Friday, January 26, 2018

ගම්මන්පිලගේ නීතිඥවරයා අධිකරණය නොමග යවලා....

2018 ජනවාරි මස 27.

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් ෂෙඩික් විසින් පෑන් ඒෂියා බැංකුවෙන් මිලදී ගන්නා ලද ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් ව්‍යාපාර කොටස් වංචනික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඔ පළාත්බද මහාධිකරණයේ ගොනු කළ නඩුවේ අද (26) දින විශේෂ නඩු වාරයක් උසාවි අංක 2 දී මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා පැවැත්විය.

අද (26) දින පැමිණිලි පාර්ශවය ලෙස පෙනී සිටින නීතිපති වෙනුවෙන් සොලිස්ටර් ජනරාල් විසින් පැමිණිලි පාර්ශවයෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කිරීම, පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීම,ඉඩම් මිලදී ගැනීම වැනි කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.3 ණයක් ගෙවීමට තිබීමෙන් මා විශාල ලෙස බංකොලොත් භාවයට පත් වීමට ප්‍රබල ලෙස ලංකාවේ තිබු සියලුම වත්කම් අහිමි වීම බලපෑ බවත්,ඒ හේතුවෙන් තමන්ට අවශ්‍ය මුදල් නොමැතිවීම මත ලංකාව තුල නඩු පැවරීමට ප්‍රමාද වීම එක් සාධකයක් බව අධිකරණ ඉදිරියේ බ්‍රයන් මහතා ප්‍රකාශ කළේය.

තමන් සිඩ්නි ජයසිංහ සමග තිබු ගනුදෙනුව අවසන් වී තිබීම හේතුවෙන්, ලංකාවේ මගේ වත්කම් වල අයිතිවාසිකම හා උදව් උපකාර බලාපොරොත්තුවෙන් ඇටර්නි බලපත්‍ර පැවරීමට අවශ්‍ය අඩිතාලම මතුව තිබු අතර ඒ සදහා උදය ගම්මන්පිල සුදුසු බව හැගී ගිය මුත්, එහෙත් කිසිම අවස්ථාවක ඔහුට ඇටර්නි බලපත්‍රයක් ලබා නොදුන් බව මහාධිකරණ විනිසුරු ඉදිරියේ පුල පුලා බ්‍රයන් මහතා ප්‍රකාශ කළේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටින සොලිස්ටර් ජනරාල් වරයා විසින් බ්‍රයන් මහතා වෙත විත්තියේ නීතිඥවරයා විසින් මිට පෙර නඩු වාරයේදී පෙන්වන ලද ඇටර්නි බලපත්‍රය සම්බන්ධව ඇසු ප්‍රශ්න වලදී බ්‍රයන් මහතා ප්‍රකාශ කල සිටියේ තමා මෙවන් ලියවිල්ලක් නොදුන් බවයි.විත්තියේ නීතිඥවරයා විසින් මේ සම්බන්ධව ප්‍රශ්න 11 අසා සිටිමින් උසාවිය නොමග යවන ආකාරයේ ක්‍රියා කළ ඇති බව සොලිස්ටර් ජනරාල් වරයා මහාධිකරණ විනිසුරුතුමා ඉදිරියේ සදහන් කළේය.

සොලිස්ටර් ජනරාල් වරයා බ්‍රයන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ වාරයේදී 1997 වර්ෂයේ අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාව පෙන්වමින් ඇසු ප්‍රශ්නයට දෙමින් ඔහු කියා සිටියේ මා කිසි දිනක ආයතනයේ සභාපති වරයෙකු ලෙස කටයුතු නොකළ බවත්, ඇතැම් ලේඛන වල සභාපති ලෙස ලෙස්ලි ෆොන්සේකා නම් පුද්ගලයෙකු නම් කර තිබෙන බවත්, සම සභාපති ලෙස සිඩ්නි ජයසේන නම ඇතුලත් කර තිබීම මගින් මේවා කුඨ ලේඛන බවත් මෙහි සදහන් සිසිර ජයසේන මා කෙදිනකවත් දැක නොමැති බව හේතුවෙන් මෙම ලියවිලි අසත්‍ය බව ඔහු දිවුරා ප්‍රකාශ කළ අතර,මෙම ලේඛන වල ලේකම් වරයාගේ අත්සන නොමැති බවත් එහි තිබෙන මගේ අත්සන වගේ පෙනුනද, එය මගේ නොවන බව ද ප්‍රකාශ කළේය.

සොලිස්ටර් ජනරාල් විසින් අසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රයන් මහතා පවසා සිටියේ,තමන් හට ලංකාවේ දේශපාලනය සම්බන්ධව කිසිවෙකු නොමැති බවත්,ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාව තුලද දේශපාලනය සම්බන්ධව කිසිදු උනන්දුවක් නොමැති බවත් තමන් හට දැනට මුදල් තිබීම හේතුවෙන් තම වියදමින් මේ නඩුව ඉදිරියට ගෙන යන බව පැවසිය.

විත්තියේ නීතිඥවරයා විසින් විටින් විට ඔබ අසත්‍ය සාක්ෂි පවසන බවට කළ ප්‍රකාශය සම්බන්ධව සොලිස්ටර් ජනරාල් විසින් අසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රයන් නැමැත්තා ප්‍රකාශ කර සිටියේ, තමා දිවුරුම් පිට දිවුරුම් දී සාක්ෂි ලබා දෙන බවත්,ලංකාවේ අධිකරණයට තමා ගෞරව කරන බව කියා සිටියේය.

වැඩිදුර නඩු විභාගය සදහා ලබන මැයි 24,25 දවස පුරා පැවැත්වෙන බව මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...