Tuesday, January 16, 2018

‘ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න’..සරසවි සිසුවියක් ජනපති මෛත‍්‍රීට තැබු අපූරු ට්විටර් සටහන....

2018 ජනවාරි මස 16.

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා පනවා තිබු තහනම මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ඉවත් කලද යළි එම තහණම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යළි බලගන්වනු ලැබුවා. ඒත් සමඟම බොහෝ දෙනාගේ අවධානය එම කරුණ දෙසට යොමුවුනා සේම සමාජ මාධ්‍යයන් තුලද ඒ පිලිබඳ වැඩි වශයෙන් කතාබහකට ලක්වුනා.

කෙසේ නමුත් බොහෝ දෙනා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා තවත් බොහෝ දුරක් යා යුතුව තිබෙන බවයි.

මේ පිළිබඳව වැදගත් අදහස් එක්කරමින් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් සිසුවිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ට්වටර් පණිඩිඩයක් නිකුත් කර තිබුනා. එහිදී තමන්ද ඉගනුම ලබන අතරවාර‍යේ මත්පැන් අලෙවි සැලක සේවය කරන බව සඳහන් කර තිබීම විශේෂත්වයක්.

”මම ශ්‍රී ලාංකික කාන්තාවක්, මම අධ්‍යාපනය ලබන අතරතුර මත්පැන් හලක සේවයේ නිරත වනවා.ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න.”

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...