Thursday, January 18, 2018

ඉතාලියේ සෘතුමය 30850 කට තාවකාලික රැකියා...

2018 ජනවාරි මස 19.

ජනවාරි 24 සිට ඉල්ලුම් කරන්න ඔබටත් මෙන්න අවස්ථාවක්.

ඉතාලි රජය විසින් 2018 වසරට විවිධ වෘත්තිය ක්ෂේත්‍රයන් රැකියා අවස්ථා 30850 විදේශිකයන් හට ලබා දී ඇත. ඒ අනුව තෝරාගත් රටවල් වලට තාවකාලික රැකියා සඳහා එම අවස්ථා 30850 න්, අවස්ථාවන් 18000 ක ප්‍රමාණයක් වෙන් කර ඇත. මෙම තාවකාලික රැකියා අවස්ථාවන් 18000 ලබාදෙනු ලබන්නේ සෘතුමය කාලවලදී විවෘතව තබන සංචාරක හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පමණි. මෙම රැකියා අවස්ථාවන් 18000 වෙනත් කිසිඳු ක්ෂේත්‍රයක් සඳහා ලබා දෙනු නොලැබේ.
මෙම නීතිය සඳහා වන ගැසට් පත්‍රිකාව ජනවාරි 16 වන දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නිල වෙබ් අඩවිය හරහා සේවා යෝජකයකු විසින් අයදුම්පත් අයදුම් කලයුතු අතර කිසිඳු සේවකයෙකුට ඒ වෙනුවෙන් අයදුම් කල නොහැකි බව අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

තාවකාලික රැකියා අවස්ථාවන්.

තාවකාලික රැකියා අවස්ථාවන් 18000 සඳහා අන්තර්ජාලය හරහා අයදුම් පත් පුරවා සකස් කර තැබීමට ජනවාරි 24 පෙරවරු 9.00 සිට අවස්ථාව ලබා දෙනු ඇත. ඒ අනුව තාවකාලික රැකියා සඳහා අයදුම් පත් යොමු කිරිම ජනවාරි 31 වනදා පෙ.ව. 9.00 සිට ආරම්භ කරනු ඇත.

තාවකාලික රැකියා නොවන රැකියා අවස්ථාවන්

තාවකාලික රැකියා නොවන රැකියා අවස්ථාවන් 12850 සඳහා ජනවාරි 18 පෙ.ව. 9.00 සිට අවස්ථාව ලබා දෙනු ඇත. ඒ අනුව අයදුම් පත් යොමු කිරිම ජනවාරි 23 වනදා පෙ.ව. 9.00 සිට ආරම්භ කරනු ඇත.

( තාවකාලික රැකියා අවස්ථාවන් සඳහාද, වෘත්තියමය පුහුණුව ලත් ශ්‍රමිකයන් සඳහාද, අධ්‍යාපනික, ආධුනික පුහුණුව හෝ වෘත්තිය පුහුණු වෙනුවෙන් ඉතාලියට පැමිණි විදේශිකයන් හට නීත්‍යානුකූල වීම සඳහා මෙම රැකියා අවස්ථාවන් 12850 ලබාදී ඇත.)

සියලුම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේයි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ‍යේ https://nullaostalavoro.interno.it වෙබ් අඩවියට පිවිසෙන්න. අයදුම්පත් ලබා ගත හැකි අංශයට පිවිසීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්යයි.

පරිගණක සාක්ෂරතාව නැති අය අනුග්‍රාහක ආයතනවල හා අයදුම්පත් සැකසීමේ හා ඉදිරිපත් කිරීමේ බලය ඇති සංවිධානවල සහාය ලබා ගන්න.

මෙම රැකියා අවස්ථාවන් ඉතාලියේ දැනට විසීමේ බලපත්‍රය (visa) නොමැතිව රැඳී සිටින කිසිඳු විදේශිකයෙකු නීතිගත කරන සාමාන්‍ය නීතියක් නොවන බව කරුණාවෙන් සලකන්න.

එම තාවකාලික රැකියා අවස්ථාවන් ලබා දී ඇති රටවල පහත පරිදි වේ.

Albania, Algeria, Bosnia-Herzegovina, Corea (Repubblica di Corea), Costa d’Avorio, Egitto, El Salvador, Etiopia, Ex Repubblica Jugoslava di Macedonia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Senegal, Serbia, Sri Lanka, Sudan, Tunisia, Ucraina.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...