Tuesday, January 9, 2018

මහා රන් භාණ්ඩ වංචාවක් ..වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි......

2018 ජනවාරි මස 09.

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

අද දිනයේ ඇය බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාද

 අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබේ. 

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...