ග්‍රීන් කාඩ් ලොතරැයි දිනුමක් හරහා ඇමරිකාවට පැමිණි උස්බෙක් ජාතිකයෙකු විසින් ඊයේ නිව්යෝක් නගරයේ පදික වෙදිකාවක් මත ට්‍රක් රථයක් පදවාගෙන ගොස් 8 දෙනෙකු මරා තවත් පිරිසකට තුවාල කිරීම නිසා ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කීය
මෙය අහෝසි කිරීමට ඔහුට තනි බලයක් නැත .එය අහෝසි කිරීමට කොන්ග්‍රස් අනුමැතිය අවශ්‍යය.එහෙත් විසා දීම සීමා කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට ජනධිපතිවරයාට බලය තිබේ.,
ග්‍රීන් කාඩ් ලොතරැයිය මගින් වසරකට 50000 කට පමණ ඇමරිකාවට ඇතුළු වීම සඳහා විසා ලබා දෙනු ලැබේ
විවධ රටවල මිනිසුන් ඇමරිකාවේ සිටීම යහපත් දෙයක් ලෙස සැලකීම නිසා ඇමරිකාව විසින් මෙම ලොතරැයිය 1990 දී ආරම්භ කරන ලදී
ට්‍රක් රථයක් පදවාගෙන ගොස් මිනිසුන් මැරු උස්බෙක් ජාතිකයා ISIS සංවිධානයට පක්ෂපාතිත්වය දැක්වූ අයෙකි .
නොමැරෙන ලෙස වෙඩි තබා ඇමෙරිකානු පොලිසිය ඔහු අල්ලාගත් අතර කියුබාවේ ගුවන්තානාමෝ කඳවුරට ඔහු යැවීමට ඇමරිකාව සුදානම් වේ..
Nimthera - නිම්තෙර
No comments:
Post a Comment