Wednesday, March 14, 2018

ෆේස්බුක් කොම්පැනියට.....වෛරී අන්තර්ගතයන්....හඳුනා ගන්නට බැරි ඇයි?

2018 මාර්තු මස 14.

ෆේස්බුක් යනු වානිජ සමාජ ජාල අවකාශයකි. නොමිළේ සපයන වේදිකාවක නිර්මානය වන අන්තර්ගතයන් අනුව, දැන්වීම් අලෙවි කිරීමෙන් මෙම සමාගම අධික ලාභයක් උපයයි. එහිදී ඔවුන්ට ලාභය ප්‍ර‍මුඛ ය. වඩා ජනප්‍රිය අන්තර්ගතයන් ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙයි.

එහෙත්, ජනප්‍රිය අන්තර්ගතයන් සියල්ල හැම විට ම සමාජයට හිතකර නැත.

අන්තර්ජාල අක්ෂර හිමි ලොව පුරා සෑම භාෂාවකට ම ෆේස්බුක් විවෘත ය. එහෙත්, ඒ සෑම භාෂාවකින් ම එන, සෑම අන්තර්ගතයක් ම තබා, පැමිණිලි ලැබෙන අන්තර්ගතයන් විමසා බැලීමට හෝ ඔවුන්ට හැකියාවක් නැත.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු හා ව්‍යවසායකයකු වන දුමින්ද ජයසේන විසින් අතිශය වර්ගවාදී පෝස්ටුවක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම දක්වන ලද ප්‍ර‍තිචාරය අධ්‍යයනය කිරීම මෙම තත්වය තේරුම් ගැනීමට උපකාරී වේ.

අතිශය වර්ගවාදී ෆේස්බුක් පෝස්ටුවක්....

පහත දැක්වෙන්නේ එම පෝස්ටුව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විසින් දක්වන ලද ප්‍ර‍තිචාරයයි.
වර්ගවාදී පෝස්ටුවකට ෆේස්බුක් ප්‍ර‍තිචාරය.

කහ පාටින් දක්වා ඇති කොටසෙන් කියැවෙන්නේ මෙම පෝස්ටුව ෆේස්බුක්හි ප්‍ර‍ජා ප්‍ර‍මිතීන්ට අනුකූල නො වන්නක් නො වන බවයි.

මෙවැනි තත්වයක් ඇති වන්නට හේතුව ෆේස්බුක් සමාගම මෙම සිංහල අන්තර්ගතය තේරුම් ගැනීම සඳහා භාවිතා කළ ගූගල් පරිවර්තකය විසින් සපයන ලද පරිවර්තනය විය හැකි ය.

පහත දැක්වෙන්නේ කෞශල්‍ය මාධව විසින් ඉහත වැකිය ගූගල් ට්‍රාන්ස්ලේට් මගින් පරිවර්තනය කර ලබා ගත් ප්‍ර‍තිඵලයයි.

වර්ගවාදී පෝස්ටුවක ගූගල් ට්‍රාන්ස්ලේට් පරිවර්තනය

ෆේස්බුක් සමාගමේ සීමාවන් හඳුනා ගැනීමට මෙය ප්‍ර‍මාණවත් ය. මෙවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට කළ හැකි දේ සීමිත ය. කෙසේ වෙතත්, ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් ද සැලකිය යුතු ආදායමක් ලබන බැවින් හා එය වක්‍ර‍ව ද ඔවුන්ගේ වෙළඳපොළ පෝෂණය කරන බැවින් ඔවුන්ට සිංහල අන්තර්ගතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිංහල හා ඉංග්‍රීසි භාෂා හොඳින් දන්නා යම් කණ්ඩායමක් පත් කිරීමට බැරිකමක් නැත.

රජයට ද මෙහිදී කළ හැකි කාර්යභාරයක් තිබේ. රජයට මෙවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට යම් යාන්ත්‍ර‍ණයක් සකස් කළ හැකි ය. එම යාන්ත්‍ර‍ණය කෙළින් ම ෆේස්බුක් සමාගම සමග සම්බන්ධව කටයුතු කළ හැකි ය. මෙහිදී රජය මෙම කාර්යය කිරීම රජයට විරුද්ධ දේශපාලන අන්තර්ගතයන්ට බාධා කිරීමට හේතු වන්නට ද පුළුවන් බැවින් මෙම යාන්ත්‍ර‍ණය ස්වාධීන එකක් වන්නේ නම් වඩාත් හොඳ ය.

එවැනි ස්වාධීන යාන්ත්‍ර‍ණයක් සකස් කිරීමට මහජන ව්‍යාපාරවලට මුලපිරිය හැකි ය. (ඕවර් ටු යූ කයිය ගහන පොරවල්)

එතෙක්, වෛරී ප්‍ර‍කාශ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නන්ට එම පැමිණිල්ලත් සමග නිසි පරිවර්තනයක් යොමු කළ හැකි ය. කෙටි පරිවර්තන සම්බන්ධයෙන් ඔබට උදව් කිරීමට අපට ද පුළුවන.

W3Lanka


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...