Tuesday, January 16, 2018

ගම්මන්පිල අධිකරණයට කූට ලේඛණ දීලා... බ්‍රයන් ෂැඩික්ගෙන් සාක්ෂි.....

2018 ජනවාරි මස 17.

තමා කිසිදු අවස්ථාවක තම ව්‍යාපාර කොටස්වල බලය පවරා උදය ගම්මන්පිලහට ඇටෝනි බලපත්‍රයක් නොදුන් බවත් විත්තිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ බොරු ලේඛන බවත් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා ව්‍යාපාරිකයින්ට එරෙහි නඩුවේ සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (16) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
ලසිත් පෙරේරාට ලබා දී තිබෙන ඇටර්නි බලපත්‍රය සම්බන්ධව විත්තියේ නීතිඥවරයා විසින් බ්‍රයන් මහතාගෙන් විමසීමේදී ලබා දුන් පිළිතුරු පරස් පර විරෝධී යැයි ප්‍රකාශ කරමින් උසාවිය තුල මහා හඩින් කෑගැසීම තුලින් සොලිස්ටර් ජනරාල් වරයා නැගී සිටිමින් පවසා සිටියේ විත්තියේ නීතිඥවරයා අධිකරණය නොමග යවන බව ප්‍රකාශ කල අතර විනිසුරු වරා කියා සිටියේ සාක්ෂි කරු හිංසනය වන අන්දමින් ප්‍රශ්න නොකරන ලෙසත්, අනවශ්‍ය ලෙස කාලය මිඩංගු නොකරන ලෙසද, මේ නඩුව හේතුවෙන් නඩු 30 ආසන්න ප්‍රමාණයක් කල දැමීමට හේතු වී ඇති මොහොතක තව දුරටත් මෙලෙස ක්‍රියා නොකරන බවත් ඉතා කෙටියෙන් ප්‍රශ්න ඇසීම සිදු කරන ලෙස නියෝග කළේය.

බ්‍රයන් මහතාගෙන් විවිධ ඇටර්නි බලපත්‍ර හා රැස්වීම් වාර්තා කිහිපයක් පෙන්වමින් මෙහි අත්සන හා ඔහු සභාපති ලෙස 1997 ජුලි 24, 1997 අගෝස්තු මස,1997 ඔක්තෝම්බර් 10 දින ආදී දිනවල පැවති වාර්තා ලේඛන රැසක් පෙන්වූ අතර පැමිණිලි කරු ප්‍රකාශ කර සිටියේ මෙහි තිබෙන අත්සන් තමාගේ අත්සනට සමාන බවත්,තාම විසින් මෙවන් වාර්තා වලට අත්සන් නොකළ බවත් මෙහි දැක්වෙන සිසිර ජයසිංහ නම් පුද්ගලයා මා හමුවී නොමැති බවත් මෙම වාර්තා ව්‍යාජ වාර්තා බවත්,තමා රැස්වීම් වලට සභාපතිවරයකු ලෙස කිසිදු මොහොතක සහභාගී වී නොමැති බව සදහන් කළේය

දිවා ආහාරයෙන් පසුව එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි කූඩ‍ුවේ සාක්කි දෙමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා විත්තිය තමා අපහසුතාවයට ලක්වන අයුරින්, තම සාක්කියට බාධා වන අයුරින් තමා හාස්‍යයට ලක් කරමින් ප්‍රශ්න නගන බව විනිසුරුවරයා වෙත පැමිණිලිකැර සිටියේය.

විත්තියේ එම ප්‍රශ්න කිරීම් හමුවේ මුහුණදීමේ හැකියාව සාක්කිකරු වෙත තිබිය යුතු බව ඒ අවස්ථාවේදී විනිසුරුවරයා දන්වා සිටියේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...