Friday, January 12, 2018

ඉදිරි සති කීහිපයේ ෆේස් බුක් විශාල වෙනසක් ....සකර්බර්ග් ගෙන් නිවේදනයක්...

2018 ජනවාරි මස 13.

මෙම වසරේදී ෆේස් බුක්හි තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා.
ලෝකයේම ජනතාව වඩාත් සමීප කරවීමේ අරමුණ සහිතව නිර්මාණය කළ ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය මේ වන විට විවිධ කරුණු වෙනුවෙන් යොදා ගනිමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ මෑතකදී සිදු කළ සමීක්ෂණවලින් එය හෙළිවී ඇති බවයි.

විවිධ සන්නාම ආයතන, විවිධ ව්‍යාපාර මෙන්ම මාධ්‍ය එහි ප්‍රමුඛස්ථානයක පසුවන බව අදාළ සමීක්ෂණ මගින් පෙන්වාදී ඇතැයි සඳහන්.

එම කරුණුවලට අවස්ථාව ලබාදෙන අතරම ෆේස් බුක් පරිශීලකයන්ට විනෝදාස්වාදය ලබාදීම උදෙසා වෙනස්කම් සිදු කරන බවත් තම සමාගම නිවැරදි ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය ෆේස්බුක් පරිශීලකයන්ට මෙන්ම තම සමාගමට ද දීර්ඝ කාලීනව වාසිදායක වනු ඇතැයි ද ඔහු පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම සිය සටහන මගින් ෆේස් බුක් නිර්මාතෘවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම වෙබ් අඩවිය නිරන්තරයෙන්ම පෞද්ගලික සම්බන්ධතා වඩාත් තහවුරු කිරීම වෙනුවෙන් පවතින එකක් බවයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...