Tuesday, January 9, 2018

ඉතාලියේ දරුවන්ගේ ඡායාරූප ෆේස්බුක් ට්විටර් සහ අනෙකුත් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පල කරන දෙමාපියන් හට යුරෝ 10000 (දසදහසක) දඩයක්.....

2018 ජනවාරි මස 10.

Facebook, twiter, instagram වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ චායාරෑප විශාල ප්‍රමානයක් පල වුනා. මේ අතර කුඩා දරැවන්ගේද චායාරෑප අපට නිතරම දක්නට ලැබෙනවා. වයස අවුරැදු 18ට අඩු බාලවයස්කාර දරැවන්ගේ ආරක්ෂාව පිලිබද වගකිවයුතු දෙමාපියන්ම තම කුඩා දරැවන්ගේ චායාරෑප facebook හරහා අන්තර්ජාලයට මුදාහැරීම සාමාන්‍ය දෙයක් බවට අද පත් වෙලා.
මෙවැනි කරැණක් සම්බන්ධයෙන් රෝම අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සුවිශේෂී නඩු තීන්දුවක් සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජ වෙබ් අඩවි භාවිතා කරන ⁣කුඩා දරැවන් ඇති ඉතාලියේ ජීවත්වන ලාංකික දෙමාපියන් දැනුවත් කල යුතු යැයි මට සිතුනා.

රෝම අධිකරණය විසින් සමාජ වෙබ් අඩවි ඔස්සේ තම දරුවන්ගේ ඡායාරූප
පල කරන දෙමාපියන් හට යුරෝ 10000 ක් යූරෝ (දසදහසක්) දක්වා දඩයක් නියම කරනු ලැබුවා.

ෆේස්බුක්, ට්විටර් සහ අනෙකුත් සමාජ වෙබ් අඩවි ඔස්සේ දරුවන්ගේ ඡායාරූප ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරන දෙමාපියන් සඳහා 2017 දෙසැම්බර් 23 වන දින රෝමය අධිකරණය විසින් මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවා.

Il Sole24Ore ඉතාලි පුවත්පත වාර්තා කරන පරිදි වයස අවුරැදු 16ක් වූ දරැවකුගේ ඡායාරූප සිය මව විසින් facebook හරහා කුඩා කල සිට පල කරනු ලැබූ නිසා ප්‍රශ්න රාශියකට මුහුන දීමත් සමග මෙම පාසල් සිසුවා තම මවට එරෙහිව අධිකරණ තීන්දුවක් ඉල්ලා සිටියා. එහිදී විනිසුරුවරයා මව හට යුරෝ 10000ක දඩ මුදලක් නියෝග කරනු ලැබුවා. ඉතාලි පුද්ගල නීතියේ 96 වන වගන්තිය 1989 ලෝක ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 16 වන වගන්තියට අනුව බාලවයස්කරුවන්ට ලබා දෙන විශේෂ ආරක්ෂාව හේතු කොට ගෙන මෙම තීන්දුව ගනු ලැබුවා.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...