Thursday, January 4, 2018

බැඳුම්කර නිකුතුව පිළිබඳව සරලව දැනගන්න...

2018 ජනවාරි මස 05.

"බැදුම්කර වංචාවක් වුණා කියලා කියන්නෙ කොහොමද"
.
පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ දැනගැනීම පිණිසද අනාගතයේ මැතිවරණය ආශ්‍රිතව ඇතිවන සංවාද වඩාත් ඵලදායී ඒවා බවට පත්කර ගැනීමටද බැදුම්කර පිළිබදව මෙම සටහන තබමි.

මොනවද මේ බැදුම්කර?

බැදුම්කරයක් යනු යම්කිසි ණයක් ලබාගෙන ඊට ඇප පිණිස ණය දුන් අය වෙත නිකුත් කරන යම් ලියවිල්ලකි. උදාහරණයක් ලෙස මට රැපියල් 90ක ණයක් අවශ්‍ය වී යම් අයෙකුගෙන් එම මුදල අද ණයට ඉල්ලාගෙන තව මාස 3කින් එළඹෙන දිනයකදී රැපියල් 100ක් ඔහුට ගෙවන බවට පොරොන්දු වී ඔහුට ලිපියක් දීම දැක්විය හැක. එවිට රැපියල් 90 ණය මුදලයි. රැපියල් 100 යනු බැදුම්කරයේ මුහුණත වටිනාකමයි. ඒ වටිනාකම් දෙක අතර වෙනස වන රැපියල් 10 එම ණයට අදාළ පොලියයි.

රජයක් විසින් තරගකාරී පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට මෙම බැදුම්කර නිකුත් කිරීමේ ක්‍රමය භාවිත කරයි. එය හදුන්වන්නේ භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමක් යනුවෙනි.

උදාහරණයක් ලෙස රජයට රැපියල් මිලියන 90ක ණයක් අවශ්‍ය වූ විට රජය විසින් මිලියන සියයක් සදහා රැපියල් මිලියනය බැගින් වූ බැදුම්කර සියයක් අසවල් දින වෙන්දේසියේ විකුණන බව ප්‍රසිද්ධ කරයි. එවැනි අවස්ථාවක රජයෙන් ඍජුවම බැදුම්කර මිළදී ගත හැක්කේ ප්‍රාථමික ගැණුම්කරුවන්ට පමණි.

ප්‍රාථමික ගැණුම්කරුවන්...

බැදුම්කර වෙළෙදපොලේ ගනුදෙනු කරන සමාගම්ය. ⁣බොහෝවිට වාණිජ බැංකු විය හැකිය. මේ දිනවල කතාබහට ලක්වී ඇති Perpetual Tresuries සමාගම එවන් ප්‍රාථමික ගැණුම්කරුවෙකි. ඔවුන් රැපියල් සියයේ බැදුම්කර වෙන්දේසියෙන් රැපියල් අනූව බැගින් මිලට ගෙන කල්පිරීමේදී ඒවා ආපසු රජයට දී එක් බැදුම්කරයකට රැපියල් සියය බැගින් ලබාගතහොත් ඔවුන්⁣ට එක බැදුම්කරයකින් රැපියල් දහයක පොලියක් ලැබී ඇත.

ද්විතීයික වෙළෙදපොල...

මෙහිදී සිදුවන්නේ රජය වෙතින් ඍජුවම නොව ප්‍රාථමික ගැණුම්කරුවන් වෙතින් බැදුම්කර මිලට ගැනීමයි. උදාහරණයක් ලෙස රැපියල් 100 බැදුම්කරයක් රැපියල් 90කට රජයෙන් මිළදීගත් A නම් ප්‍රාථමික ගැණුම්කරු එය රැපියල් 95කට C යන අයට විකිණීම දැක්විය හැක. එවිට Aගේ ලාභය රැපියල් 5කි. පසුව බැදුම්කරය කල්පිරීමේදී Cට එය රජයට ලබාදී රැපියල් 100ක් ලබාගත හැකිය. එය Cගේ ලාභයයි.

බැදුම්කර වෙන්දේසිය:-
බැදුම්කර වෙන්දේසියේ සිදුවන්නේ ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් බැදුම්කර සදහා රජයට ලංසු ඉදිරිපත් කිරීමයි. එහිදී රජයට වැඩිම ණය මුදලක් අඩුම පොලියට ලබාගත හැකි ලංසු වලට බැදුම්කර නිකුත් කිරීම සිදුකරයි. උදාහරණයක් ලෙස රැපියල් 100 බැදුම්කර වෙන්දේසියේදී පිළිවෙලින් රැපියල් 90, 92, 95 වැනි මිළගණන් වලට ලංසු ඉදිරිපත් වී තිබේනම් රජයට වඩාත් වාසිදායක රැපියල් 95කට බැදුම්කර විකිණීමය. මන්ද එවිට රැපියල් 95ක ණය මුදලක් ලබාගත හැකි අතර ගෙවිය යුතු වන්නේ රැපියල් 5ක පොළියක් පමණි.

අභ්‍යන්තර තොරතුරු .....

බැදුම්කර නිකුතුවට අදාල රහස්‍ය වූත් සංවේදී වූත් ⁣තොරතුරක් මෙසේ හැදින්වේ. උදාහරණයක් ලෙස රැපියල් 100ක බැදුම්කරයක් සදහා ලැබී ඇති උපරිම ලංසුව වන්නේ 85 බව යම් ආයෝජකයෙකු දැනගතහොත් ඔහු ලංසුව තබනු ඇත්තේ 86කට පමණි. එයින් පාඩු 2ක් රජයට සිදුවේ. එකක් නම් ලැබෙන ණය ප්‍රමාණය අඩුවීමය. අනෙක ගෙවීමට සිදුවන පොළිය අධික වීමය. යම් හෙයකින් එම ආයෝජකයා 95ක ලංසුවක් ඉදිරිපත් කලේ නම් එය රජයට බො⁣හෝ වාසිදායක වන්නට තිබුණි. මෙය අභ්‍යන්තර තොරතුරක් පාවිච්චි කර ගනුදෙනුවක් සිදුවිය හැකි එක් ක්‍රමයක් පමණි. තවත් අනේකවිධ ස්වරූපයන්ගේ උදාහරණ තිබිය හැක.

අයුතු ලාභය....
සාධාරණ ලෙස තරගකාරීව බැදුම්කර මිළදී නොගෙන ඉහත පරිදි තමාට දැනගන්නට ලැබෙන අභ්‍යන්තර තොරතුරක් මත යම් පුද්ගලයෙකු උපයන ලද ලාභය අයුතු ලාභයක් බවට පත්වන අතර එයින් තමන්ට සිදුවන පාඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අයකර ගැනීමට අලාභ විදින පාර්ශවයට හැකියාව ඇත.

මෙහි දක්වා ඇති මිළගණන් උදාහරණ පමණි....

බැදුම්කර නිකුතු ක්‍රියාවලියද මෙහි දක්වා ඇත්තේ ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා හැකි උපරිම ලෙස සරළ කිරීමෙන් පසුවය. ප්‍රායෝගික ක්‍රියාවලිය මීට වඩා බොහෝ සංකීර්ණ එකකි.

මහ බැංකු බැඳුම්කර ගැන සරළව පැහැදිලි කිරීමට හා මෙය වංචාවක් නොව වෙළඳ ප්‍රයෝගයක් බව පැහැදිලි කිරීමටත් සරළව ලිපිඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.....
මෙය කියවු පසු කෝප් කමිටුවේ ඇති අකාර්‍යක්ෂම තාවය පැහැදිලි වනු ඇත.....

දැන් බැදුම්කර යේ අරුම පුදුම සැඟවුණ අමුත්තා සෙවීමෙහි උනන්දු වන්නෝ ඒ සත්‍ය ඉඟි සහ කටකතා ඔස්සේ මේ පුද්ගලයා සොයා ගැනීමට වෙර දරති. එය පහසු නැත. උත්සවය අවසන් වනතුරුත් මේ අමුත්තා සොයා ගැනීම ලෙහෙසි නැත. එක එක අයට ඇඟිල්ල දිගු කර ඔයාද සැඟවුණු අමුත්තා කියා කෙරෙන ප‍්‍රශ්න කිරීම්වලට උත්සව පරිශ‍්‍රයේ බොහෝ දෙනා ලක් වෙති. සමහර විට කිසිවකුට හෝ මේ සැඟවුණ අමුත්තා සොයා ගැනීම කළ නොහැකි වේ.

කෙසේ නමුත් මේ වන විට කෝප් වාර්තාවක් නිකුත් වී ඇති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවක් සම්බන්ධයෙන් පවතින්නේ ද මෙලෙස සැඟවුණු අමුත්තකු සෙවීමේ සෙල්ලමට ආසන්න තත්ත්වයකය.

ශ‍්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු ආරම්භ කළේ 1997 වසරේ සිට ය. ආර්ථික විද්‍යා භාෂාවෙන් තොරව මේ ගැන සරලම අර්ථයකින් සඳහන් කරන්නේ නම් මෙමඟින් සිදු කළේ රජයට අවශ්‍ය මුදල් පොලී ගෙවීමේ පදනමින් ණයට ලබා ගැනීමය. මෙහි දී රජයේ මුදල් අවශ්‍යතාව අනුව වෙන්දේසි ක‍්‍රමයෙන් ලන්සු කැඳවා හෝ ඍජුව මූල්‍ය ව්‍යාපාරික ආයතනයක් සමඟ ගනුදෙනුව කතා කරගෙන ණයට ගැනීම සිදු කරනු ලබයි. මීට අදාළ තවත් ක‍්‍රම 2ක් ඇතිමුත් එය භාවිතාවේ නොමැත. මෙලෙස බැඳුම්කර ලබා ගන්නා මූල්‍ය ආයතන ප‍්‍රාථමික ගැනුම්කරුවන් ලෙස මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති අතර එවැනි ආයතන 16ක් මේ වන විට ඇත.
කොහොම නමුත් මෙම බැඳුම්කර ගනුදෙනුවල අවදානම දරන්නේ රජය යි. මන්ද මෙම මුදල් සහ පොලිය ආපසු නියමිත දිනයේ දී ගෙවීමට රජය අනිවාර්යයෙන්ම බැඳී සිටීමය. බැඳුම්කර ආයෝජනය මූල්‍ය ආයතනයකට අවදානමක් නොවේ. එය ලාභදායක ගනුදෙනුවකි. එසේම සෑම බැඳුම්කර නිකුතුවකදීම රජයට අනිවාර්යයෙන්ම පාඩුවක් සිදු වේ. ඒ, ගෙවීමට සිදු වන පොලිය නිසා ය. එම නිසා බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක්, අලාභයක්, අවාසියක් වීම යන්න අමුතු දෙයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. දැනට සඳහන් වන ආකාරයට මෙන්ම මෙහි දී ගැටලූ පැනනගින්නේ පොලී අනුපාතය තීරණය වීමේ දී ය. රජයට අවම අවාසියක් වන ලෙස එය සිදු කිරීම මහ බැංකුවේ වගකීමකි. නමුත් ඒ තීරණය වන්නේ මූල්‍ය වෙළෙඳපොළ තත්ත්ව මතය.

බැඳුම්කර මිලදී ගැනීමෙන් ආරම්භ වන එමෙන්ම ප‍්‍රාථමික වෙළෙන්දන්ගේ ලාභ ලැබීම එතැනින් අවසන් නොවේ. බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ලැබෙන ලියවිල්ල අවශ්‍ය නම් නැවත විකිණිය (ද්විතීයික වෙළෙඳපොළ) හැකි ය. එම ගනුදෙනුවෙන් උපරිම ලාභ ලැබීමට නම් මේ ද්විතීයික වෙළෙඳපොළ පොලී අනුපාතය, මූල්‍ය හැසිරීම්වල ස්වභාවය ගැන අවබෝධයෙන් යුතුව සුදුසුම වෙලාවේ ඒ විකුණා ගැනීම සිදු කිරීමෙන් මහ බැංකුවෙන් බැඳුම්කර මිල දී ගැනීම නිසා ලැබිය හැකි පොලී අනුපාතටය වඩා වැඩි ලාභයක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. එය නැවත නැවතත් විකිණීම ද සිදු විය හැකි ය. එසේම ඒ තුළ පොලී අනුපාත මත ලාභ උච්චාවචනය වන්නට ද ඉඩ ඇත. මෙය තරමක් සංකීර්ණ ක‍්‍රියාවලියකි.
බැඳුම්කර ගනුදෙනුවක් නිසා ආන්දෝලනයට තුඩුව තිබෙන පර්පෙචුවල් ට‍්‍රෂරීස් නම් ප‍්‍රාථමික වෙළෙන්දා 2015 මාර්තු මාසයේ සිට 2016 මාර්තු මාසය දක්වා බිලියන 5කට වැඩි ලාභයක් අත්පත් කරගෙන ඇති බව බව වාර්තා වූයේ මෙලෙස ද්විතීයික වෙළෙඳපොළ තුළ ඔහු මහ බැංකුවෙන් ලබා ගත් බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වීම නිසා ය.

නමුත් මෙම කාලය තුළ එම ආයතනය විසින් විවිධ කාලවලට සීමා වන බැඳුම්කර මිල දී ගැනීම් 55ක් පමණ සිදු කර ඇත. එහි දී ලන්සු තැබීමෙන් බිලියන 600ක පමණ බැඳුම්කර ගනුදෙනුවක් සිදු කර ඇත. නමුත් එලෙස බැඳුම්කර ගනුදෙනු කීරීමට තරම් එම ආයතනයට වත්කමක් ඇත්තේ නැත. ඔවුන් ද එම මුදල් තවත් මූල්‍ය ආයතන හරහා පොලියට ලබා ගනිමින් මෙම ගනුදෙනු සිදු කර ඇත. එම සමාගම සම්බන්ධයෙන් වන චෝදනාව වන්නේ 2013 අගභාගයේ දී ආරම්භ කළ එම සමාගමට 2014 දී බිලියන 1ක වත්කමක් නොතිබූ නමුත් එම සමාගමට වසරක් තුළ බිලියන 5කට වැඩි ආදායමක් ලැබුණේ කෙසේද යන්න ගැන ය. ඔවුන් විසින් සිදු කර තිබෙන ගනුදෙනු ප‍්‍රමාණය සලකා බැලීමේ දී එය එතරම් ලාභයක් නොවන බව ද පහසුවෙන් තේරුම් ගත හැකියමෙම ආයතනය පමණක් නොව අනෙක් ප‍්‍රාථමික ගැනුම්කරුවන් වුව ද ද්විතීයික ගනුදෙනු හරහා සිය ලාභ ප‍්‍රතිශත වැඩි කර ගැනීම සිදු කරගෙන ඇත. බැඳුම්කර ගනුදෙනුවේ ස්වභාවය මෙලෙස වන අතර එවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩකඩ ලබා දී ඇත්තේ රජයේ හදිසි මූල්‍ය අවශ්‍යතාව මත රජයට ගනුදෙනු කිරීමට සිදු වන මේ ප‍්‍රාථමික වෙළෙඳුන් බංකොලොත් නොවී තබා ගැනීම, ඔවුන්ව රැක ගැනීම රජයේ වගකීමක් යුතුකමක් පමණක් නොව ඒ මත රැඳීමට ද රජයට සිදුව ඇති නිසාය.

ප‍්‍රාථමික වෙළෙන්දා ලාභ ලබා ගැනීම පාලනය කිරීමේ හැකියාවක් රජයට (මහ බැංකුවට) නොමැත. නමුත් ඊට බලපෑම් කළ හැක්කේ පොලී අනුපාත ඉහළ දැමීමේ අවස්ථාව අවම කිරීමට මහ බැංකුව කි‍්‍රයා කිරීම හරහාය.

මෙහි දී සාමාන්‍ය පවතින පොලී අනුපාතය මහ බැංකුවේ හුදු කැමැත්ත නොවේ. ඊට බලපාන රටේ ආර්ථිකමය කරුණු කාරණා රැසක් වෙයි. එම නිසා එය පාලනය කිරීම පහසු ද නොවේ. මෙරටේ ජනතාව ආයෝජනය කිරීමට දක්වන අධික මැළිකම (රජය විසින් සහනාධාර අධික ලෙස ලබා දීම ද මෙය කෙරෙහි බලපා ඇත.) රජයේ වියදම් වැඩි වීම, බදු අය කර ගැනීම සීමා වීම ආදී කරුණු කාරණා රැසක් අවසානයේ දී මෙම පොලී අනුපාතය කෙරෙහි බලපායි. ඒ අනුව පර්පෙචුවල් ට‍්‍රෂරීස් වැනි ආයතනයක් ලබා ගන්නා අධික ලාභයට රජය පමණක් නොව සියලූ ජනතාව වගකිව යුතුය. එම තත්ත්ව වෙනස් වීම සිදු නොවෙන තාක්කල් මේ ක‍්‍රමයේ හැටියට එක්තරා සුළු පිරිසක් අධික ලාභ ලැබීම වැළැක්විය නොහැකිය. ඊට ඉරිසියා කරනවාට වඩා සිදු විය යුත්තේ තම තමන්ගේ ආචීර්ණ කල්පික ආකල්ප වෙනස් කරගෙන සැබැවින්ම පවතින යථාර්ථයට මුහුණ දීමය. නැත්නම් මේ ක‍්‍රමය කුඩුපට්ටම් කර දැමීමය

ඒ අතර වඩා වැදගත් දේ මේ මූල්‍ය ගනුදෙනුවල දී අක‍්‍රමිකතා සිදු නොවීමට වග බලා ගැනීමය. ඒ වගකිවයුතු ආයතනවල වගකීමකි. එය වෙනුවෙන් පවත්නා ක‍්‍රමවේදවල හෝ නීති රීතිවල දුර්වලකම් තිබේ නම් ඒ අනිවාර්යෙන්ම ඒවා නිවැරැදි කරගත යුතුය. ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරුණ විමර්ශනවලින් මේ කරුණු අවධාරණය වී තිබීම වැදගත් ය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දින සිදුව තිබෙන බැඳුම්කර ගනුදෙනුව මඟින් අතිවිශාල වංචාවක් සිදුව ඇති බවට එල්ල වී තිබෙන චෝදනා අනුව මේ සම්බන්ධයෙන් කොප් කමිටුව විසින් මාස 18ක් තිස්සේ කෙරුණු විමර්ශන වාර්තාව පසුගිය ඔක්තෝබර් 28 වන දින පාර්ලිමේන්තුව හමුවේ තැබීමට එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කර තිබිණි. එතෙක් මෙම වාර්තාව ගැන විශාල කුතුහලයක් සමාජය තුළත් දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළත් නිර්මාණය වී තිබිණි. ඒ මෙම බැඳුම්කර ගනුදෙනුව මඟින් සිදු වී ඇතැයි කියන බිලියන ගණනක වංචාවක් ගැන මෙන්ම මේ මහා වංචාවට වගකිවයුත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් යන අය බවට ද විශාල කතා බහක් සියලූ පාර්ශ්ව විසින් මතු කරනු ලැබ තිබීම හේතුවෙනකන්දක් විළිලා මී පැටියෙක් වැදුවාය කියන්නේ මහා පරිශ‍්‍රමයකින් පසුව බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය ලැබී නොගිය නිසාය. එනම් ප‍්‍රතිඵලදායක බව අවම වීම නිසාය.

එනම් මෙහි සභාපති වන සුනිල් හඳුන්නෙත්ති මහතා නිකැළැල් පිරිසිදු පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු හා දූෂණය වංචාව සම්බන්ධයෙන් නිරන්තර හඬ නගන්නකු වීම නිසා මෙම වාර්තාව තුළින් කිසිදු වංචාකරුවකුට ගැලවීමක් හෝ ලිහිලක් සිදු නොවණු ඇති බව සමාජයේ බහුතරය විශ්වාසයෙන් යුතුව බලා සිටියේ ය. එමෙන්ම මෙම බැඳුම්කර ගනුදෙනුව තුළ මහා බරපතළ වංචාවක් සිදුව තිබෙන බවත් අගමැතිවරයා, හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ බෑනා ඉලක්ක කර ගනිමින් ඔවුන් වංචාකරුවන් කියමින් ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් ගෙන ගිය දැඩි ප‍්‍රචාරාත්මක ව්‍යාපෘතිය නිසා කෝප් කමිටු වාර්තාව දේශපාලන ලෝකය පුපුරුවා හරින තරමේ බෝම්බයක් වනු ඇත

කෙසේ නමුත් දැන් කෝප් වාර්තාව පිට වී තිබේ. බලාපොරොත්තුවෙන් සිටි බෝම්බය පිපිරුණේ නැත. එය නිකම්ම නිකම් පුස් වෙඩිල්ලක තත්ත්වයට මේ වන විට පත්ව තිබේ. එම වාර්තාව තුළ සිදුව තිබෙන වංචාවක් ගැන නිශ්චිත සඳහනක් නැත. වංචාකරුවන් බවට චෝදනා කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ ගැන සඳහනක් හෝ නොමැත. හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිවයුතු බව කෝප් නිර්දේශයක් තුළ සටහන්ව තිබුණ ද එම වාර්තාව තුළම එය අභියෝගයට ලක්ව තිබෙන බව ද දකිත හැකියපිටු 55කින් පමණ යුක්තව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම සමස්ත කෝප් වාර්තාවේ වඩා අවධාරණයට ගතයුතු කොටස වන්නේ අවසානයෙහි ඇති නිර්දේශ කෙරෙහිය. මෙම නිර්දේශවල නිශ්චිත වශයෙන් වංචාවක්, වංචා කළ මුදලක් හෝ වංචාකරුවකු හෝ වංචාකරුවන් ගැන සඳහනක් නොමැති වීම කුහුල දනවන සංවාදයකට තුඩු දී ඇත. මේ තත්ත්වය මත මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව සමාජය තුළ ගොඩනැගී ඇති සංවාදවල ප‍්‍රධාන කාරණය වී ඇත්තේ ‘කවුද වංචාකාරයා’ යන්න සෙවීම ගැන ය. ඒ අර කලින් කී සිංහල අලූත් අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා සෙවීමේ සෙල්ලම හා සමානය.

කෙසේ නමුත් මෙම කෝප් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් බරපතළ ගැටලූ රාශියක් මතු කර තිබේ. මෙම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් එම සියලූ කමිටු සාමාජිකයන්ගේ ඒකමතික එකඟතාව ලැබී ඇත.

එහෙත් එම වාර්තාවේ සඳහන් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම පාද සටහන් දමා ප‍්‍රධාන වාර්තාවේ ඇති කරුණුවලට වෙනස් අදහස් පළ කිරීම සිදු කර ඇත. එම නිසා මෙම වාර්තාවේ පාද සටහන්වලට එකඟ නොවූ 16 දෙනෙකුත් පාද සටහන්වලට එකඟ වූ 9 දෙනකුත් වශයෙන් කණ්ඩායම් දෙකක මතය ඉදිරිපත්ව තිබේ. නමුත් මේ සමස්තයක් ලෙස කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ වාර්තාව ලෙස පිළිගැනීමට සිදුව තිබේ.

වාර්තාවේ අඩංගුව සම්බන්ධයෙන් කවර කරුණක් කියවුණ ද මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ කණ්ඩායම හා අනෙකුත් මහින්දවාදී ශ‍්‍රීලනිප පිරිස එක්ව එජාප කණ්ඩායම දූෂිතයන් ආරක්ෂා කරන කණ්ඩායම ලෙස (ෆුට් නෝට් කල්ලිය) හැඳින්වීමට මෙම පාද සටහන් දැමීම මත විවේචනයක් ගොඩනඟමින් සිටී. මෙහි ඇති අපූර්වය නම් ජවිපෙත් වීරවංශ කණ්ඩායමත් මහින්දවාදීනුත් මේ වන විට දූෂණ විරෝධී එක පිලක් බවට පත්ව තිබීමය. ඔවුනොවුන් අතර එම එකඟතාව ඉදිරියේ දී එක් දේශපාලන පෙරමුණක් දක්වා වර්ධනය වීම ගැන දැන්ම අනාවැකි පැවසිය නොහැකි නමුත් ඒ සිදු නොවෙතැයි ඔවුන් සියලූ දෙනාගේ ඉතිහාසය අනුව කිව නොහැකිය.

ඒ කොහොම වෙතත් පෙබරවාරි 27 බිලියන 13.5 බැඳුම්කරයේ දී චෝදනාවක් ලෙස එල්ල වන්නේ ද්විතීයික වෙළෙඳපොළේ පොලී අනුපාතය සියයට 9.48 ක තිබිය දී මෙම බැඳුම්කරය 11.73 ක ඉහළ අනුපාතයකට ලබා දීම ගැන ය. මෙම අනුපාතය 0.05ක වෙනසකින් පමණක් වැඩි විය යුතු බවට මූල්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තිමය නියමයක්ව තිබිය දී මෙලෙස වැඩි පරතරයකින් මෙම බැඳුම්කර නිකුත් කිරීම සැක සහිත බවට මෙම චෝදනාව එල්ල වී පවතී. එහෙත් මෙම පොලී අනුපාතය ඍජු ක‍්‍රමයෙන් වන මිලදී ගැනීම් වෙනුවෙන් පැවැති පොලී අනුපාතය බවත් එය ස්වාධීනව ඇති වූ පොලී අනුපාතයක් නොවන බවත් එජාප මන්ත‍්‍රීවරුන් සිය පාද සටහන්වල සඳහන් කර තිබුනි.

එනමුත් ඍජු ක‍්‍රමයෙන් අඩු පොලියට බැඳුම්කර නිකුත් කිරීම සිදු කළ හැකිව තිබූ බවත් ඒ මොහොතේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 6ක් ඉතුරුව තිබූ බවත් ඒ ලබාගෙන ඉතිරි මුදල පමණක් වෙන්දේසි ක‍්‍රමයට ගැනීමට හැකිව තිබූ බවත් හඳුන්නෙත්ති මහතා මධ්‍ය හමුවල දී ප‍්‍රකාශ කර තිබිණි. එහෙත් එසේ නොකර පර්පෙචුවල් සමාගමට වැඩි වාසියක් අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දුන් බවට චෝදනා කරන අතර මෙලෙස අයථා වාසියක් අත්පත් කර ගැනීම ගැන කෝප් කමිටු නිර්දේශවල ද මේ සම්බන්ධයෙන් වෙනම නීතිමය බලය සහිත ආයතනයක් මඟින් පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව කියයි. එහෙත් ඍජු ක‍්‍රමය වෙනුවට මුළුමනින්ම වෙන්දේසි ක‍්‍රමය යොදා ගන්නා ලෙසට මහ බැංකුවට උපදෙස් දුන් අගමැතිවරයා ගැන මෙම කෝප් වර්තාවේ සටහනක් නැත

ඒ කෙසේ නමුත් මෙලෙස යෙදූ පා සටහන් සම්බන්ධයෙන් නව දූෂණ විරෝධී පිල මතු කරන තර්ක එතරම් වලංගුභාවයක් නොමැති බව ද පෙනේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් මෙම කෝප් වාර්තාවේ 3.2 වගන්තිය යටතේ වන පරිච්ෙඡ්දයෙහි වට්ටම් අනුපාතිකයට බැඳුම්කර නිකුත් කිරීම හේතුවෙන් රජයට මූල්‍ය අවාසියක් ද සිදු වේ යන වැකියට එජාප කණ්ඩායම එකඟ වී නොතිබිණි.

ඒ බැඳුම්කර වෙළෙඳාමේ දී අනුගමනය කෙරෙන ක‍්‍රමවේදය අනුව පොලී අනුපාතය සම්බන්ධයෙන් ඇති තත්ත්වයට සාපේක්ෂව වාසි අවාසි තීරණය වීම සිදු වනවාය යන කරුණ හේතුවෙනි. එහෙත් එජාප මන්ත‍්‍රීවරු මතු කළ කාරණාව සම්බන්ධයෙන් නව දූෂණ විරෝධීන් මතු කළේ එජාපය මෙම විවාදයට තුඩුව තිබෙන බැඳුම්කරය සම්බන්ධයෙන් පාඩුවක් සිදුව නොමැති බව තහවුරු කිරීම සඳහා එම පාද සටහන යෙදූ බවය. නමුත් එම කරුණ සත්‍යයක් නොවේ. ඔවුන් මතු කළේ න්‍යායාත්මක කරැනු
මෙලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් සකස් කළ වාර්තාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එජාප මන්ත‍්‍රීවරුන් පාද සටහන් කිහිපයක් දමමින් එම කරුණු අභියෝග යට ලක් කර තිබිණි. ඇතැම් පාද සටහනක් විගණකාධිපතිවරයාගේ පූර්ණ එකඟතාව මත සිදු කර තිබෙන බව ද වාර්තා විය.

මේ අනුව මෙලෙස මෙම පාද සටහන් සම්බන්ධයෙන් ගොඩනගන තර්ක දේශපාලනික වුවමනා පදනම් කරගෙන සිදු වන බව පෙනෙන්නට ඇත. එම කණ්ඩායම කොහොමත් සිටියේ බැඳුම්කරය මඟින් වංචාවක් සිදුව ඇති බවට දැඩි මතයක් සමාජගත කරමිනි. ආණ්ඩු බලය හොබවන එජාපය පක්ෂයක් ලෙස මුලින් පෙනී සිටියේ මෙහි වංචාවක් සිදුව නොමැතිය යන මතයේය. නමුත් කෝප් කමිටු සාමාජික එජාප නියෝජිතයන් එම මතය වෙනස් කර ගත්තා පමණක් නොව ජවිපෙ ට වඩා එහා ගොස් මේ තුළ වංචාවක් සිදුව ඇති බවත් වංචාකරුවන් ද නම් කරමින් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බවටත් ප‍්‍රසිද්ධියේ පවසන තැනට පත්ව සිටී.

නමුත් මෙම කෝප් වාර්තාව තුළ මේ කොතැනක හෝ වංචාවක් සිදුව ඇති බව හෝ වංචාකරුවකු ගැන වාර්තා නොකිරීමට පරිස්සම් වී ඇත. ඒ දැනුවත් භාවය අවබෝධය මත හෝ තම තමන්ගේ දේශපාලන වුවමනාවන්හි සැඟවුණු අරමුණු වෙනුවෙන් ගත්තා වූ පියවරක් ලෙස ද සැලකිය හැකියතත්ත්වය තවත් බරපතළ වන්නේ බැඳුම්කර නිකුතුවේ දී පසුගිය ආණ්ඩු සමයේ දී බහුලව අනුගමනය කළ සෘජු ක‍්‍රමය වෙනුවට සම්පූර්ණයෙන්ම වෙන්දේසි ක‍්‍රමය අනුගමනය කර අදාළ මුදල් උපයා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දුන්නේ අගමැතිවරයා බවට මහ බැංකු අධිපතිවරයා පවසා තිබීම, ඔහුට මහ බැංකු අධිපතිවරයා ලෙස එම වගකීම බාර දී තිබුණේ අගමැතිවරයා විසින් වීම සහ මහ බැංකුව අගමැතිවරයා යටතේ තිබෙන ආමාත්‍යාංශයක් වීම මත අගමැතිවරයා මෙම චෝදනාවට වගකිවයුත්තා ලෙස සැක කිරීමෙහි සාධාරණයක් බැලූ බැල්මට මතු වන නිසාය.

නමුත් එම සාධාරණ සැකය කෝප් වාර්තාවේ නැත.
එමෙන්ම සභාපති හඳුන්නෙත්ති ප‍්‍රමුඛ දූෂණ විරෝධී කෝප් කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් පිටත දී එල්ල කරන බරපතළ චෝදනාවක් වන්නේ මහ බැංකු අධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් ක‍්‍රියාත්මක කිරීමට යාමේ දී මහ බැංකුවේ නීති රීති අනුව කටයුතු නොකර ඔහුගේ හිතුමනාපයට කටයුතු කිරීම නිසා මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවය..මහ බැංකු අධිපතිවරයා මුදල් අමත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපතිවරයා විසින් පත් කරන නියෝජිතයන් තිදෙනකු ආදී වශයෙන් වන මෙම මූල්‍ය මණ්ඩලය විසින් සම්පූර්ණයෙන්ම වෙන්දේසි ක‍්‍රමයට යන්නේද යන්න තීන්දුවක් ගත යුතුව තිබුණත් ඒ සිදු නොකර මහ බැංකු අධිපතිවරයා කෙළින්ම මෙම පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන මෙහෙයුම සිදු කරන ටෙන්ඩර කමිටුවට බලපෑම් කර වෙන්දේසි ක‍්‍රමයට බිලියන 20 ක බැඳුම්කර මිලදී ගත යුතු බවට නියෝග කර ඇති බවට ගොඩනගන කරුණ ද අතාර්කික බව පෙනේ.

මෙම චෝදනාකරුවන් විසින්ම අන් තැනක පවසන්නේ අගමැතිවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ කිව්ව පළියට මූල්‍ය මණ්ඩලය අනුමත කළ ගනුදෙනුවක් සිදු කිරීමට ටෙන්ඩර් කමිටුවට බලයක් නොමැති බවය. එය සත්‍යයකි. බැඳුම්කර කොපමණ නිකුත් කරන්නේද, එමඟින් මහ බැංකුවට අවම අවදානම හා අවම අවාසිය සලකා බලා ඒ තීරණය කිරීමේ බලය ඇත්තේ මෙම ටෙන්ඩර් කමිටුවටය. ඒ අනුව මෙම ගනුදෙනුව අනුමත කළ ටෙන්ඩර් කමිටුව මෙම ගනුදෙනුවේ ප‍්‍රධාන වගඋත්තරකරුවා වේ. එමෙන්ම බිලියන 20 ක බැඳුම්කර මිලදී ගන්නා ලෙස ටෙන්ඩර් කමිටුවට මහ බැංකු අධිපතිවරයා පැවසූව ද එම මතයට එරෙහිව යමින් බිලියන 20 ක් ගැනීම අවදානම් කියා එය 10 ක් දක්වා අඩු කළ යුතු බව මහ බැංකු අධිපතිවරයාට දැන්වීම සහ ඔහු විසින් ඒ පිළිගැනීම අනුව ද මෙම ගනුදෙනුවේ තීරකයා ටෙන්ඩර් කමිටුව බව තහවුරු වමේ අනුව අවශ්‍ය නම් මෙම ගනුදෙනුව මුළුමනින්ම නවතා දැමීමේ හැකියාවක් ද ටෙන්ඩර් කමිටුව වෙත තිබිණි. එහෙත් රජයේ මුදල් අවශ්‍යතාව මත බිලියන 13.5 දක්වා එම ගනුදෙනුව සිදු කරනු ලැබීමට ටෙන්ඩර් කමිටුවට සිදුව තිබිණි. එමෙන්ම මෙම අවස්ථාවේ දී මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් කමිටුවට නියෝග යක් හෝ බලපෑමක් සිදු නොකළ බව ද තහවුරුව ඇත. එමෙන්ම එම නිලධාරීන් සහ අධිපතිවරයා අතර ළැබැඳියාවක් තිබුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැති බවත් පැහැදිලිය.

අනෙක් කරුණ මෙලෙස වෙන්දේසි ක‍්‍රමයක් අනුගමනය කිරීම හා වෙන්දේසිය නියමිත පරිදි පෙරවරු 11 ට අවසන් නොකර අමතර විනාඩි 08 ක් පවත්වාගෙන යාම නිසා පර්පෙචුවල් සමාගමට වැඩි අවස්ථාවක් ලබා දුන් බවට වන චෝදනාව ද ඵල රහිත බව පෙනේ. මන්ද, පෙරවරු 11 වන විට එම සමාගම සිය ලන්සුව ඉදිරිපත් කර තිබීමය. 11න් පසුව ලන්සු ඉදිරිපත් කර තිබුණේ වෙනත් සමාගමකි. එමෙන්ම මහ බැංකු අධිපතිවරයාට තමන්ගේ බෑනා සිටිනවා යැයි කියන පර්පෙනචුවල් සමාගමට වැඩි අවස්ථාවක් ලබා දීමේ වුවමනාව තිබුණේ නම් වෙන්දේසි ක‍්‍රමයට නොගොස් සෘජු ක‍්‍රමය මඟින් එම සමාගමටම මෙම බැඳුම්කරය ලබා දීමේ ඉතා පහසු හැකියාවක් තිබිණි. මුදල් මණ්ඩලය තුළ ඊට අදාළ ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන පසුගිය රාජපක්ෂ සමයේ දී මෙන් කිසිවකුත් නොදැන පෞද්ගලික මට්ටමෙන් මෙම බැඳුම්කර ගනුදෙනු අවශ්‍ය ලෙස සිදු කර ගැනීමේ හැකියාව ද තිබිණි. පසුගිය රාජපක්ෂ සමයේ දී හිටපු මහ බැංකු අධිපතිවරයා අනුගමනය කළ ක‍්‍රමය එය ය. එහි දී ඉහළ පොලී අනුපාත යටතේ මෙලෙස 30 අවුරුදු දීර්ඝකාලීන බැඳුම්කර ගණනාවක් නිකුත් කර ඇත. ඊට අනුව නම් පර්පෙචුවල් සමාගමට 30 අවුරුදු බැඳුම්කර සඳහා ලබා දුන් පොලී අනුපාතය පෙර බැඳුම්කර හා සැසඳීමේ දී අවම අගයක් බව ද සඳහන් කළ යුතුව ඇත.
කෙසේ නමුත් මහ බැංකු අධිපතිවරයා පර්පෙචුවල් සමාගමට වැඩි වාසි අත්පත් කර දීම සම්බන්ධයෙන් දැඩි චෝදනා නැගෙන්නේ ඔහුගේ බැනා වන අර්ජුන් ඇලෝසියස් මෙම සමාගමේ හිමිකරුවා හෝ අධ්‍යක්ෂවරයකු වීම පදනම් කරගෙනය. නමුත් එම චෝදනාව ද අපතේ යන තත්ත්වයක් මතුව තිබේ. ඒ මෙම පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළ අර්ජුන් ඇලෝසියස් මහතා කිසිදු වගකීමක් නො ඉසිලීම හෙළිදරව් වීම නිසාය. එනම් ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරය බාර ගැනීමට සති කිහිපයකට පෙර ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්ව ති⁣බේ.

වඩාත් වැදගත් කරුණක් වන්නේ මෙම බැඳුම්කර ගනුදෙනුවේ දී නීත්‍යනුකූල නොවන කිසිවක් සිදුව ඇති බවට ද වාර්තා නොවීමය. හන්ඳුන්නෙත්ති මහතා පසුගිය දා පැවැති රූපවාහිනී සාකච්ඡාවක දී මෙම ‘වංචාව’ සිදුව ඇත්තේ ‘නීත්‍යානුකූල ක‍්‍රමවේදය’ ඔස්සේ බවට කළ ප‍්‍රකාශයෙන් ද ඒ තහවුරු වෙයි. එසේ නම් දැන් ප‍්‍රශ්නය වී තිබෙන්නේ නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවක් ‘වංචාවක්’ ලෙස අර්ථ දක්වන්නේ කෙසේද යන්නය. එසේම නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවක් අධිකරණයක් දී වංචාවක් ලෙස ඔප්පු කරන්නේ කෙසේ ද යන්නය. එමෙන්ම කෝප් වර්තාවේ හෝ විගණකාධිපති විමර්ශන වාර්තාවේ වංචාව යන වචනය අඩංගු නොවීම ගැන හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ කෝප් වාර්තාවේ වංචාව යන වචනය නැතත් එම වාර්තාවේ සමස්තය තුළම වංචාව තිබෙන බවය. ඒ ලියා ඇති භාෂාව තුළ වංචාව සැඟවී තිබෙන බවය. එසේම තවත් රූපවාහිනී සාකච්ඡාවක දී කෝප් කමිටු සාමාජිකයකු වූ වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා අර්ථ දැක්වූයේ විගණකාධිපති වාර්තාවේ ‘අලාභය’ යනුවෙන් සඳහන් කොට තිබෙන්නේ වංචාව යන වචනය බවය. මේවා අපූරු අර්ථකථනය...

එසේම කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සිය කමිටු වාර්තාව සකස් කිරීම සඳහා මුළුමනින්ම පදනම් කරගෙන තිබුණේ විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විමර්ශන වාර්තාවය. මෙය යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමසුමක් මිස අවසන් වාර්ෂික විගණාධිපති වාර්තාවක් නොවේ. මෙම හේතුව මත විගණකාධිපති විමර්ශන වාර්තාවේ මතු කරනු ලබන කරුණුවල වලංගුතාව ද ගැටලූකාරිත්වයක් මතු කරනු ඇත. අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් සිදු විය හැකිව තිබෙන්නේ මේ ගනුදෙනු වඩා සදාචාරාත්මක කිරීමක් පමණක් විය හැකිය.

කෙසේ නමුත් මෙම කෝප් වාර්තාව සම්බන්ධයෙන් තව ගැටලූකාරී කරුණු රැ සක් මතුව තිබේ. එහෙත් මේ කුඩා ඉඩකඩ ඊට අවස්ථාව සීමා කර තිබේ. නමුත් අවසාන වශයෙන් යමක් කියන්නේ නම් සමස්තයක් ලෙස ගත් කල මෙම කෝප් වාර්තාව වචන සෙල්ලමකින් එහාට ගොස් ඇති ලියැවිල්ලක් හැර අනෙකක් නොවන බවයි.

එමෙන්ම මෙම කෝප් වාර්තාව නිකුත් කිරීමට පෙර ඒ ආසන්න කාලයේ දී සියලූම ජනමාධ්‍ය යොදාගෙන කෝප් වාර්තාව මඟින් මහා වංචාවක් හෙළිදරව් කර ඇති බවටත් අගමැතිවරයා හා අර්ජුන් මහේන්ද්‍ර වංචාකරුවන් බවටත් ඔහුගේ බෑණා මෙම වංචාවෙන් බිලියන ගණන් උපයා ගත් බවටත් තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම ජවිපෙත් මහින්දවාදී විපක්ෂයත් තරගෙට මෙන් කළේය. විශේෂයෙන් ජවිපෙ නායක අනුර දිසානායක හා ජවිපෙ අනුබද්ධ සංවිධානයක් වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහත් මේ අතරින් පෙරමුණේ වූහ. නමුත් ඔවුන් තහවුරු කරන්නට උත්සාහ කළ කිසිදු කරුණක් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා පත් කළ මන්ත‍්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ වාර්තාවේ අඩංගු වූයේ නැත. මේ අනුව කෝප් වාර්තාවට පෙර සිදු කළ කෑකෝ ගැසීම, මෙම වාර්තාව පුස් වෙඩිල්ලක් බව සැඟවීමට ගත් පූර්ව උත්සාහයක් බව සැක කළ හැකිව තිබේ. මේ වන විටත් කෝප් වාර්තාව මඟින් වංචාව හා වංචාකරුවන් හෙළි කර ඇති බවට සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින්නේ ද එබැවින් බව සැක කළ හැකියකෙසේ නමුත් එජාප කෝප් කමිටු සාමාජිකයන් එම වාර්තාව දියාරු බවට චෝදනා කරමින් සිටී. අගමැති රනිල්ගේ ගජ මිතුරා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් වංචාකරුවකු බවත් ඔහු වංචාවක් කර ඇති බවත් කියමින් එජාප මන්ත‍්‍රීවරුම ගෙන යන ප‍්‍රචාරය හමුවේ ද ජවිපෙ කෝප් කමිටුව වාර්තාව සැකසීමට ගොස් ඊට අසමත් වූ බව තහවුරු වන්නක්ව තිබේ. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ මිතුරාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ද නැත.
එමෙන්ම මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එජාපයේ මතය කුමක්ද යන්න ගැන ද ව්‍යාකූල තත්ත්වයක් ගොඩනැගීමට එජාපය සමත්ව තිබේ. කොහොම වෙතත් මෙය රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ක‍්‍රමවේදයේ ඇති උපක‍්‍රමික භාවය ද විය හැකිය.

මෙහි දී අවධාරණය කළ යුතු අනිත් කරුණ නම් පර්පෙචුවෙල් සමාගම ද්විතීයික වෙළෙඳපොළෙන් අයථා ලෙස ලාබ උපයා ඇත්නම් එම මුදල් ආපසු අය කර ගැනීමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ඇතැමකු පැවසීම විහිළු සහගතය යන්නය. නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවකින් ලැබෙන ලාබය කෙතරම් ඉහළ වුවත් එය අයථා ලෙස වර්ග කළ නොහැක.

එමෙන්ම එය යළි අත්පත් කර ගැනීම සිදු විය හැකි කි‍්‍රයාවලියක් නොවේ. එහෙත් යම් හෙයකින් හෝ එසේ සිදු වන්නේ නම් මූල්‍ය වෙළෙඳපොළම කඩා වැටෙනු ඇත. මන්ද, කවරෙකුගෙන් ලබා ගන්නා ලාභයක් ‘අයථා’ ලෙස හැඳින්වීම සිදු විය හැකි බැවිනි. එහෙත් යම් ලෙසකින් හෝ අධිකරණයක් හමුවේ මේ චෝදනා ගොනු වීම සිදු වන්නේ නම් ඒ රටට වැදගත් වනු ඇත. අද ප‍්‍රශ්නකාරීව තිබෙන ඇතැම් ක‍්‍රියාමාර්ග වෙනුවට වඩා පැහැදිලි ක‍්‍රමවේද සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු බලපැවැත්වීම එවිට සිදු වනු ඇත. අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් සිදු විය හැකිව තිබෙන්නේ මේ ගනුදෙනු වඩා සදාචාරාත්මක කිරීමක් පමණක් විය හැකිය.

එසේම කෝප් වාර්තාවේ මේ වචන සෙල්ලමට සිදු වන්නේ කුමක්ද යන්න රටටම බලාගත හැකි වනු ඇති බවට සැකයක් නැත. එය සාධාරණ සැකයක් නොව වචනාර්ථයෙන්ම සැකයක් නැත....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...