Sunday, January 14, 2018

බැඳුම්කර වාර්තාව ජනාධිපතිට අවශ්‍ය අයුරින් දෙවරක් ලියවා ගත්තා...(Video)

2018 ජනවාරි මස 14.

පාර්ලිමේන්තුවේ රනිල්ට හූ කියන්න උසි ගැන්වූයේ ද ජනාධිපතියි....ආචාර්ය වික්‍රමබාහු හෙළිකරයි ....

ජනාධිපතිවරයාට ලැබුණු කොමිෂන් වාර්තාව ජනාධිපතිගේ වුවමනාවට දෙවතාවක් සංශෝධනය කළ බවත් ඒ කෙළේ රනිල් වික්‍රමසිංහ වැරදි කාරයා කිරීමට බවත් නව සම සමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අනාවරණය කරයි.

බැඳුම්කර වාර්තාව එනම් දෙසැ. 7 වෙනිදා එක් වාර්තාවක් ඔහුට ලබා දුන් බවත් ඔහු එය සඟවා 31 වෙනිදා දක්වා දින දිගු කර තවත් වාර්තාවක් ලබා ගත් බව ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබිණ.

ආචාර්ය වික්‍රමබාහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ එම වාර්තාවට ඔහු දේශපාලන අරුත් දෙමින් ප්‍රකාශ නිකුත් කිරීම වැරදි බවයි. එපමණක් නොව ඊට පිළිතුරු දීමට ගිය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධතා දක්වා හූ කීමට උසි ගැන්වූයේ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවද වික්‍රමබාහු මහතා හෙළිකරයි.

ජනාධිපතිවරයා යන්නේ ජාතීවාදී අන්තවාදී විනාශකාරී ගමනකැයිද බාහු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ය.

ලංකා ඊ නිව්ස්

ආචාර්ය වික්‍රමබාහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින් .....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...