Thursday, March 29, 2018

ජාත්‍යන්තර ආරක්ෂාව..... හෙවත් Protezione internazionale (රිෆුජි) .....ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය...

2018 මාර්තු මස 29.

ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය පිලිබද දැනුවත් කිරීමක් කල යුතු යැයි තිරණය කලේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ⁣බොහෝ ලාංකිකයන් උපදෙස් ලබා ගැනීමට මා සොයා පැමිනීම වර්ධනය වීමත් සමගයි.

මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් ඉතාලි භාශාව පිලිබද ඇති අල්ප දැනුමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිලිබද අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා.
ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන (“කොලයක් හදා ගන්නවා” ) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා අයදුම් කළ හැක්කේ කවුරැන්ද යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ මේ කාරනයන් හේතුවෙන්.

ඉතාලි රජයෙන් (යුරෝපයෙන්) ආරක්ෂාව (රිෆුජි) ඉල්ලා සිටීමට අදහස් කරන විදේශිකයා නීති විරෝධීව හෝ නීත්‍යානුකූලව ඉතාලියට ඇතුළුවී වීසා ඇතිව හෝ නොමැතිව වුවද, ඉල්ලා සිටින්නේ තම මවු රටේදි තමන්ට මුහුන පාන්නට සුදු වූ හෝ සිදු වීමට ඇති, පීඩා, වධහිංසා හෝ යුද්ධ, හෝ ජීවිතයට ඇති තර්ජනයන් වලින් බේරී සිටීමයි.

අයදුම්කරුවා මෙම පීඩාවට හෝ බරපතළ හානියකින් බේරී ඉතාලියට පැමිනීමට පෙළඹවූ කරුණු සියල්ල මෙහිදී ඉදිරිපත් කල යුතුයි. මෙම හිංසනය හෝ බරපතල හානිය වුයේ හෝ සිදු වන්නේ තම මවු රටේ රජයෙන් හෝ යම් කිසි පාර්ශවයකින් හෝ සංවිධානකින් විය හැකි අතර මෙම පීඩා හෝ බරපතළ හිංසන වලට ගොදුරුවූවන්ට ආරක්ෂාව සැපයීමට තම මවු රටේ රජයෙන් හෝ එහි පාලනය විසින් කටයුතු නොකරනවාද විය හැකියි.

ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම්පත් භාරදීම දේශ සීමවේ පොලිසියට ලබා දිය හැකියි. එහෙමත් නැත්නම් අයදුම්කරු වාසය කිරීමට අදහස් කරන දේශසීමා පොලිසියට එය ඉදිරිපත් කළ හැකියි.

අයදුම්කරු විසින් ලිඛිතව පොලිස් නිළධාරීන් මාර්ගයෙන් මෙම අයදුම් කිරීම කරනු ඇත. මෙහිදී ඔබගේ මවු භාෂාවෙන් ලිඛිත සටහනක් ඉදිරිපත් කිරීමටද අවස්තාවක් ඇත.

Questura ආයතනය

විසින් අයදුම්කරුගේ ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු අයදුම් කරැ හට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දෙනවාද යන්න තීරණය කරන කොමිසම (Commissione territoriale) වෙත යොමු කරන තෙක් ඉතාලියේ තාවකාලිකව රැදී සිටීමේ බලපත්‍රයක් ඔහුට ලබා දෙනවා. මෙය සාමාන්‍යයෙන් මාස 6ක (Asilo) රැදී සිටීමේ බලපත්‍රයක්.

ප්‍රධාන වශයෙන් මෙම කොමිසම් සභාවට යොමු කිරීමේ කාලය වෙනස් වනවා.

කොමිසම් සභාවේදී අයදුම්කරුගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු විය හැකියි. මෙහිදී තම මවු බසින් පරිවර්තනයක් ඉල්ලුම් කිරීමට අයදුම්කරුහට අයිතියක් තිබෙනවා.

මෙහිදී අදාල ලියකියවිලි පුවත්පත් ලිපි, ඡායාරූප, පැමිණිලි හෝ වෛද්‍ය වාර්තා වැනි නිල ලේඛනද ඉදිරිපත් කළ හැකියි.

කොමිසම් සභාවේ නියමය අනුව අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දීමට හා කුමන ආකාරයට එය ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි.

අයදුම්කරුහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ප්‍රතික්ෂේප වුවහොත් ඔහු හට ඉතාලියෙන් පිටවීමට සිදුවනවා. එහෙමත් නැතිනම් අයදුම්කරු එම තීරණයට එකග නොවුවහොත් උසාවිය වෙත එම තීරණයට විරැද්ධව (Ricorso) අභියාචනයක් කල හැකියි.

සකස් කලේ

නීතිඥ සචිනි වර්ණකුලසූරිය

0039 388 6279735.

Friday, March 23, 2018

ශ්‍රි ලංකාවම භීතියෙන් වෙලූ.....ලංකාවේ.....පාතාලයේ නමගිය පාතාල නායකයින් .....ගැන ඔබ නොඇසූ කරුණු කිහිපයක්.....

2018 මාර්තු මස 23
.

අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි.....
අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි 80 , 90 දශකවල ලංකාවේ හිටපු පාතාල කල්ලි රැසක නායකයා මෙන්ම Godfather පට්ටම රැගත් දාමරිකයෙකු ලෙස කටයතු කල අයෙකි.ගොඩාක් අපරාධකාරයන්ට වගේ සොත්ති උපාලිටත් දේශපාලන රැකවරණ නොඅඩුව ලැබුනා.

සොත්ති උපාලිව 1998දී පිලියන්දල අසල බෝකන්දරහීදි නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබුනී.ඔහු එදින කොලඹ මහේස්ත්‍රාත් උසාවියේ සිට සිය නිවස බල පිටත් වී තිබුනී.ඔහුට උසාවී යාමට සිදු වුයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතන සිද්දිය සම්බන්ධයෙන්ය.ලලිත් අතුලත්මුදලි ඝාතනයට ප්‍රේමදාස රණසිංහ හිටපු ජනධිපතිතුමාත් සම්බන්ධ බවට එකල රාවයක් පැවතුනි.

සොත්ති උපාලි උසාවියෙන් පිටවී යන විට වාහන දෙකක් ඔහුව ලුහුබැද ඇත.බෝකන්දරදී ඔහුට වෙඩි තැබු අය සොත්ති උපාලිව වාහනයට ඇදගෙන විත් නැවත වෙඩි තබා කිලෝ මීටර් 4ක පමණ දුරක් ගොස් ඔහුව පාරට ඇද දමා පලා ගොස් ඇත.නලීන් දම්මික නැමති පොලිසියට අවශ්‍යව තිබු අයෙක් විසින් සොත්ති උපාලි ඝාතනය කල බවට සැලකේ.

පොලිසීය පැවසුවේ ප්‍රධාන සැකකරුවන් හට දේශපාලන රැකවරණ ඇති නිසා සොත්ති උපාලිගේ මිනීමරුවන් සෙවීම තමන්ට දුෂ්කර බවයි.” දේශපාලනේ කරන එවුන්ගේ ගෝලයෝ ඇරෙන්න වෙන එකෙක් නම් යයිද මහ දවාලේ තුවක්කු උස්සගෙන ” පොලිසියේ නිලධාරයෙකු වරෙක් පැවසුවේය.කෙසේ හෝ ජනපතිධූරයේ ප්‍රේමදාස රණසිංහ මහතා සිටින කාලයේ සොත්ති උපාලි කෙතරම් බලවත්ද යත් කොලොඹ පොලිසියෙහි ඉහල තනතුරක් දැරු අයෙකු ඔහුට කතා කොට ඇත්තේ ” සර් ” කියා අමතමින්ය.

ගෝනවල සුනිල්

ගෝනවල සුනිල් යනු ශ්‍රී ලංකාවේ නම ගිය පාතාල රජෙකි.එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයතු වලදී ඔහුට නිතර සහය දැක්වු අයෙකි.වරක් ඔහු අවුරුදු 14 ක් වයසැති තරුණියක් දූෂණය කල වරදට වරදකරු ලෙස ඔප්පු වූ අතර ජේ.ආර්.ජයවර්ධන මහතාගේ අණ පරිදි ඔහු නිදහස් කරන ලදී.මේ පිලිබද විමසන ලද අවස්තාවේ ඒ මහතා පැවසුවේ” මම කලේ මට එහෙම කරන්න බලය තියෙන හින්දා ” ලෙසය.එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඔහුව සාමවිනිසුරුවරයෙක් ලෙසත් පත් කලේය.

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිධූරය දරන සමයේ ඔහු පිටුපස සිටි අදිසි හස්තය ගෝනවල සුනිල්ය. එම කාලයේ ලමයකු පාසලකට ඇතුලත් කිරීමේදී ගෝනවල සුනිල්ගේ ලියුමක් ඇත්නම් ලමයාගේ සුදුසුකම් පිලිබද කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ඔහුව ඇතුලත් කරගනී.ටික කලක් ගත වත්ම රනිල් වික්‍රමසිංහ මහතාට ගෝනවල සුනිල් තමා ලග තබා ගැනීම තම දේශපාලන ජීවිතයේ ඉදිරි ගමනට කැළැලක් ඇති වේයයි බියක් ඇති විය. ගෝනවල සුනිල් ඝාතනය වන්නේ ඉන් පසුවය.

1983 දී දෙමළ සිරකරුවන් සමුලඝාතනය කිරීමේදීත් මුලිකත්වය ගෙන කටයතු කලේ ගෝනවෙල සුනිල්ය.මෙය පිලිබද තොරතුරු මාධ්‍ය වල පලවීම වැලැක්වීමටත් රජයට ගත හැකි උත්සාහයක් නොතිබුනි.2000 මැයි 20 වන දින පුවත්පත් වල,පොලිසියෙන් පලා යාමට තැත් කිරීමේදී වෙඩි පහරවල් වැදී ගෝනවල සුනිල් මිය ගිය බව වාර්තා වී තිබුනි.එම මසම 3 වනදා කැලණී පොලිසිය ඔහු පසු පස හඹා ගියත් ගෝනවල සුනිල් ඉන් පැන ගත්තේ සිය සගයන් 4 දෙනෙකුම පොලිස් වෙඩි පහරින් මිය යන අතරතුරය.ඔවුන් නමින් පූගොඩ ගාල්ලෙගේ රොහාන් චමිත් පෙරේරා, ඩබ්.ඩී චමින්ද තිලක්, එච්.දොන් සුමිත් සුජීව හා කේ.පී.ප්‍රියදර්ශන වේ.

ගෝනවල සුනිල්ගේ කෝට්ටේ පිහිටි නිවස වැටලීමේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට තැත් කල නිසා ඔහුට වෙඩි තැබීමට සිදු වූ බව එදින වැටලීම සිදු කල නුගේගොඩ විශේෂ පොලිස් කණ්ඩායම පවසා තිබුනී.කෙසේ වුවත් ගෝනවල සුනිල්ගෙන් සහය ලැබූ බලවතුන් අදටත් ජීවත් වේ.

ෆාජි

දෙමළ පාතාලයේ අවසානයත් සමග කුඩු නූර්ගේ මූලිකත්වයෙන් සැදුම් ලත් මුස්ලිම් පාතාලය කොලඹ හා ඒ අවට ප්‍රදේශ රැසකට ව්‍යාප්ත් විය. මත් ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම , කුලියට මිනී මැරුම් , කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකින් එය බලවත් විය. එහෙත් කුඩු නූර්ගේ ආකල්ප නිසා ඔහුගේම පාතාල සාමජිකයින් පිරිසක් ඔහු කෙරෙහි නොකැමත්තක් ඇති කර ගෙන තිබුනේය. එයට්ට ප්‍රධන හේතුව වුයේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් කුඩු නූර් තම සගයින්ට බැණ වැදීමයි.
” අපි කොලඹ අතු රහින්න යන්න ඔනේ නෑ. තොපි ඔක්කොම ඒක දැන ගනියව් ” .

මුස්ලිම් පාතාලයේ දෙකඩ වීම සනිටුහන් වුයේ එම නොගැලපීම මතය. ආයුඛ්ඛාන් ප්‍රමුක ආනමාලු ඉමිටියාස්ගේ පිලත් ලී මෝල්වත්තේ රිස්වාන්ගේ පිලත් කුඩු නූර්ගේ පිලත් තාවකාලික බලයකට මරා ගත්තේ මෙතැන් පටන්ය.අලුත් කඩේ උසාවි සංකීර්ණය අසලදී ලී මෝල්වත්තේ රිස්වාන් විසින් කුඩු නූර් මරා දැමුණී.කුඩු නූර් මරා දැමීමෙන් අනතුරුව ඔහුට සමීපම සගයා වූ ෆාජී එම පිල මෙහෙයවිය.ෆාජීගේ සොහොයුරා බායියා හා ඔහුට බොහෝ ලෙසින් පක්ෂපාති වූ මංජල් අක්‍රම්ද , පාතාල කෙරුම් කරුවන් වූ ටෝජි,සාජහන්,හජ්ජියාර්, අච්චා, ෆවුමි හා මාමස්මී ද ෆාජි කල්ලිය බලවත් කලේය.නමුත් ආයුඛ්ඛාන් එවකට පාතාල කිරුල දරා සිටී අතර ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීම අපහසු කාර්යයක් බව ෆාජි දැන සිටියේය.
පොලිස් වෙඩි පහරින් ආයුඛ්ඛාන් මරුමුවට පත් වන්නේ මින් අනතුරුවය. පාතාලයේ බලය ලබා ගැනීමට දරුණුතම සටන ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. ෆාජි,ලී මෝල් වත්තේ රිස්වාන් හා ආනමාලු ඉමිටියාස් අතරින් පාතාලයේ රජු වීමට තිදෙනා තුලම කුරිරු බලාපොරත්තුවක් ඇති විණි.ආනමාලු ඉමිටියාස්ගේ කණ්ඩායමට ඉතා විශාල පිරිසක් විය.ඔපීර් , එල්ලී , කොට අහමඩ් , රාජබ්දීන්, දිගා ෆයිසර් , මාස්ටර් ඉමිටියාස් , ඉෂාක්, සෙල්වන් , නවුමි ඒ අතරින් ප්‍රධාන විය.

මංජල් අක්‍රම් විසින් ලී මෝල්වත්තේ රිස්වන්ගේ කල්ලියේ ප්‍රබලම පාතල සාමාජිකයා වූ ඉන්ටිකාබ් ග්‍රැන්ඩ්පාස් හීදී මරා දැමීමෙන් අනතුරුව කොලඹ ප්‍රධාන පෙලේ කල්ලි ලෙස වැජඹුනේ ආනමාලු ඉමිටියාස්ගේ කල්ලිය හා ෆාජිගේ කල්ලියයි.මේ අතරතුර බ්ලුමැන්ඩල් පෙදෙස අතර බිහිවෙමින් සිටි සිංහල පාතාලයේ නායකයා වූ ප්‍රින්ස් කොලම්ගේ සගයෙකු වූ ධනුෂ්ක අතින් ලී මෝල්වත්තේ රිස්වාන් මරුමුවට පත්විය.

ආනමාලු ඉමිටියාස්ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට ෆාජීගේ කල්ලිය මාන බැලුවත් එකල සිටි ප්‍රබල මුස්ලිම්අමාත්‍යවරයෙකුගේ සහය හා නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක වූ ජිහාඩ් සංවිධානයේ සුපිරි වෙඩික්කරුවන්ගෙන්ද සමන්විත වූ ආනමාලු ඉමිටියාස්ගේ පාතාලය බලවත් විය.පෙර කී මුස්ලිම් ඇමතිවරයා පසු කලෙක හදිසි අනතුරක් හේතුවෙන් මිය ගියේය. කෙසේ හෝ ආනමාලු ඉමිටියාස් ලී මෝල්වත්ත පෙදෙසෙහි තම පාලනය ගෙන යන අතරතුර ෆාජි මාලිගාවත්ත ජුම්මා මස්ජීඩ් පල්ලිය අවට පෙදෙසහි තම රාජධානිය ඉදි කලේය.

බලවත්කම අතින් ආනමාලු ඉමිටියාස් ඉදිරියෙන් සිටියත් අපරාධ අතින් පාතල ලොවේ කිරුල අසල මානයේ රැදී සිටියේ ෆාජීය.ඔහුගේ සහෝදරයා වූ බායියා හා විශ්වාසවන්තම සගයා වූ මංජල් අක්‍රම්ගේ සහය එයට හේතුවයි.
වරක් ෆාජිගේ කිට්ටුවන්තම මිතුරෙක් වූ මොහොමඩ් ආමීන් ෆාජීව හමුවීමට පැමිණියේය. අමීන් යනු ගම්පහ විසූ තේ කර්මාන්තශාලා හිමියෙකි.කසල තේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ ජාවරමක ප්‍රධානියා ලෙස ඔහු කටයතු කලේය.

“අලුතෙන් ආපු වුන් හින්දා මට හෙනහුරා වැහෙන්නයි යන්නේ”අමීන් කුණුහරපෙන් බැණ වැදුනේ අලුතින් පත් වී ආ තේ පරික්ෂකවරුන් වූ බෝධිදාස හා කරුණාරත්න යන මහත්වරුන්ටය.අල්ලස් නොගැන නිවැරදිව තම රාජකාරිය ඉටුකිරීම අමීන්ගේ කෝපයටහේතුවයි.ෆාජී මෙවැනි ක්‍රියාවලට සැමවිටම ක්‍රියාත්මක වන මංජල් අක්‍රම් කැදවීය.

බෝධිදාස හා කරුණාරත්න මහත්වරුන්ට මරණ දඩුවම හිමි වන බවට අණ කල ෆාජි එය ලබා දීමට තම සගයන් මංජල් අක්‍රම් සමග යැවීය. බෝධිදාස මහතා නාවලදී වෙඩි තබා ඝාතනය කෙරුනු අතර කරුණාරත්න මහතාට මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල වෙඩි තැබීමට ඔවුන් සමත්විය. මිය නොගියත් කරුණාරත්න මහතා සදාකාලික අබ්බගතයෙකු බවට පත්විය.
අමීන් දැඩි ලෙස සතුටට පත් වූ අතර එහි සංකේතයක් ලෙස ෆාජිට තිළිණ කල නවීන පන්නයේ වාහනයක්ද තිබුණී.කෙසේ වුවත් අමීන්ට වැඩිකලක් සතුටින් පසු වීමට හැකි නොවුනේ කිසියම් පිරිසක් විසින් ඔහුවත් ඝාතනය කෙරුණු නිසාය.

ෆාජී තම බලපුලුවන්කාරකම් එලිපිටම පෙන්වීමට පටන් ගැනුනේ මරදාන පොලීසිය අසල පිහිටි ෆාමසියකට මහ දවල් ඇතුල් වී එහි හිමිකරුට වෙඩි තැබීමෙන් අනතුරුවය.කොලඹ මුස්ලිම් පාතාලයේ නිල නොලත් රජු ෆාජි බව ඔහු ඔප්පු කලේය. විජේපාලන් නැමති තවත් පාතාල ප්‍රබලයෙකුගෙන් පලි ගැනීමට ෆාජි ඔහුගේ සොහොයුරා වූ නිමල් මරා දමන ලෙස නියෝග කලේය. මංජල් අක්‍රම් විසින් බීමතින් සිටි නිමල්ව ඝාතනය කෙරුනේ ආමර් වීදිය අසල පොලිස් මුර පොලක් ලගය.
මංජල් අක්‍රම් යනු ෆාජි සිය මහල් නිවසේ පවත්වගෙන ගිය වධකාගාරයේ ප්‍රධාන වධකයාය. සෑම රාත්‍රියකම එම වධකාගාරයේ සිරකරුවන්ගෙන් නැගුනු මර ලතෝනිය අහිංසක මාලිගාවත්ත ජනයාට නිද්ද ගෙන දුන්නේ නැත.මෙම අපායෙන් ගොඩ එන්නේ කෙසේදැයි ඔවුන් ඇගිලි ගනිමින් සිටියේය.

ෆාජිගේ බිරිද ” කුඩු චූටි ” හා තම පාතාල සගය වූ අච්චා අතර අනියම් සබදතාවක් හට ගෙන් ඇති බවට ෆාජි හට තොරතුරු ලැබුනී. ආදරයේදී පාතාල කෙරුමන් පවා අන්ධ වන බව සනාථ කරමින් අච්චා තම නායකයාගේ බිරිද රැගෙන නුවර එලියට පලා ගියේය.
කෝපයට පත් ෆාජි මංජල් අක්‍රම් කැදවා ඔවුන් දෙදෙනා පණ පිටින් රැගෙන එන මෙන් අණ කලේය.තම ස්වාමියාට සැම විටම ගරු කල අක්‍රම් සිය සියලු ශක්තිය යොදවමින් අච්චා හා කුඩු චූටි සෙවීමට පටන් ගත්තේය. කුඩු චූටිගෙන් පලි ගැනීමට ෆාජි යොදා ගත්තේ මිලේච්ඡ ක්‍රමයකි. එනම් තමන්ට දාව කුඩු චූටි උපත ලබා දුන් දියණිය දූෂණය කිරීමයි.

ෆාජී ස්ත්‍රීන් හට මහත් ඇල්මක් දක්වා ඇත. ඔහුට කාන්තාවක් ගැන සිතක් පහල වුවහොත් සගයන් හට ඇ‍ය පිලිබද පවසා සිය මහල් නිවසෙහි ඔහු රැදී සිටින්නේ කෙසේ හෝ ඔවුන් ඇයව රැගෙන පැමිණෙන බව දැන සිටි හෙයිනි.මංජල් අක්‍රම්ගේ තියුණි ඇස් වලට වැලි ගැසීමට අච්චාට නොහැකි විය. ඉතා ඉක්මනින් අච්චා හා කුඩු චූටි ෆාජි හමුවට රැගෙන් ඒමට ඔහුට හැකි විය.කාන්තා මායම් පාතාලයේ මිනීමරුවන්ගේ දරුණු බවට වඩා බලවත්ය.ෆාජි කුඩු චූටි හට අභයදානය දුන් අතර අච්චාට මහ මග දස වධ දී මරා දැමීමට කටයුතු කලේය.

හදිසියේම ෆාජීට අපරාධ කිහිපයකට වරදකරු වී වැලිකඩ බන්ධනාගරයට යාමට සිදු විය.ආනමාලු ඉමිටියාස් නැවත තම බලය තර කර ගන්නේ ෆාජි නැවත පැමිනෙන බව දැනුවත්වය.බස්නාහිර පලාත් මැතිවරණ සමයේ ෆාජි නැවතත් නිදහස් වන්නේ එයට ඉදිරිපත් වන දේශපාලඥයෙකුගේ සහය මතය. ෆාජි ඝාතනය කිරීමට ආනමාලු ඉමිටියාස් හට දැඩි අවශ්‍යතාවක් ඇති වුයේ මින් පසුය.ඔහුට එයට සූක්ෂම සැලස්මක් නිර්මාණය කරමින් සිටියේය. දැනට පාතාලයේ උපාධිය හදාරමින් සිටින ප්‍රින්ස් කොලම් තමන්ට තර්ජනයක් විය හැකි නමුත් ඔහුට පලිගත යුතුව තිබුනේ ෆාජිගෙනි.

තවත් එවැනි පාතාල නායකයින් කිහිපයක්...

ලංසාගෙ කළු සල්ලි වලට යටවූ මීගමු පාලනය......

2018 මාර්තු මස 23.

මැතිවරණ කොට්ඨාස 7 ක් ජයගෙන අතිරේක ලයිස්තුවෙන්ද මන්ත්‍රීධුර 9ක් ලැබ සිටි පොහොට්ටුව ඉතිරි මන්ත්‍රීධුර සියල්ල මුදල් බලය මගින් සපුරාගෙන මිගමුව මහනගරසභාවේ බලය ලබාගෙන ඇත.

මේ අනුව දයාන් ලංසා ඡන්ද 25 ලබාගෙන නගරාධිපති ලෙසින් පත්ව සිටි.
එජාපයට ලැබි තිබුනේ ඡන්ද 19කි.මිගමුව තුල ජන්ද කොට්ටාශ 29 න් 19 ක් ජයගෙන තිබුනේ එජාපය විසිනි.එය තුනෙන් දෙකක ජයග්‍රහණයකි.

එහෙත් මේ සියල්ල දැන් කලු සල්ලි බල මහිමයෙන් උඩුයටිකුරු කර ඇත.
මිගමුව තුල කිසිදු දුෂිත පාලනයකට කිසිදු සහයක් නොදෙන බවට ලේවලින් ප්‍රතිඥා දුන් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතරින් එය රකින්නට හැකිව තිබුන එකම මන්ත්‍රීවරයා වුයේ ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් පමණි.


ඉතිරි 5 දෙනාම සිය ලේ ප්‍රතිඥාව පාවාදි ඇති අතර ලේ වලින් අත්සන් නොතැබු ලංසා පවුලට මරාන්තික විරෝධයක් දක්වා සිටි ශ්‍රිලනිප සමසංවිධායක සකාවුල්ලා මේ සියලු පාවාදිම් මැද සිටින ප්‍රමුඛයා බවට පත්ව ඇතැයි එජාප ජේෂ්ඨ ක්‍රියාකාරීකයෙකු අවධාරණය කර සිටියේය.

ඒ සිය නායිකාවක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නියෝගයටද පවා පිටුපා යමින් බවද තවදුරටත් කියා සිටියේය.

Wednesday, March 21, 2018

ඉතාලි රැදී සිටීමේ.....බලපත්‍රය අලුත් කිරීම..... ප්‍රතික්ෂේප වුවහොත්.....

2018 මාර්තු මස 22.

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අළුත් කිරීමේ ක්‍රමවේදය තුල එය අලුත් කිරීම සදහා අත්‍යවශ්‍ය සුදුසු කම් ⁣නොමැති බව අනාවරණය වුවහොත් Questura පොලිස් මූලස්ථානය හට එය අලුත් කිරීම නවතා දැමීමට හැකියාවක් ඇත.

නිදසුනක් වශයෙන්, පොලිස් මූලස්ථානයේ ආගමන කාර්යාලය විසින් කැඳවීමක් කොට, ලියවිලි ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙමින්, ලිපියක් මර්ගයෙන් දැනුම් දීමක් කල හැකියි. එය ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය ඇරඹු බවට කරන්නාවූ දැනුම් දීමයි.

මෙහිදී විදේශිකයාගේ නොපැමිණීම හෝ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අසමත්වීම හෝ පැහැදිලිව හේතුන් ඉදිරිපත් කිරීමට නොහැකි වීම මගින් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකියි.

බොහෝ අවස්තාවන් හීදී මෙම දැනුම් දීමේ ලිපිය ලැබීමත් සමග දින 30 ක් ඇතුළත හේතු ඉදිරිපත් කිරීමට හා ලියවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට Questura කටයුතු කල යුතුයි.

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප වුවහොත් Prefettura වෙත දින 30ක් ඇතුලත නීතිඥයකු මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කල හැකියි.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735

Tuesday, March 20, 2018

ඉතාලියේ සංචාරක විසා ජාවාරමක....

2018 මාර්තු මස 21.

ඉතාලියේ සංචාරක විසා ජාවාරමට ඔබත් හසු උනාද අද ලංකාවේ ගොඩක් දෙනෙක් නොදැනුවත් කමට ඉතාලියේ සංචාරක විසා ජාවාරමට හසු වෙලා ඉතාලියේ නගරයෙන් නගරයට හතු පිපෙන්නාක් මෙන් අරභන ලද කාර්යාල මගින් කරන.

මේ ප්‍රොඩාකාරී ක්‍රියාව නිසා අද ලංකාවේ ගොඩක් අය අසරණ වෙලා ඉතාලියේ සංචාරක විසාවක් සුපර් මාර්කට් එකකින් මිලදී ගන්නවා වගේ ලබා ගන්න බැහ එයට ක්‍රමවත් වේදයක් තිබෙනවා සපුරා ගත යුතු සුදුසුකම් තිබෙනවා තමන්ගේ වත් කම් තිබිය යුතුයි එක එක අයදුම් කරුවන් අනුව.

මේ ක්‍රමය වෙනස් ඉතාලි බසින් (ප්‍රිඩෙස්සොනේ) යන ගැරන්ටි ලිපිය සහ සංචාරක රක්ෂණය ලබා ගත පමණින් ඉතාලියේ සංචාරක විසා ලැබෙන බව කවුරුන් හෝ කියනව නම් එය මුලා කිරිමක් සමහරක් එම ලිපිය විසාවක් ලෙස සදහන් කරමින් මිනිසුන් ගෙන මුදල් ගරා ගන්නවා.

ඉතාලියට යාමට සංචාරක විසාවක් ලබා ගත හැක්කේ ලංකාවේ වී එප් එස් ආයතනය VFS CENTER මගින් විසා අයදුම් පතක් ඉතාලි එම්බසියට ( තානාපති කාර්යාලය ) ඉදිරිපත් කරමින් පමණි.

දැන් වැල නොකැඩි සංචාරක විසා අයදුම් පත් ඉදිරිපත් කරන නිසා තානාපති කාර්යාලයද දිගට හරහට අයදුම් පත් (සම්මුක පරික්ශනද නොතබා) ප්‍රතීක්ෂේප කරමින් සීටී තානාපති කාර්යාලයට මෙය තවත්‍ ආදයම් මාර්ගයක් වී හමාරය කනගාටුව මේ අපේ ශ්‍රී ලංකිකයින්ම තවත් ශ්‍රී ලංකිකයින්ව මෙසෙ අමරුවේ දැමීමයි දෙයක් කරන්න.

පෙර හොදට සිතන්න විස්තර සෝයා බලන්න නැත්නම් ඔබත් අමාරුවෙ මෙයින් කියන්නේ සංචාරක විසා ලබා ගන්නට බැහැ කියා නොවේ වරදවා තේරුම් නොගන්න .

ලෙස්ලි හර්බට් විජේසිංහ...

රට තුල නිතිය හා සාමය ස්ථාපිත කිරීමට.....මෛත්‍රි ආණ්ඩුවට බැහැ නොහදුනන තුවක්කු කරුවන්ගේඋණ්ඩ වලට.....ජනතාව දිනපතාම බිලිවේ.....

2018 මාර්තු මස 20.

මෛත්‍රිට අදරටේ ප්‍රශ්න නොව ඔහු තටමන්නේ ඉදිරිකාලයේ තවත් රට කෑමේ කුමන්ත්‍රනවලය.

මේ වනවිට රටේ ජනතාවට පොලිසිය ගැන කිසිදු විශ්වාසයක් නැත. ච්කාගෝ ගොස් බැලිය හැකි දර්ශන ලංකාවේ ඹ්නෑම තැනක්දී දැන් දැකිය හැකි තතවයකට රට පත්ව හමාරය.
යහපාලනය ගෙනවිත් ජනතාවට බියෙන් සැකෙන් ජීවත් වීමට යැයි කියා පැමිණි මෛත්‍රිපාල නැමති පුද්ගලයා අදවන විට අනිකා මරා හෝ බලයේ සිටිමින් දුවට හා බෑනනුවන්ට රට හුරා කෑමට වට පිටාව සකසමින් සිටී.

මෛත්‍රිට අදරටේ ප්‍රශ්න නොව ඔහු තටමන්නේ ඉදිරිකාලයේ තවත් රට කෑමේ කුමන්ත්‍රනවලය.

මේ වනවිට රටේ ජනතාවට පොලිසිය ගැන කිසිදු විශ්වාසයක් නැත. ච්කාගෝ ගොස් බැලිය හැකි දර්ශන ලංකාවේ ඹ්නෑම තැනක්දී දැන් දැකිය හැකි තතවයකට රට පත්ව හමාරය.

ෆොන්සේකාට රටේ නිතිය හා සාමය භාර දීමට ඹ්නෑවටත් වඩා සුදුසුකම් ඇත. ඒත් ඔහු තුලින් අසාධාරණ යමක් ඉටුකරවා ගැනීමට නොහැකි නිසාම මෛත්‍රි නැමති සත්වයා ඔහුට කිසිසෙත් නොගැලපෙන අමාත්‍යංශයක් ලබාදුනි.

රටේ වෙඩිතැබීම් හා පුද්ගල මරණ වලට වග කිව යුත්තේ මෛත්‍රිපාල නැමති දෙපිට කාට්ටුවාය.එම සිද්ධින් නම්.

1.ජනවාරි 03 ————–කොළඹ ග්‍රෑන්පාස් වෙඩිතැබීම
2.පෙබරවාරි 18————-තලංගම වෙඩිතැබීම
3.පෙබරවාරි21————-බොරැල්ල වෙඩිතැබීම
4.පෙබරවාරි23————-වත්තල වෙඩිතැබීම
5.පෙබරවාරි26————-හම්බන්තොට ,මිරිජ්ජවිල
6.මාර්තු 20————- කොළඹ ආමර් වීදිය
7.මාර්තු20—————–අතුරුගිරිය

මෙම වෙඩි තැබීම හා කපාකොටා ගාතනයන් මේ වන විට මාස 03 තුල පමනක් 18 බවට වාර්තාවී ඇත. ජනතාවට අද රට තුල කිසිම අරක්ෂාවක් ලබාදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මේ නිසාම ෆොන්සේකාවැනි යුද්ධ වීරයකුට රටේ ආරක්ෂාව භාර දිය යුතුම වෙලාවක එය දීඇත්තේ කාලානතරයක් තිස්සේ පිඩා විදින රෝගියකුටය. මෛත්‍රිපාල නැමති කුණ කටුවාට අවශ්‍ය රටේ ජනතාවගේ ජීවිත් ආරක්ෂාව නොවන බව මෙයිම පැහැදිලිය.

අජිත් තෙන්නකෝන්.

Wednesday, March 14, 2018

ශ්‍රී ලංකාවට පළමුවෙන්ම අන්තර්ජාලය.....හඳුන්වා දුන්නේ මමයි.....ඉදිරියේදී ෆේස්බුක් වලට කරන දේ ගැන රනිල් අද කියපු කතාව...

2018 මාර්තු මස 14.

මේ වෙද්දි අපේ රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නෙ ෆේස්බුක් ඇතුළු සමාජජාලා තහනම. සමාජජාලා තහනමත් එක්ක රටේ තරුණ ප්‍රජාවගෙන් රජයට එල්ලවුනේ විශාල චෝදනාවක්.

කොහොම වුනත් මෙම තහනම එළඹෙන සිකුරාදා දින ඉවත්කරන බවට වාර්තා වුනත් අද (14) කොළඹ ඉසිපතන විද්‍යාලයේපැවති උත්සවයකට සහභාගී වුන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති කිහිපයතුල ෆේස්බුක් පාලනයට නීති සකසන බවයි.

එසේම ලංකාවට පළමුවෙන්ම අන්තර්ජාලය හඳුන්වා දුන්නේ තමන් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේද කියා සිටියා.

1993 වසරේ අගමැතිවරයා ලෙස මා අමෙරිකාවට ගොස් එවකට එරට උප ජනාධිපති ඇල්ගෝ සමග මේ පිළිබඳව ගිවිසුමක් අත්සන් කළා. අප අන්තර්ජාල ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ලෝකය සමග එකතු විය යුතු නිසයි.

ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින් වෛරී සහගත පණිවුඩ, ජාතිවාදය, වර්ගවාදී ගැටුම් වැඩිකරන පණිවුඩ ගලා යනවා. එක් කණ්ඩායමක් යම් වෛරී පණිවුඩයක් යැවූ විට අනෙක් පැත්තෙන් ඊට ප්‍රතිචාර ගලාගෙන එනවා.

පසුගිය සතියේ සඳුදා තෙල්දෙනිය, දිගන ප්‍රදේශයේ කෝලාහල ඇති වුණා. සාමාන්‍ය කෝලාහලයක් ඇතිවූ විට පළමු දිනයෙන් පසුව එය පාලනය කිරීමට හැකි වෙනවා. නමුත් එදින උදේ එම තත්ත්වය පාලනය කළත්, සවස් වන විට නැවතත් ගැටුම්කාරී තත්ත්වය ඇති වුණා.

කැබිනට් මණ්ඩලය සමග මේ තත්ත්වය සාකච්ඡා කළ විට අලුත් අභියෝගයකට මුහුණදීමට තිබෙන බව ආරක්ෂක අංශ දැනුම් දුන්නා. ෆේස්බුක් හරහා එවන වෛරී සහගත පණිවුඩ තුළින් සමාජය ගිනි තබන බව ඔවුන් දැනුම් දුන්නා.

අම්පාර ප්‍රදේශයේ මේ තත්ත්වය දකින්නට හැකි වුණා. සංඝයා වහන්සේ ඝාතනය කර ඇති බවත්, පන්සල්වලට ගිනි තබා ඇති බවත් කියමින් බොරු ප්‍රචාර පතුරුවනු ලැබුවා. මේ නිසා මිනිසුන් කලබල වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙනවා.

මෙම හේතු සලකා බලා කෙටි කාලයකට සමාජ මාධ්ය ජාලා වෙත පිවිසීම අවහිර කිරීමට ආරක්ෂක අංශ යෝජනා කළා. ඊට අනුමැතිය ලැබුණු පසු අඟහරුවාදා සවස් වන විට සමාජ මාධ්ය ජාලා තාවකාලිකව අවහිර කරනු ලැබුවා.

බදාදා උදය වරුව වන විට කලබල කෝලාහල පාලනය කිරීමට හැකියාව ලැබුණු බව ආරක්ෂක අංශ අපට වාර්තා කළා.

සමාජ මාධ්ය ජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනා නැහැ. නමුත් මේ අංශ පිළිබඳව අධීක්ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතුයි. අප මීට පෙරත් ෆේස්බුක් සමාගමට මේ පිළිබඳව දැන්වූ විට සීඝ්‍රයෙන් ක්‍රියා කළේ නැහැ.

ඊට අමතරව රජයෙන්, නීතිය හා සාමය අමාත්‍යංශයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා නීති පද්ධතියක් ගෙන ඒම පිළිබඳව සලකා බලමින් සිටිනවා. එංගලන්තය වැනි රටවල වෛරය පතුරවන ක්‍රියා වළක්වන නීති තිබෙනවා. ඒ නිසා ජාතික, ආගමික වශයෙන් වෛරයන් ඇති කරන්නට බැහැ.

ෆේස්බුක් කොම්පැනියට.....වෛරී අන්තර්ගතයන්....හඳුනා ගන්නට බැරි ඇයි?

2018 මාර්තු මස 14.

ෆේස්බුක් යනු වානිජ සමාජ ජාල අවකාශයකි. නොමිළේ සපයන වේදිකාවක නිර්මානය වන අන්තර්ගතයන් අනුව, දැන්වීම් අලෙවි කිරීමෙන් මෙම සමාගම අධික ලාභයක් උපයයි. එහිදී ඔවුන්ට ලාභය ප්‍ර‍මුඛ ය. වඩා ජනප්‍රිය අන්තර්ගතයන් ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙයි.

එහෙත්, ජනප්‍රිය අන්තර්ගතයන් සියල්ල හැම විට ම සමාජයට හිතකර නැත.

අන්තර්ජාල අක්ෂර හිමි ලොව පුරා සෑම භාෂාවකට ම ෆේස්බුක් විවෘත ය. එහෙත්, ඒ සෑම භාෂාවකින් ම එන, සෑම අන්තර්ගතයක් ම තබා, පැමිණිලි ලැබෙන අන්තර්ගතයන් විමසා බැලීමට හෝ ඔවුන්ට හැකියාවක් නැත.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු හා ව්‍යවසායකයකු වන දුමින්ද ජයසේන විසින් අතිශය වර්ගවාදී පෝස්ටුවක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම දක්වන ලද ප්‍ර‍තිචාරය අධ්‍යයනය කිරීම මෙම තත්වය තේරුම් ගැනීමට උපකාරී වේ.

අතිශය වර්ගවාදී ෆේස්බුක් පෝස්ටුවක්....

පහත දැක්වෙන්නේ එම පෝස්ටුව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විසින් දක්වන ලද ප්‍ර‍තිචාරයයි.
වර්ගවාදී පෝස්ටුවකට ෆේස්බුක් ප්‍ර‍තිචාරය.

කහ පාටින් දක්වා ඇති කොටසෙන් කියැවෙන්නේ මෙම පෝස්ටුව ෆේස්බුක්හි ප්‍ර‍ජා ප්‍ර‍මිතීන්ට අනුකූල නො වන්නක් නො වන බවයි.

මෙවැනි තත්වයක් ඇති වන්නට හේතුව ෆේස්බුක් සමාගම මෙම සිංහල අන්තර්ගතය තේරුම් ගැනීම සඳහා භාවිතා කළ ගූගල් පරිවර්තකය විසින් සපයන ලද පරිවර්තනය විය හැකි ය.

පහත දැක්වෙන්නේ කෞශල්‍ය මාධව විසින් ඉහත වැකිය ගූගල් ට්‍රාන්ස්ලේට් මගින් පරිවර්තනය කර ලබා ගත් ප්‍ර‍තිඵලයයි.

වර්ගවාදී පෝස්ටුවක ගූගල් ට්‍රාන්ස්ලේට් පරිවර්තනය

ෆේස්බුක් සමාගමේ සීමාවන් හඳුනා ගැනීමට මෙය ප්‍ර‍මාණවත් ය. මෙවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට කළ හැකි දේ සීමිත ය. කෙසේ වෙතත්, ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් ද සැලකිය යුතු ආදායමක් ලබන බැවින් හා එය වක්‍ර‍ව ද ඔවුන්ගේ වෙළඳපොළ පෝෂණය කරන බැවින් ඔවුන්ට සිංහල අන්තර්ගතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිංහල හා ඉංග්‍රීසි භාෂා හොඳින් දන්නා යම් කණ්ඩායමක් පත් කිරීමට බැරිකමක් නැත.

රජයට ද මෙහිදී කළ හැකි කාර්යභාරයක් තිබේ. රජයට මෙවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට යම් යාන්ත්‍ර‍ණයක් සකස් කළ හැකි ය. එම යාන්ත්‍ර‍ණය කෙළින් ම ෆේස්බුක් සමාගම සමග සම්බන්ධව කටයුතු කළ හැකි ය. මෙහිදී රජය මෙම කාර්යය කිරීම රජයට විරුද්ධ දේශපාලන අන්තර්ගතයන්ට බාධා කිරීමට හේතු වන්නට ද පුළුවන් බැවින් මෙම යාන්ත්‍ර‍ණය ස්වාධීන එකක් වන්නේ නම් වඩාත් හොඳ ය.

එවැනි ස්වාධීන යාන්ත්‍ර‍ණයක් සකස් කිරීමට මහජන ව්‍යාපාරවලට මුලපිරිය හැකි ය. (ඕවර් ටු යූ කයිය ගහන පොරවල්)

එතෙක්, වෛරී ප්‍ර‍කාශ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නන්ට එම පැමිණිල්ලත් සමග නිසි පරිවර්තනයක් යොමු කළ හැකි ය. කෙටි පරිවර්තන සම්බන්ධයෙන් ඔබට උදව් කිරීමට අපට ද පුළුවන.

W3Lanka


Tuesday, March 13, 2018

‘ප‍්‍රචණ්ඩත්වය වැපිරීමට.....ෆේස්බුක් යොදාගෙන තිබෙනවා....ලංකාවට සහය දෙනවා..’ෆේස්බුක් සමාගමෙන් ප‍්‍රකාශයක්...

2018 මාර්තු මස 13.

වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.

ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය සහ පණිවිඩ යවන මෘදුකාංග තාවකාලිකව මත ශ්‍රී ලංකා රජය පැනවූ තාවකාලික තහනම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් සමාගම ඒ බව ප්‍රකාශ කර තිබේ.

“වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා” යැයි සී.එන්.බී.සී පුවත්සේවයට විද්‍යුත් පණිවිඩයක් යවමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබේ.

Friday, March 9, 2018

සිංහල,දමිල, මුස්ලිම් සහෝදරත්වයෙන් එක්වෙමු කාලකන්නී ජාතිවාදය හෙලාදකිමු...මැයෙන් ඉතාලියෙ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික වැසියන්ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා රජයට සංදේශයක්.....

2018 මාර්තු මස 10.

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ඛේදණීය තත්වය සනිටුහන් කරමින් ජාතීන් අතර සාමය සහ සහජීවණය ඇතිකිරීමේ අරමුනින් සිංහල මුස්ලිම් දමිල අන්තවාදය පිටු දකිමින්ද ඊට එරෙහිව ඉතාලියේ මිලානෝ නගරයේ සාමයෙන් එකට වෙසෙන, සිංහල, මුස්ලිම්, දම්ල,ප්‍රජාව එකට එක්ව ශ්‍රී ලංකාවේ රජයවෙත භාරදෙන ලෙස ඉල්ලමින් අද (9)දින මිලානෝ කොන්සලාත් ජෙනරාල් කාර්‍යාලය වෙත පැමිණ, කොන්සලාත්, ජෙනරාල් , ප්‍රදිපා සේරම් මහත්මිය වෙත සංදේශයක් භාරදෙන ලදී. මෙහී මූලික තේමාව වූයේ "සියලු ජාතිවාදීන් පිටුදකිමු. පෙරදා මෙන් සහෝද්‍රත්වයෙන් එකමුතු වෙමු "" යන්නයී.
මෙම ක්‍රියාව අප රටේ නායකයින්ට සහ සියලුම ලෝකවාසී ජනතාවටම ආදර්ශයක්ම වේවා. මිලානෝ වැසියන් මෙතරම් එකමුතුව සාමයෙන් විසීම ගැන සාමයට ලැදී අපගේ ගෞරවණීය ආචාරය.





ජනාධිපති මෛත්‍රි ගේ ඩබල් ගේම් නිසා රටේ නිතිය හා සාමය බිදවැටිලා...(video)

2018 මාර්තු මස 10.

රටක ජනාධිපති වරයකුට තබා බෝතල් පත්තර කාරයකුටවත් නොගෙල පෙන ආකාරයට තමාගේ ආණ්ඩුව තමා විසින්ම විවේචනය කරමින් රෑට රාජපක්ෂලාගේ ගෙවල් ගානේ ලගිමින් දවල්ට “මම සුදනා” ලෙසට ලෝකෙට පෙන්න රඟන මෛත්‍රි මේවන්විට රටම ගිනිතබා අවසන්ය.
මේ වනවිට කහ සුවුරුකාර රස්තියාදු කාරයන් ජනතාවගේ දේපල විනාශ කරමින් මිනීමරමින් රටම එකම අවුල් ජාලාවක් කරමින් ඇත. පොලිස්පති පවා අන්දුන් කුන්දුන්ව බලාඉන්නේ මේ ජාතිවාදය ගිනිදැල් වලට ඔක්සිජන් ලබාදෙන්නේ මෛත්‍රිපාලම බැවිනි.

මහින්ද ගේ ඔඩොක්කුවේ සිට දැන් නැලවෙන මෛත්‍රි ගේ මුවින් එක් වරක් දෙමළ, මුස්ලිම් ජාතින්ට විරුද්ද ජාතිවාදිව හැසිරෙන් අම්පිටියේ සුමන නම් රස්තියාදුකාර බේබද්දාව බැහැදැකීමටත්, තවත් වරක තවත් ප්‍රසිද්ධ රැස්වීමකට ගොස් සිංහලයාට ජාතිවාදි නොවන ලෙසත්ය් කෑමොර දීම ජන්තාව දැන් හදුනාගෙන අවසන්ය.

“මම ඉන්න තුරු මේ රට බෙදන්න ඉඩ දෙන්නෑ අපෙ හාමුදුරුවනේ…” කියා කෑමොර දෙන්නේ කවුද දෙයියනේ මේ රට අපිට බෙදලා දියන් කිවේ. එහෙම දෙයක් නැතුවත් ජනතාව චුංකරන මෛත්‍රි මහනුවරදී සිදුකලේ ඉතාම තිරිසන් ක්‍රියාවකි.

පොලිස් නිලධාරින්ට වෙඩිතැබීමේ නියොග උගන්වන්නේ පොලිසියට බැදී ටී -56 ගින් අවිය තියාගෙන පුජිත්ගේ පිලිකුල් බාවනාව සිදු කිරීමට නොව. ජනතාවගේ ජිවිත හා දේපල වලට යමෙකු පහර දෙනවානම් ඒ කැරැල්ල මර්ධනයට කැරලි කන්ඩායමට වෙඩි තැබීමට හැක.

මහනුවර සිටින එස්.එම්. වික්‍රමසිංහ නැමති කාලකන්නි ජේ.නි.පො.ප වරයා මෛත්‍රිගේ යටි අරමුණු වෙනුවෙන් පෙනීසිටිමින් විශාල මහජන දේපල විනාශ කරන තුරු කිසිදු නිලධාරියෙකු වෙඩි තැබුවේ නැත. ,අවම බලය හෝ නොයදා බලන් සිටියේ පොලිස් නිලධාරින් පවා පුදුමයට පත් කරමිනි.

මෛත්‍රි ගේ මේ රෑ දැනියල් දවල් මිගෙල් ගැන අවසථා දැනුවත් කිරීම අප විසින් කලෝය.

මෛත්‍රි යනු කුහකත්වයේ සංඛේතයයි කීවොත් එය නිවරදිය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා යනු නිකම්ම නිකන් විශ්‍රාමික කොන්දපනනැති සොල්දාදුවෙක් නොව ඔහු රටක් බේරා ගත් විරෝදාර සෙන්පතියකි. නිතිය හා සාමය ඇමතිකම දිය යුත්තා ඔහු උවත් ඔහු වෙනුවට මෛත්‍රි තෝරා ගත්තේ තවත් මෙලෝදෙයක් නොදත් රංජිත් මැද්දුම බණ්ඩාරය.

රනිල් හා මෛත්‍රි බලයට ගෙනා සියල්ලම එක හෙලාම කිවේ රට තුල ඇතිවී තිබෙන තත්වය මත ෆොන්සේකාට එය භාර දෙන ලෙසය. රනිල්ට මෛත්‍රි පැව්සුවේ ” මහින්දත් ” ගෝඨත් ඊට අකමැති වගේම අපෙත් ගොඩක් අය කැමති නෑ කියාය.

උන්ගේපැලන්තිය වෙනුවෙන් බවත් දැන්වත් නුගත් ශ්‍රි ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය. තවත් නොබෝ දිනකින් මෛත්‍රි ජනාධිපති ගේ මෙවනි දෙපිටකාට්ටු වැඩ නිසා සමසථ ශ්‍රි ලාංකිකයාටම වන්දි ගෙවීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව කල්තියාම අපි අවධාරනය කරමු.

අජිත් තෙන්නකෝන්.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.....

සත්‍ය කතාව ....

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...