Monday, January 15, 2018

ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා....(video)

2018 ජනවාරි මස 16.

ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්.. අපිට කෙලින්න ආවොත් කන පැලෙන්න ගහනවා…

මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ජන රැලියක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“ජනාධිපතිවරණයේදී අපි තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව මහින්ද රාජපක්ෂ එක්ක එතුමා ආප්ප කාලා එලියට බහින කොට කටවුට් එකක් ගහන්න, පෝස්ටර් එකක් ගහන්න,කැන්වසින් යන්න,කාර්‍යාලයක් දාන්න,ඡන්ද පොලක් ආරක්ෂා කරන්න බල්ලෙක් හිටියේ නෑ. අපි තමයි වෙඩි වරුසාවන් මැද, කඩු ප්‍රහාර මැද,මැර ප්‍රහාර මැද එයාව පුටුවෙ වාඩි කලේ. එයාට අද කෙලෙහිගුණය තියෙනවද කියලා එයාගේ හෘද සාක්ෂියෙන් එයා අහගන්න ඕනේ. එයාට ඒක මතකද කියල අපි දන්නෙ නෑ. ඒකට ආවේ නෑ මේ ඩිලාන් පෙරේරලා,සුසිල් ප්‍රේමජයන්තලා. අද කෑගහන හාල් කෑලි ටික, අපතයෝ ටික ආවේ නෑ. අපියි ඒකට මුහුන දුන්නේ. හරියට නිකන් උන් ඉන්නෙ අපි උන්ගෙ වලිගෙ ගිහින් එල්ලුනා වගේ.උන්ට මතක නෑ අපි දිනලා අපි හදපු ආණ්ඩුවට අපේ සරමේ එල්ලිලා උන් ආවා කියන එක උන්ට මතක නෑ. 10වෙනිදට ඒක මතක් නැති කෙලෙහිගුණය නැති හැම එකාටම UNPකාරයෝ අනිවාර්යෙන් පාඩමක් උගන්නවා කියන එක මම කියන්න කැමතියි.”

දැන් මේ ගොල්ලෝ නිකන් හිතන් ඉන්නේ, මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වෙලා, ඊළඟ ඡන්දයේදී අපිට කෙලින්නම් කියලා බලාගෙන ඉන්නේ. දැන් මම අහගෙන කියනවා, ඊයෙ පෙරේදා ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ට හොරෙන් කියනවලු මේ ගොල්ලෝ මේ ගොල්ලන්ට හොරා කියනවලු, හරියට නිකන් පිට කොටුවෙ පිට් පොකට් ගහලා දුවන එවුන් වගේලු. ඔව් අපි පිට් පොකට් ගැහුවා.මහින්ද රාජපක්ෂගේ සාක්කුවට පිට් පොකට් ගහලා, ඒ පිට් පොකට් ගහලා උස්සපු කෙනා තමා අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නේ. එයාට මතක නෑ පිට් පොකට් ගහපු ජනාධිපති කෙනෙක් කියල එයා. ඒ නිසා පිට් පොකට් ජනාධිපති කලේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න.ඩිලාන් පෙරේරලා කියන කතා අහනකොට උන් දෙන ටෝක් වල හැටියට අපේ උන් කොර වෙනවා.උන් පොර ටෝක් දෙනවා, අපේ උන් කොර වෙලා ඉන්නවා. එහෙම කොර වෙලා ඉදලා හරියන්නේ නෑ. හැරිල ගහන්න ඕනේ කන පැලෙන්න අනික් පැත්තට.ඒ කන පැලෙන්න ගැහිල්ල තමයි පෙබරවාරි 10වෙනිදාට අලියට ගහන කතිරෙ කියන එක මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි.”
වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...