ඛණිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්‍රවල දිගින් දිගටම මාෆියාවක් ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තෙල් පිරිපහදුව නතර වන්නේ , තෙල් නැව පරක්කු වෙන්නේ, රටේ තෙල් අර්බුදයක් ඇතිවෙන්නේ ස්භාවිකවම ද යන්න හිතා බැලිය යුතු යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
‘ඛණිජතෙල් ක්ෂේත්‍රෙය් සහ විදුලිබල ක්ෂේත්‍රයේ හැමදාම හිඟයක් ඇති කරලා වැඩි මිලට මිලදී ගන්නවා. මේක රට දැනගතයුතුයි. මෙය රට වෙලා ගත්තු ලොකු ගැටළුවක්. මගේ කාලෙත් ඒ වගේම තෙල් හිඟයක් ඇති කරන්න කටයුතු කළා. අපි ඒක පාලනය කළා. ඒ පාලනය කළේ කොහොමද කියලා මම ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. නමුත් පාලනය කළා. ඊට පස්සේ කිසිම කෙනෙක් මගේ කාලයේදී නම් තෙල් අර්බුද ඇති කරන්න ආවේ නැහැ. යහපාලනය හොඳයි හැබැයි මුලින් පාලනය කියනදේ තියෙන්න ඕනෑ.
No comments:
Post a Comment