Thursday, March 29, 2018

ජාත්‍යන්තර ආරක්ෂාව..... හෙවත් Protezione internazionale (රිෆුජි) .....ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය...

2018 මාර්තු මස 29.

ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය පිලිබද දැනුවත් කිරීමක් කල යුතු යැයි තිරණය කලේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ⁣බොහෝ ලාංකිකයන් උපදෙස් ලබා ගැනීමට මා සොයා පැමිනීම වර්ධනය වීමත් සමගයි.

මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් ඉතාලි භාශාව පිලිබද ඇති අල්ප දැනුමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිලිබද අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා.
ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන (“කොලයක් හදා ගන්නවා” ) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා අයදුම් කළ හැක්කේ කවුරැන්ද යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ මේ කාරනයන් හේතුවෙන්.

ඉතාලි රජයෙන් (යුරෝපයෙන්) ආරක්ෂාව (රිෆුජි) ඉල්ලා සිටීමට අදහස් කරන විදේශිකයා නීති විරෝධීව හෝ නීත්‍යානුකූලව ඉතාලියට ඇතුළුවී වීසා ඇතිව හෝ නොමැතිව වුවද, ඉල්ලා සිටින්නේ තම මවු රටේදි තමන්ට මුහුන පාන්නට සුදු වූ හෝ සිදු වීමට ඇති, පීඩා, වධහිංසා හෝ යුද්ධ, හෝ ජීවිතයට ඇති තර්ජනයන් වලින් බේරී සිටීමයි.

අයදුම්කරුවා මෙම පීඩාවට හෝ බරපතළ හානියකින් බේරී ඉතාලියට පැමිනීමට පෙළඹවූ කරුණු සියල්ල මෙහිදී ඉදිරිපත් කල යුතුයි. මෙම හිංසනය හෝ බරපතල හානිය වුයේ හෝ සිදු වන්නේ තම මවු රටේ රජයෙන් හෝ යම් කිසි පාර්ශවයකින් හෝ සංවිධානකින් විය හැකි අතර මෙම පීඩා හෝ බරපතළ හිංසන වලට ගොදුරුවූවන්ට ආරක්ෂාව සැපයීමට තම මවු රටේ රජයෙන් හෝ එහි පාලනය විසින් කටයුතු නොකරනවාද විය හැකියි.

ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම්පත් භාරදීම දේශ සීමවේ පොලිසියට ලබා දිය හැකියි. එහෙමත් නැත්නම් අයදුම්කරු වාසය කිරීමට අදහස් කරන දේශසීමා පොලිසියට එය ඉදිරිපත් කළ හැකියි.

අයදුම්කරු විසින් ලිඛිතව පොලිස් නිළධාරීන් මාර්ගයෙන් මෙම අයදුම් කිරීම කරනු ඇත. මෙහිදී ඔබගේ මවු භාෂාවෙන් ලිඛිත සටහනක් ඉදිරිපත් කිරීමටද අවස්තාවක් ඇත.

Questura ආයතනය

විසින් අයදුම්කරුගේ ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු අයදුම් කරැ හට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දෙනවාද යන්න තීරණය කරන කොමිසම (Commissione territoriale) වෙත යොමු කරන තෙක් ඉතාලියේ තාවකාලිකව රැදී සිටීමේ බලපත්‍රයක් ඔහුට ලබා දෙනවා. මෙය සාමාන්‍යයෙන් මාස 6ක (Asilo) රැදී සිටීමේ බලපත්‍රයක්.

ප්‍රධාන වශයෙන් මෙම කොමිසම් සභාවට යොමු කිරීමේ කාලය වෙනස් වනවා.

කොමිසම් සභාවේදී අයදුම්කරුගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු විය හැකියි. මෙහිදී තම මවු බසින් පරිවර්තනයක් ඉල්ලුම් කිරීමට අයදුම්කරුහට අයිතියක් තිබෙනවා.

මෙහිදී අදාල ලියකියවිලි පුවත්පත් ලිපි, ඡායාරූප, පැමිණිලි හෝ වෛද්‍ය වාර්තා වැනි නිල ලේඛනද ඉදිරිපත් කළ හැකියි.

කොමිසම් සභාවේ නියමය අනුව අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දීමට හා කුමන ආකාරයට එය ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි.

අයදුම්කරුහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ප්‍රතික්ෂේප වුවහොත් ඔහු හට ඉතාලියෙන් පිටවීමට සිදුවනවා. එහෙමත් නැතිනම් අයදුම්කරු එම තීරණයට එකග නොවුවහොත් උසාවිය වෙත එම තීරණයට විරැද්ධව (Ricorso) අභියාචනයක් කල හැකියි.

සකස් කලේ

නීතිඥ සචිනි වර්ණකුලසූරිය

0039 388 6279735.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...