Sunday, January 7, 2018

බැදුම්කර හොරු අල්ලන සටන අගමැති අතට ගනී.....

2018 ජනවාරි මස 07.

මහ බැංකු බැඳුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සදහා ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත.

බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.
මේ අතර අගමැතිවරයා විසින් අදාල වාර්තාව සම්බන්ධයෙන් ඉක්මන් ඉදිරි පියවර ගැනීම සදහා සාකච්චා කිරීමට නීතිපත්වරයාද කැදවා ඇත.

2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින්, කඩිනමින් ඒ පරීක්‍ෂණ ඇරඹිය යුතු බවද පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, බැඳුම්කර කොමිසම පිළිබඳ විවිධ අදහස් පළ කරන ජනමාධ්‍ය දැන් බිලියන දසදහස පිළිබඳව ද ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේදැයි තමන් බලා සිටින බව ද පැවසීය.

මේ අයුරින් රට සහ රටේ අනාගතය විනාශයට පත් කළ රාජපක්‍ෂවරු දැන් ගම හදන්නට බලය ඉල්ලන බවත්, රටේ ආර්ථිකය පරිහාණියට පත් කළ අයට ගම නංවාලීමට කිසිඳු හැකියාවක් නැති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...