Thursday, January 25, 2018

වසර 70 පුරාවටම දේශපාලකයන් කලේ තමා හා තම පක්ෂය පිම්බවීමයි. මෛත්‍රි අද කරන්නේත් මහින්ද එදා කල දේමයි...

2018 ජනවාරි මස 26.

දැන් වන විට වසර 70 පුරාවටම ” ලෝකයේ දියුණු වෙමින් තිබෙන රට ලංකාව ” යන්න නම කිසි කලකත් නොවෙනසව පවති. එසේ නොවෙනසව රටක් ගෙන යෑමේ ගෞරවය පිදිය යුත්තේ එදා සිට මෛත්‍රිපාල නැමති අවස්ථා වාදි පාලකයා දක්වාමය.
ශ්‍රි ලාංකීය හැගීම දැනෙන්නේ රටින් එක් දිනක් හෝ පිටව ගිය කෙනෙකුට යැයි යමෙක් කීවොත් එය ඇත්තය. 1948 පෙබරවාරි 04 වන දින අපේ රටට නිදහස ගැනීමට එදා සියලු නායකයන් දිවිහිමියෙන් කටයුතු කලෝය. ඒ එදා නායකයන්ට බල ලෝබය හා පක්ෂ දේශපාලනයට වඩා උපන් බිමට දිවිහිමියෙන් ආදරය කල නිසාය.

ඒත් කල් යත්ම බල ලෝභි දේශපාලනය හා මුදල් පසුපස හබායන සමාජයක් නිසාම තමා උපන් රටේ දියුණුවට යමක් කරනවා වෙනුවට ඒ රට නැත්තට නැතිකිරීමටත් රටේ ජනතාවගේ දහදියෙන් හරිහම්බකරමින ජනතාව රට දියුණු කිරීමට කියා ගෙවන බදු සල්ලි සියල්ලම අද කාන්නෙ කාලකන්නි දේශපාලකයන්ය.

වසර 70 ගෙවෙන මේ මොහොත වෙන තුරුම ජනතාව සිදු කලේම මේ පක්ෂ දේශපාලනයට තම තමාගේ ජීවිතමායිම් නොකර පට්ට හොරුන් මැති සබයට යැවීමයි. ඒ යන උන් උන්ගේ හැත්ත වරිගයම වෙනුවෙන් දිවිහිමියෙන් වැඩකිරීමය. අවසානයේ සිදුවන්නේ එක් පැත්තකට වී හරිහම්බකරන ඔවුන් ඊළඟ ඡන්දයට තම පක්ෂය ජනප්‍රිය නොවේනම් තවත් බොරු තොගයක් කියමින් අනික් පැත්තට කරනම් ගැසීම වසර 70 තුලම ජිවත් වු සියලුම කාලකන්නි පාලකයන් සිදු කොට හමාරය.

පැත්තෙන් පැත්තට පනින නායකයන් සිටි සියලුම පකෂ එදා වගේම අදටත් සිදුකරයි. ඒත් මේ පැතිමාරුවට විටක වැට බැදිනි . ලංකාවේ සිටි නින්දිතම ,තුප්පැහිම අගවිනිසුරු වන සරත් නන්ද සිල්වා නැමති කාලකන්නියා සිදුකලේ පනින රිලවන්ට ඉනිමන් බැදීමයි.

දැන් වන විට වසර 70 පුරාවටම ” ලෝකයේ දියුණු වෙමින් තිබෙන රට ලංකාව ” යන්න නම කිසි කලකත් නොවෙනසව පවති. එසේ නොවෙනසව රටක් ගෙන යෑමේ ගෞරවය පිදිය යුත්තේ එදා සිට මෛත්‍රිපාල නැමති අවස්ථා වාදි පාලකයා දක්වාමය.

ලාංකිය ජනතාව මේ තට්ටු මාරු දේශපාලනයට තිත නොතිබෙන කාලයක් පුරාවටම රට ලෝකයේ පහලම තැනට වට්ටන බවනම් කිව හැකිය.

මේ වනවිට මෛත්‍රිපාල යහපාලන රජයේ ජනාධිපතිය. යහපාලනය නැමති අට මගලේ හැදුවේ ජනතාවගේ යහපතට නම නොවන බව මෛත්‍රිම කියයි.මෛත්‍රි කියන්නේ ඇත්ත නම් ” මම දින 100 ආණ්ඩුව විසිරුවානම් අද ශ්‍රි ලංකානිදහස් පක්ෂයක් නෑ ” ……… මෙහෙම කියන මෛත්‍රි තවත් අවස්ථාවක කිවේ…….. ” මම යහපාලනය හදන්න එකඟ නොවුනානම් මහින්ද, ගෝඨලා හා අපේ කොල්ලො යුද අධිකරණයට ගෙනිහින් ……”

ඇත්තටම මේ ඇතමද නැත්තන් ඇත්තටම මෛත්‍රිගේ පට්ට බේගල්ද…? මෙහි ඒකක් ඇත්තය. ඒ මහින්දලා,මෛත්‍රිලා එකම වල්ලේ පොල්ය. මොවුන්ට රටට හෙන ගැහුවත් මුන්ගේ පක්ෂ දේශපාලනය ගරා වැටෙනවාට ඔවුන් කැමති නැත ඇත්තටම සත්‍ය නම් මුන්ට රටට පෙර “මම ” ය මට පසුව ඔවුන් ජවිකාව ගෙනියන ව්‍යාපාරයයි. ඉන් පසුව රටයි.
මෙන්න මේ නිසාම තමා වසර තට්ටුමාරු ක්‍රමයට මේ රට කා දමා දැන් වන විට බුලත් විටක හපයක් බවට පත්ව මෛත්‍රි කරන්නේ විට හපහපා දැන් බැන්දුන්කරයක් කර පින්නාගෙන යහපාලනය අමතක කොට ඔහුගේ පාක්ෂිකයා සතුටු කිරීමය.
ඔහුට දැන් යහපාලනය අමතකය, නිර්පාක්ෂික ජනාධිපති යන්න අමතකය, නමුත් මෛත්‍රිට මේවා මතක් වන දවසනම් ඉතාම ඉක්මනට උදා වනු ඇත. එදාට මෛත්‍රිට තවත් නම් යහපාලනයක් ගැන කතාකිරීමට කිසිවෙකුත් ඉඩ නොදනවා පමනක් නොව ඒ වන විට මෛත්‍රි අවලංගු කාසියයක් වී හමාරය

එදාට ජනතාව මෛත්‍රිට එකක් කියනු ඇත, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් කා රටත් කාපු අපේ කාලේ බිහිවු දෙපිටකාට්ටුම නායකයා නම් ඔහු බවය.

අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...