Thursday, March 1, 2018

තඹුත්තේගම....ඊනියා ගොවි උද්ඝෝෂකයේ .... පොලිසිය සමග ගැටෙති.....59ක් කූඩුවේ...(video)

2018 මාර්තු මස 01.

පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක්ඊයේ (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

නීති විරෝධී ලෙස මහජන සාමය කඩවන අයුරින් පාදෙණිය අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධ පමුනුවමින් කලහාකාරී ලෙස හැසිරී තඹුත්තේගම පොලිසියේ දේපල වලට හානි කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළේය.


ඊනියා ගොවි උද්ඝෝෂණය ගැන ඔබ නොදත් කරුණු පහක්.


තඹුත්තේගම රාජාංගනය වැවේ ධාරිතාව අක්කර අඩි 80,000කි.

අක්කර අඩියක් යනු ආසන්න වශයෙන් ජලය ලීටර මිලියන 1.2කි.

මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේම ඉන්නා ජනගහණය ලක්ෂ 9කි. (මිලියන 0.9කි.)

චීන සමාගමෙන් ජල බෝතල් නිෂ්පාදනය සඳහා ලබාගන්නේ අර කී අක්කර අඩි 80,000න්, අක්කර අඩි 10කි. එනම් ජල ලීටර් මිලියන 12කි. සමස්ත ධාරිතාවෙන් සීයෙට 0.125% කි.

චීන සමාගමෙන් හදන එක ලීටරයේ බෝතලයට රුපියල් 10ක් ලංකාවට ලැබුණත්, ඉන් ලංකා ආර්ථිකයට එකතුවන මුදල රුපියල් මිලියන 120කි. සංසන්දනය සඳහා, මත්තල "ජාත්‍යන්තර" ගුවන් තොටුපළේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 72කි; වියදම රුපියල් බිලියන 2.2කි.

අනුරාධපුර ගොවි උද්ඝෝෂණය විසුරුවා හරින ලද්දේ කැරලි මර්දන පොලිසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළුගෑස් භවිතයෙනි. හමුදාව යොදා ජීව උණ්ඩ මගින් වෙඩි තැබීමෙන් නොවේ.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...