Sunday, January 14, 2018

බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදිය.... හරීන්ගෙන් බැදුම්කර සිදුවීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

2018 ජනවාරි මස 14.

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකා’ශ කළේය.

බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදිය. එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී තිබේ. අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11කි. එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහක්‍ෂව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය මුළුමනින්ම ඇද වැටීම පමණකි.

හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද් භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි.

ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයේ වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...