Tuesday, January 30, 2018

බැඳුම්කරය ගනුදෙනුව හරහා රාජ්‍ය ආයතන රුපියල් බිලියන 25ක් ලාභ ලැබුවා ....

2018 ජනවාරි මස 31.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හරහා රජයට මහා පරිමාණයේ පාඩුවක් සිදුවූ බව සඳහන් සඳහන් කරමින් විවිධ අගයන් ඉදිරිපත් කරන බවත් ඒ සියල්ල අමූලික බොරු බව ඔප්පු කිරීමට සාක්ෂි තම සේවාදායකයා සතු බව අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතිඥයන් සඳහන් කරයි.

ඇලෝසියස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.....
අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට යන බවට සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවන පුවත් වල සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා කළ විමසුමකදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතිඥයන් මේ බව සඳහන් කර සිටියේය.

කැත වැඩක් ගොඩක් වෙනවා

එහිදී වැඩි දුරටත් අදහස් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ මේ වන විට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ දේශපාලන වේදිකාවේ විවිධ ප්‍රකාශ විවිධ කතා පළකර සිටියත් ඒ පිළිබඳ තම සේවාදායකයා නිහඬව සිටි බවත් එහෙත් මේ වන විට එය තම සේවාදායකයාගේ සියළු ව්‍යාපාර අහිමි කරන නිදහස් වෙළඳපොල සමාජයක ව්‍යවසායකයකු කොහෙත්ම බලාපොරොත්තු නොවන තැනකට පත්ව ඇති බැවින් රටේ මෙන්ම ජාත්‍යන්තරවත් සියළු දෙනාට දැන ගැනීම සඳහා මේ ගනුදෙනුවේ ඇත්ත පැතිකඩ හෙළිකිරීමට තම සේවාදායකයා තීරණය කර ඇති බවය.

ලාභය ඇමරිකන් ඩොලර් මිලියන 170ක්

පසුගිය කාලයක් පුරා ඒ වෙනුවෙන් වෙන්කර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව තම සේවාදායක පාර්ශවය පැහැදිළි ගණනය කිරීමක් සිදුකළ බවත් ඒ හරහා මෙම ගනුදෙනුවට සම්බන්ධ රජයේ මුල්‍ය ආයතන රුපියල් බිලියන 25 (ඇමරිකානු ඩොලර් මිලියන 170) කට අධික ලාභයක් ලබා ඇති බව ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවද එම නීතිඥයන් සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ බැඳුම්කර ගනුදෙනුවට තම සේවාදායකයා හරහා සම්බන්ධවූ රාජ්‍ය ආයතන තුනම ලැබූ ලාභය පිළිබඳ වාර්තා තමන් සතුව ඇති බවය.

රාජ්‍ය ආයතන 3 ලාභය මෙන්න

ඒ අනුව මෙම රාජ්‍ය ආයතන වන සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 21.5 ක් , ජාතික රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 2.9ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 1.2 ලෙස ලාභ ලබා ඇත.

එසේම මෙතෙක් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සිදුකළ විමර්ශන වලදී විවිධ ආයතන රජයට අලාභයක් සිදුවූ බවට විවිධ අලාභයන් වාර්තා කළ බවත් ඒ සියල්ල උපකල්පිත අලාභයන් බවද ඔවුන් සඳහන් කර සිටියි.

කරුණු නොදැන ප්‍රශ්නය දේශපාලනික කරලා

රාජ්‍ය අරමුදල් විසින් මෙම බැඳුම්කර නිකුතු ද්වීතික වෙළඳපොළේ මිලදී ගත්තාට පාඩුවක් සිදු නොවන බවත් ඒවා නැවත වෙලඳාම් කර ලාබ ඉපැයීමේ අවස්ථාව තිබෙන බවද ඔවුන් සඳහන් කරයි. එසේම එය දිගින් දිගටම සිදුවන ක්‍රියාවලියක් බව සඳහන් කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බැඳුම්කර ගනුදෙනුව සහ ප්‍රාථමික ගැනුම්කාර ආයතන , ද්විතීක වෙලඳපොල සකසා ඇති ආකාරය ගැන වැඩි විස්තර නොදන්නා සමාජය නොමග යවමින් මෙතෙක් මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...