Thursday, January 4, 2018

බැඳුම්කර වාර්තාව දුර්වලයිලු..

2018 ජනවාරි මස 05.

ජනපතිට එජාප සහය අහිමි වෙයි....

පාර්ලිමේන්තුවේදී තමා මතු කළේ වග කිව යුතු නිලධාරීන් ලෙස මහා බැංකු අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරයා තමාට ඉදිරිපත් කළ කරුණු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

බැඳුම්කර ගනුදෙනුවෙන් රටට පාඩුවක් සිදු වී තිබෙනවා නම් ඒ පාඩු වූ මුදල අය කර ගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේ බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී අද (04) කරුණු විමසු අවස්ථාවේදීය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රධාන මැති ඇමතිවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර එහිදී උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණේ විවිධ අදහස් සහ යෝජනා රැසක් සමගිනි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මේ වාර්තාව මෙසේ එළිදක්වා ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම සහ එමගින් මැතිවරණයට එල්ල විය හැකි බලපෑම ගැන ද එහිදී මැති ඇමතිවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එහිදී මැති ඇමතිවරුන් අගමැතිවරයා හමුවේ පෙන්වා දුන්නේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඔඩොක්කුවටම වැටීමට බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අන්තවාදීන්ගෙන් සහ අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව එහිදී අවධාරණය කළ මැති ඇමතිවරු ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහුට ඡන්ද පදනම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග බව ද පෙන්වා දුන්හ.

ඒ යථාර්තය තේරුම් ගෙන ඒ අනුව වැඩ නොකළොත් ජනාධිපතිවරයාගේ සහයෝගයට සහ රැකවරණයටත් අවසානයේදී කිසිවකු නොසිටිනු අති බවට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් මතු කළ කාරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අනුමත කළේය.

බැදුම්කර කොමිසමෙන් අන්තිමට සිදු වුණේ කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක් කියා එක්සත් ජාතික පාක්ෂිකයින් කියන්නේ යයි ද එම මැති ඇමතිවරු එහිදී පෙන්වා දුන්හ.

රටට පාඩුවක් වුණා නම් කළ යුත්තේ ඒ මුදල අය කර ගැනීම යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය අනුව මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව දුබල එකක් බව පෙනී යනවා කියා නීති විශාරදයින් පිරිසක් තම සමග කියා සිටියේ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා එහිදී කියා සිටි අතර ඒ කතාව සියලු දෙනා අනුමත කළහ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පදනම් වූයේ අදාළ වාර්තාව අනුව වන අතර මහ බැංකුව කැඩූ මහ මොළකරු අගමැති කියා විපක්ෂය සහ ජනමාධ්‍යය කෑ ගැසුවට ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් එම නිර්දේශවල නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී පෙන්වා දුන්නේය.

“මම අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම නීත්‍යාණුකූල බව ජනධිපති කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මම පාර්ලිමේන්තුවේදී අර්ජුන මහේන්ද්‍රන් සහ පී සමරසිරි යන මහත්වරුන් ගැන කතා කළා කියා ඒ වාර්තාවේ තිබිල තියනවා.මම පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කළ ඒ නිළධාරීන් මට ඉදිරිපත් කළ කරුණුයි.මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්… පී සමරසිරි නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා…ඒ අය අපව නොමග යැව්වද නැද්ද කියා මම අදටත් දන් නෑ” අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් මැති ඇමතිවරුන් හමුවේ එහිදී අවධාරණය කළේය.

එහිදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත සහ අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බවට කොමිසම් වාර්තාව කර ඇති නිර්දේශය ප්‍රශ්නයක් වී තිබෙන බවය.
“අල්ලස් ගත්තා නම් ඒක මහා භාණ්ඩාගාර බැදුම්කර ගනු දෙනුවට සම්බන්ධ වෙන්නේ කෙසේද කියා අදාළ වාර්තාවේ සඳහන් විය යුතු වුණත් එවැනි තත්ත්වයක් නැහැ. එහෙම නම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මේ චෝදනා විභාග කර ඔප්පු කළ යුතුයි.නීති විශාරදයින්ගේ මතය වී තිබෙන්නේ නීති පති දෙපාර්තමේන්තුව මේ කරණයේදී අනවශ්‍ය ප්‍රශ්නයක දැන හෝ නොදැන පැටලිලා කියායි.” යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහදී කළ විග්‍රහය අනුමත කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රවී කරුණානායක එල්ලන්න සමහරුන්ට අවශ්‍ය වුණත් ඊට පසුබිමක් නොමැති බවය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...