Thursday, March 1, 2018

බලය ඉදිරියේ නිරුවත් වෙන දේශපාලකයන්..... ඉන්න රටකට කිසිදා දියුණුවක් නැත.....

2018 මාර්තු මස 02.

මෙලෝ දෙයක් හරියට නොකරන එත් එකම දෙයක් හරියට කරන ලෝකේ එකම රටත් ලංකාවයි. හරියට කරන එකම දේ මොකා බලය ,කුමන නමකින් ගත්තත් ජනතාවගේ සල්ලි පිල්ලි ගැසීමයි.

වසර 70 ක් ගියත් කිසිම දියුණුවක් නොලබා එකම තැන පල වෙන මජර දේශපාලනයක් තිබෙන ලෝකයේ එකම රට ශ්‍රි ලංකාවයි. ආසියාවේ ආශ්චර්ය , ආර්ථිකයේ දියුණුම හිනි පෙත්ත ,යන මේ මොන මඟුල් නමක් දමාගෙන පත්වෙන පාලකයෝ කලේ තමා හා තම පවුල ආසියාවේ හිනි පෙත්තටම උස්සන් යෑමය.

මේ නිසාම ලංකාව නිදහස ලබා ලෝකයේ අනිකුත් රටවලට වඩා ගවුගානක් ඉන්නේ පස්සෙන්ය. නව තාක්ෂණික දේවල් නිපදවීම ඒ රටවල් ආරම්භ කර තිබුනත් මෙලෝ දෙයක් නිපදවීම්ට තියා ඒ ගැන අනාගතේ වත් නිපදවීමට දරුවන්ට ක්‍රමවත් ඉගනීමක් නොදෙන රටක්.

මෙලෝ දෙයක් හරියට නොකරන එත් එකම දෙයක් හරියට කරන ලෝකේ එකම රටත් ලංකාවයි. හරියට කරන එකම දේ මොකා බලය ,කුමන නමකින් ගත්තත් ජනතාවගේ සල්ලි පිල්ලි ගැසීමයි.
යහ–නෑ පාලනය….
මේ වචනයත් ජනතාවට දුඟ ද හමන වැසිකිලියක් බදුය. ඒ වචනයේ වරදින් නොව ඒ වචනය පිටුපස සිටි කාලකන්නි , බල ලෝභි සිරිසේනලාගේ වරදය. සිරිසේන දැන් හොට පැටලුනු කොට්ටෝරුවකු බ්වී හමාරය .

ඇමරිකාවේ,රුසියාවේ, ජර්මනියේ, බ්‍රිතාන්‍ය වැනි ලෝක බලවතුන් සිරිසේන්ගේ මිතුරන්ය ඒ යහපාලනයත් එක්කය එදා සිරිසේනට හොරු සමග ලැගීමේ අවංක උවමනාවක් නොතිබුනාම නොව්වේ එත් සිරිසේන ලෝක ප්‍රජාවට පොරොන්දු උයේ දහ අතේ දිවුරා රට තුල අර්ථික හා සාමාජික නිදහස හා දුෂනය නැතිකිරීම මෙන්ම උතුරට දේශපාලන විසදුමක් දීමය.


එත් පුගිය වසර 3 තුලදී සිරිසෙන ජනාදිපති කලේ තවත් මහින්ද කෙනෙකු වීමට තටමපු එකම පමණි.ඒ විතරක් නෙමේ දුෂණයටත් ඔහු මුල්ගල් තැබුවේ තම දිය නිය හා බෑනනුවන් හරහාය. සිරසට මිලියන 10 පමණ රටට අහිමිකරමින් සංඛියාත විකිණීම ,රුසියාවේ දිරාපු නැවක් මිලට ගෙන තම බෑන වන තිලිණ ට ඒ ඩොලර් මිලියන 30 ක කොමිස් මුදල ලබාගැනීමට මග පැදුවේ සිරිසිනමයි.

දැන් බලයෙන් මෝදු වී ඉන්න සිරිසේන මොකා එක්ක හරි ඉළඟ පාරටත් ජනාධිපති වේමට ඉව අල්ලන බව නම අපිට ඉදුරාම කිව හැකිය.

ලාංකීය දේශපාලනයේ තිබෙන අවාසනාවනම් ජනතාව හොයන්නේඅ අඩුම කාලෙකට හරි සුරන්ඟනා කතා කියලා, මවල දෙන්න පුලුවන් බඩුම තමා අන්න එහෙම හොරු රැලක් හොයලා ගහ මරාගෙන පාර්ලිමේන්තු යැවීම ලාංකීය ජන්තාවගේ එකම විනෝදාංශය බවනම් නොරහසකි.

මේ බව දන්න නිසාම ජනතාව ගොනාට ඇන්දවීම අද දේශපාලකයාගේත් විනෝදාංශයක් වී හමාරය. එත් මේකට තිත තැබීමට නම පේන තෙක් මානයකවත් ජනතාවට උවමනාවක් නැත. මේ නිසා පාලකයෝ කති , බොති ජනතාව උලාකති.

අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...