100 කට¡

• ඉතාලියේ ආර්ථීකය නගා සිටුවාලිය හැකි පරිදි ආයෝජනයන් කල හැකි ව්‍යාපාරිකයන් සහ පරිපාලන සේවයේ පරිපූරන වෘත්තිමය සුදුසුකම් සහිත විදේශිකයන් 2400 කට¡

• තාවකාලික රැකියා සඳහා (වතු වීසා) ඉතාලියට පැමිණි විදේශිකයන් 4750 කගේ තාවකාලික විසිමේ බලපත්‍රය, ස්ථීර රැකියාවේ නියුතුවීම වෙනුවෙන් ලබාදෙන සාමාන්‍ය විසිමේ බලපත්‍රයට පරිවර්තනය කර ගැනිමට.

• අධ්‍යාපනය, ආධුනික පුහුණුව හෝ වෘත්තිමය පුහුණුව වෙනුවෙන් ඉතාලියට පැමිණි විදේශිකයන් 3500 කට ස්ථීර රැකියාවෙහි නියුතු වීමට

• දීර්ඝ කාලින විසිමේ බලපත්‍ර හිමි වෙනත් යුරෝපා රටවල වෙසෙන විදේශිකයන් 800 කුට ස්ථීර රැකියා සඳහා

• අධ්‍යාපනය, ආධුනික පුහුණුව හෝ වෘත්තිමය පුහුණුව වෙනුවෙන් ඉතාලියට පැමිණිමට විදේශිකයන් 700 කට අවස්ථාව

• දීර්ඝ කාලින විසිමේ බලපත්‍ර හිමි වෙනත් යුරෝපා රටවල වෙසෙන විදේශිකයන් 100 කුට ස්වයං රැකියා සඳහා

මෙම නීතියේ චක්‍රලේඛණය මෙතනින් ලබා ගන්න

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අදාල ආයතන වෙත යවන ලද චක්‍රලේඛණය මෙතනින් ලබා ගන්න

මෙම නව නීතිය, ඉතාලියේ දැනට විසීමේ බලපත්‍රය (Visa) නොමැතිව රැඳී සිටින කිසිඳු විදේශිකයෙකු නීතිගත කරන සාමාන්‍ය නීතියක් නොවන බව කරුණාවෙන් සලකන්න. බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙම නව නීතිය වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, මේ අනුව සාමාන්‍ය නීතියක් ලෙස නීත්‍යානුකූල වීමට අවස්ථාව ඇතැයි වැරදි ලෙස අවබෝධ කර ගෙන ඇති බවත් දැනගන්නට ලැබී ඇත.

ඉතාලියේ සේවායෝජකයකු හෝ ඉතාලියේ අදාල රැකියා අවස්ථාවන් පවතින ආයතන හරහා මෙම නීතියට අයදුම් කල හැකි අතර මේ සඳහා අයදුම්පත යොමු කල යුත්තේ ඉතාලියේ සේවායෝජයකු හෝ ඒ සඳහා වූ ආයතන මගින් පමණි.

ලංකාවේ පිහිටි කිසිදු ලාංකික රැකියා ආයතනයකට හෝ ලංකාවේ සිටින කිසිදු පුද්ගලයකුට මේ සඳහා අයදුම් කිරිමට හෝ සේවකයන් එවීමට නොහැකිය.ඒ සඳහා කළ යුත්තේ ඉතාලියේ සිටින කෙනෙක් මාර්ගයෙන් ඉල්ලුම් කිරීමයි.වංචා කරුවන්ට රැවටෙන්න එපා.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...