Friday, January 19, 2018

ඌවේ මහ ඇමති දණ ගැස්වූ විදුහල්පතිනිය කට අරී ....(video)

2018 ජනවාරි මස 19.

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා පළාත් නිලධාරියා කළ අතවරය

“ මට තර්ජනය කර බලපෑම් කළා. මහ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා. මගේ කට උත්තරය ලියලා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්“ මරණ තර්ජන වලට බියේ සැඟව සිටි බදුල්ල දමිල විද්‍යාලයේ විදුහල්පතිනිය කට අරියි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා විසින් තර්ජනය කොට බැණ වැදී දණ ගස්වා වන්දවා ගත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මීට සුළු වේලාවකට පෙර පාපෝච්චාණයක් කළාය.

තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් මෙම විදුහල්පතිනිය සඳහන් කළේ තමාට තර්ජනය කොට, බලහත්කාරයෙන් මෙම පිරිස රූපවාහිනී නාලිකාවක මාධ්‍යෙව්දියකු යැයි කියාගන්නා ලද පුද්ගලයයෙකු ඉදිරියේ ප්‍රකාශයක්ද ලබාගත් බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මාධ්‍ය වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඇය විසින් ලබාදිය යුතු කට උත්තරය පවා ලියා තේරුම් කරදී ඇත්තේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු විසිනි.

ඌව පළාතේ දේශපාලඥයින්ගේ නිවෙස් සහ කාර්යාල වල නිතර දැකිය හැකි මෙම නිලධාරියා තමාට සිදුකළ තර්ජන ශිෂ්ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි බවද මෙම අතවරයට ලක්වූ විදුහල්පතිනය අප සමඟ පැවසුවාය.

මෙම සිදුවීමට මුහුණ දුන් විදුහල්පතිනිය කළ සම්පූර්ණ ප්‍රකාශය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...