Sunday, January 14, 2018

‘මෛත‍්‍රී කිව්වේ බොරු’..රවි කඩුව අතට ගනියි..රටට ඇත්ත කියන්නැයි එළිපිට අභියෝග කරයි......

2018 ජනවාරි මස 15.

මහ බැංකු බැදුම්කර ජනාධිපති කොමිසම විසින් ලබා දුන් වාර්තාවෙත්, ජනාධිපතිවරයා විසින් රටට ඉදිරිපත් කළ කරුණු අතරත් යම් පරස්පරබවක් ඇති බැවින් සත්‍ය තොරතුරු රට හෙළි කරන ලෙසට ජනාධිපතිවරයාට අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

ප්‍රශ්නය: ඔබ ඉල්ලීමක් කළා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැදුම්කර කොමිසම් වාර්තාව ලබා දෙන්න කියලා. දැන් අගමැතිවරයාට වාර්තාව ලැබිලා තියනවා. ඇයි ඔබතුමාට ලැබෙන්නේ නැතුව අගමැතිවරයා විතරක් ඒ වාර්තාව ලැබිලා තියෙන්නේ?

“කවුද කිව්වේ මට ලැබිලා නෑ කියලා.අපි එය ලබා ගෙන තියනවා. අගමැතිවරයාට ලැබුණම අපිට ලැබෙනවා. අපි දැන් දන්නවා. ඒනිසා තමයි ආණ්ඩුව දැන් මේක එළියට දාන්නේ නැත්තේ. අමූලික බොරුවක් ගහලා තියන නිසා දැන් එළියට දාන්න බැරි කම තමයි තියන ප්‍රශ්නේ.”
ප්‍රශ්නය: ජනාධිපතිතුමා පත් කළ කොමිසම් වාර්තාව නේ?

“ඔව් ජනාධිපති කොමිසම පත් කළා. ඒ නිලධාරින් දුන් එකක් යම් විදියකින් වැරදි වෙලා ඇති. ඒ නිසා අහිංසක තත්ත්වයක් ඇති වෙලා ඇති. නමුත් ඇත්ත තත්ත්වය හෙලිදරව් කරන අභියෝගය තමයි අපි දැන් කරනනේ ඉතින් ඒ නිසා ප්‍රසිද්ධියේ එවන්න එළියට.”

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...